ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පාසල් සිසුන්ට ජනවාරි මාසයේ නිකුත් කළ වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමට එහි සාමාන්‍යාධිකාරවරයා තීරණය කර ඇති බවත් ජනවාරි 8 වැනිදා වන විට ගමනාගමන මණ්ඩලයට වසර 66ක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ මෙවන් දෙයක් සිදු කිරීම තුළින් දරුවන් දුෂ්කරතාවලට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
නිවාඩු මාසයක් වුවත් දූදරුවන්ට උපකාරක පන්ති තිබෙන බවත් මේ නව රෙගුලාසිය තුළින් සතිඅන්තයේ වාර ප්‍රවේශ පත්‍ර භාවිතය පවා තහනම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එසේම උසස් පෙළ විභාගය පවා පැවැත්වෙන මේ මොහොතේ මෙවැනි තීන්දුවක් ගැනීම වැරදි බැවින් මෙසේ අවලංගු කරන ලද වාර ප්‍රවේශ පත්‍ර වලංගු භාවයට පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පැවසීය.










