• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාල විද්‍යාවට අනුව ජවිපෙ නැග්ම සහ බැස්ම! 1968 සිට 2025 දක්වා…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

December 20, 2025
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
කාල විද්‍යාවට අනුව ජවිපෙ නැග්ම සහ බැස්ම! 1968 සිට 2025 දක්වා…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ජේ.වී.පී. එක හැමදාමත් බලවත් වෙන්නේ ගුරු ග්‍රහයා මාරුවෙන වෙලාවක. හැබැයි ඒ බලවත් වීම වැඩි කලක් තියෙන්නේ නැහැ. අවුරුදු දෙක තුනෙන් ඒ බලවත්කම නැතිවෙලා යනවා. 1971 දීත් එහෙමයි. 1987දීත් එහෙමයි. 2004දීත් එහෙමයි…’Sri Lanka Latest News

මේ, ප්‍රවීණ ජ්‍යොතිෂවේදියෙක් ග්‍රහ තාරකා වෙනස් වන හැටි ප්‍රස්ථාරයකින් පෙන්වමින් ජවිපෙ බලයට එන්නත් කලින් කී අනාවැකියකි.

ග්‍රහ තාරකාවලට අනුව ඔහු කරන විශ්ලේෂණය දේශපාලනයට අනුව විශ්ලේෂණය කරන විටදීද කියැවෙන්නේ එකම කතාවකි.

විජේවීර ජවිපෙ පටන් ගන්නේ 1965දී වුණාට ඔහු ගේමට බහින්නේ 1968දීය. විජේවීර ජවිපෙ පන්ති පහ හදලා පන්ති පහත් අරන් රට වටේ යන්නේ 1968දීය. 1968 ජවිපෙ වටා තරුණ තරුණියන් එක්රොක් වෙන්න පටන්ගන්නා කාලයකි. 1970 මහ මැතිවරණයේදී ජවිපෙ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණට සහාය පළකරමින් තරුණ තරුණියන් සංවිධාන කිරීම ජවිපෙ සිය බලය පෙන්වන පළමුවැනි අවස්ථාවයි. මැතිනියගේ ආණ්ඩුව සමාජවාදී රාජ්‍යයක් බිහිකරන බවට පොරොන්දු වී ඒ පොරොන්දුව කැඩුවා කියා 1971 ඇයගේ ආණ්ඩුවට එරෙහිව ගහන කැරැල්ල ජවිපෙ 1968 පටන්ගත් නැග්මේ කූටප්‍රාප්තියයි. ඒ කැරැල්ලෙන් ජවිපෙ ලංකාව පමණක් නොව ලෝකයම විස්මිත කළේය. කැරැල්ල අසාර්ථක විය. විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් අත්අඩංගුවට පත්විය. එතැන් සිට ජවිපෙ වැටීම ආරම්භ වෙයි. 1971 සිට 1987 තාක් වසර 16ක් ජවිපෙ යන්නේ හොම්බෙන්ය. රටක් හොල්ලපු ජවිපෙ 1982 ජනාධිපතිවරණයේදී ජවිපෙ නායක රෝහණ විජේවීර ලබාගත්තේ 4.19%ක ඡන්ද ප්‍රතිශතයකි.

හරියටම වසර 17කට පසුව ජවිපෙ යළි සංවිධාන වන්නේ ජේ.ආර්. ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සමග අස්සන් කරන ඉන්දු-ලංකා ගිවිසුමෙනි. ජේ.ආර්. රට පාවාදුන්නා කියා ජවිපෙ රට පුරා ඉන්දීය විරෝධයක් හදා ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් ගහන්නේ හයෙන් පහක බලයක් හිමි ජේ.ආර්.ගේ ආණ්ඩුව අන්ද මන්ද කරවමිනි. ඒ කාලේ මිනිස්සු ජවිපෙ කියන අකුරු තුනටත් බයවිය. රට පාලනය කළේ ජේ.ආර්. නොව ජවිපෙ තුණ්ඩු කෑල්ලෙනි. 1987 අග භාගයේ ජවිපෙ සංවිධාන වුවද ජවිපෙ ටී56 තුවක්කුවෙන් යළි නැගිටින්නේ 1988දීය. 1987 සංවිධාන වී 1988 තුණ්ඩු කෑල්ලෙන් රට පාලනය කරපු ජවිපෙ මහා පිම්මේ ප්‍රතිඵලය 1988 ජනාධිපතිවරණයේදී ජවිපෙ දියත් කළ ඡන්ද වර්ජනයෙන් ප්‍රේමදාස ජනාධිපති වීමය. ඒ කූටප්‍රාප්තියට පසු 1989න් පටන් ගන්නේ ජවිපෙ වැටීමය. 1990 වනවිට ජවිපෙ නායකයා ඇතුළු දේශපාලන මණ්ඩලයම ඝාතනය වී ජවිපෙ අළු ගොඩක් බවට පත්වේ.

1993 ජවිපෙ පක්ෂ තහනම ඉවත් කරවාගෙන 2000 මහ ඡන්දයෙන් ප්‍රමාණවත් මන්ත්‍රී නියෝජනයක් ලබාගෙන ජවිපෙ හෙමින් හෙමින් අළු මතින් නැගිටින්නට උත්සාහ දැරුවත් ජවිපෙ අළු ගසාදමා නැගිටින්නේ 2002දීය. ඒ රනිල් සහ ප්‍රභාකරන්ගේ සටන් විරාම ගිවිසුමට එරෙහිවය. 2004දී ශ්‍රීලනිපය සමග සන්ධානගතවී ශ්‍රීලනිපයේ බලය අල්ලන ජවිපෙ ඒ නැගිටීමේ කූටප්‍රාප්තිය සනිටුහන් කරන්නේ 2005 ජනාධිපතිවරණයේදී රනිල්ව පරාජය කොට මහින්දව ජනාධිපති කිරීමෙනි. 2002 පටන්ගත් නැගිටීමෙන් ජවිපෙ පැනපු ලොකුම පිම්ම 2005 ජනාධිපතිවරණයය. ජවිපෙ සහාය ගන්නා ඕනෑම පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් පරද්දන්න බැහැ කියන මතය ජනගත වෙන්නේ 2005දීය. හැබැයි ජවිපෙ වැටෙන්න පටන් ගන්නේත් 2005 මහින්දගේ ජයග්‍රහණයෙන්ය. 2007දී මහින්දගේ 2008 අයවැයට එරෙහිව ඡන්දය දෙන්න ගොස් මහින්ද ජවිපෙ දෙකට තුනට කඩලා විනාශ කරනු ලැබීය.

2008 ජවිපෙ දෙකට තුනට කැඩී විනාශ වීමෙන් හරියටම වසර 16කට පසු ජවිපෙ ආණ්ඩු බලය ලබාගැනීමේ හීනය සැබෑ කරගන්නේ 2024දීය. එයට කලින් ජවිපෙ නැගිටින්නේ 2022 අරගලයෙන්ය. අරගලයට ජවිපෙ සම්බන්ධයක් නොතිබුණත් ජවිපෙ අතරමගදී අරගලය හයිජැක් කරන්නේ රනිල් ජනාධිපති වූ විටදීය. රනිල් ජනාධිපති නොවී සර්ව පාක්ෂික ජනාධිපතිවරයෙක් පත්වුණා නම් ජවිපෙට අරගලය හයිජැක් කරන්න ලැබෙන්නේ නැත. 2022 නැගිටින ජවිපෙ කූටප්‍රාප්තිය 2024 ජනාධිපති පුටුව හිමිකරගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමය.

1971 මෙන්, 1988 මෙන්, 2005 මෙන් දැන් ජවිපෙ කූටප්‍රාප්තියට පත්ව අවසන්ය. හැබැයි 71, 88, 2005 කූටප්‍රාප්තියට පසු ජවිපෙ වැටෙන්න පටන් ගත්තනේ…?

කතාව ඇත්තය. 1971 ජවිපෙ කූටප්‍රාප්තිය නැතිනම් මහා පිම්මය. ඒ, 1968 පටන්ගත් නැගිටීමේ අවසාන විජයග්‍රහණයය. ජවිපෙ විනාශ වන්නේ ඒ විජයග්‍රහණයෙන්ය.

1988 ජවිපෙ ඊළඟ පිම්මය. ඒ පිම්ම ජනාධිපතිවරණයේදී ජවිපෙට ඕනා අපේක්ෂකයා ඡන්ද වර්ජනයකින් පරාජය කිරීමය. එතැන් සිට ජවිපෙ වැටෙන්නේ ඒ මහා පිම්මෙන්ය.

2005 ජවිපෙ තෙවැනි මහා පිම්මය. හැබැයි ඒ මහා පිම්මෙන් ජවිපෙ දිනවූ අපේක්ෂකයාව ජවිපෙ දෙකට තුනට කඩලා විනාශ කරනු ලැබීය. ඒ සඳහා ගියේ වසර දෙකකි.

2024 ජවිපෙ හතරවැනි මහා පිම්ම නොව මහා වික්‍රමයය. හරියටම වසරක් පිරෙන විට ආ මහා සුළි කුණාටුවකින් ජවිපෙ බය බිරාන්ත වී සිටී. ජවිපෙ හතර වැනි කූටප්‍රාප්තිය 2024 වුණාට ජවිපෙ නැගිට්ටේ 2022දීය. ජවිපෙ කාල විද්‍යාවට අනුව නම් මේ ජවිපෙ වැටෙන කාලයය.

ජවිපෙ මේ මහා පිම්ම පනින්න නැගිටින්නේත් හරියටම වසර 16කට 17කට පසුවය.

1971ට පසු ජවිපෙ මහා පිම්ම පනින්නේ වසර 17කට පසු 1988දීය.

1988 මහා පිම්මට පසු වසර 17කට පසු ජවිපෙ යළි මහා පිම්මක් පනින්නේ 2005දීය.

2005න් හරියටම වසර 17කට පසු ජවිපෙ යළි හිස ඔසවන්නේ 2022 අරගලයෙන්ය.

‘ඒ කියන්නේ මේ පාර වැටුණොත් තව වසර 17කට ජවිපෙට යළි හිස ඔසවන්න බැරිද…?’

ඒක කියන්න දන්නේ නැත. හැබැයි ජවිපෙ තමන්ගේ වීර වික්‍රමය කියලා හිතන ජයග්‍රහණයම ජවිපෙ විනාශය කැඳවන පාරාවළල්ල වේ.

1971 කැරැල්ල ජවිපෙ විනාශය කැඳවීය.

1988 ප්‍රේමදාස ජනාධිපති කිරීම ජවිපෙ විනාශය කැඳවීය.

2005 මහින්ද ජනාධිපති කිරීම ජවිපෙ විනාශය කැඳවීය.

2024 ජනාධිපති මන්දිරයට අඩිය තැබීමම ජවිපෙ විනාශය කැඳවයිද කියා දැනගන්න 2026 තීරණාත්මකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දැනෙන දෙයක් කරන්න පුළුවන් දේවල් මට විශේෂයි…! අම්මෝ ඒ ගැන කතා කරලා වැඩක් නැහැ…! ලෝචනා ඉසුරින්දි I Sri Lanka Latest News

Next Post

කාගේ හෙණයක්ද වැදුණේ… ! කැලණි ගඟේ දිය කිඳුරියට මොකද වුණේ…? Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.