• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ හතේ විසල් නිවසක තනිව විසූ විශ්‍රාමික සංගීත ගුරුවරිය ඝාතනය කරලා! නිවසින් බඩු කීපයක් අතුරුදන්! දේපොළ ගැනත් සැකයක්! Sri Lanka Latest News

December 20, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

කොළඹ 07 විජේරාම පාරේ නිවසක තනිවම ජීවත් වූ 75 හැවිරිදි සංගීත ගුරුවරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එය ගෙල සිරකර සිදුකළ ඝාතනයක් බවට සැලකිය හැකි ලක්ෂණ  හඳුනා ගැනීමත් සමග ඝාතනය සම්බන්ධව විවෘත තින්දුවක් ලබා දුන් අධිකරණ වෛද්‍ය නිලධාරියා  සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර  තිබේ. (Sri Lanka Latest News)

මෙසේ සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යොමුකර ඇයගේ මරණය සිදුව ඇති ආකාරය ගැන තවදුරටත් විද්‍යාගාර විමර්ශනයක් ඔස්සේ කරුණු තහවුරු කර ගැනීමට බව එම නිලධාරියා ප්‍රකාශ කර ඇත.

මේ තත්ත්වය මත පොලිසිය මෙම මරණය ඝාතනයක් ලෙස සලකා ඉදිරි විමර්ශන පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් කරනු ලබන විමර්ශනවලට අමතරව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙසේ අබිරහස් ලෙස මරණයට පත්ව සිටින්නේ මිත්‍රානි ප්‍රනාන්දු ස්මිත් නමැති විශ්‍රාමික ගුරුවරියකි. ඇය කොලොන්නේ පදිංචිකාරියක් බවත් විවාහයෙන් පසු සැමියා සමඟ මෙම නිවසේ පදිංචියට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

ව්‍යාපාරිකයෙක් වන සැමියා වසර දෙකකට පමණ පෙර මියයාමෙන් පසු මෙම නිවසේ ඇය තනිවම ජීවත්ව ඇතැයි පොලිසිය කියයි. ඇගේ මරණය සිදුව ඇත්තේ පසුගිය 15 වැනිදාය.

15 වැනිදා සවස් කාලයේ සිට ඇගේ නිවසේ දොරගුළු තිබී ඇත්තේ විවෘතවය. ඇයගේ  බාල සහෝදරයාගේ   පුතා ඔහුගේ මෝටර් රථය නවතා තබන්නේ මෙම නි‍වෙස පිහිටි ගෙවත්තේ බව පොලිසිය කියයි. වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන ඔහු පදිංචිව සිටින්නේ  මොරටුවේය. ඇගේ නිවසේ දොර ජනේල් විවෘත කර විදුලියද විසන්ධිව ඇති බව 119 හරහා පොලිසිය දැනුම්වත් කර ඇත්තේ ගුරුවරියගේ මෙම ඤාති පුතාය.

එම පණිවුඩයට අනුව කුරුඳුවත්ත පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී ඇගේ සිරුර නිවසේ බිම මුණින් අතට වැටී තිබී හමුවී ඇත. වහාම ක්‍රියාක්මක වූ පොලිසිය එම ස්ථානයට 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ගෙන්වාගෙන තිබේ. එහිදී අනාවරණ්‍ය වී ඇත්තේ  ඇය මියගොස් සිටින බවය.

පොලිසිය පවසනුයේ ඇය බිම වැටී සිටි ස්ථානයේ ලේ පැල්ලම් කිහිපයක්ද තිබුණු බවය. ඒ මුවින් සහ පපු ප්‍රදේශය ආශ්‍රිතවය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනී ගොස් ඇති ආකාරයට අනුව පපු ප්‍රදේශයේ තුවාල කිසිවක් තිබී නැත. මුවින් පිටවූ රුධිරය පපු ප්‍රදේශයට ගලාගෙන ගොස් ඇති බව අනුමාන කෙරේ.

ඇයව කිසියම් අයෙක් ගෙල සිර කර ඝාතනය කර එය විදුලි සැර වැදීමකින් සිදු වූ මරණයක් බව පෙන්වීමට උත්සාහ දරා තිබේ දැයි සැකයක්ද මේ වන විට මතුව තිබේ.

ඒ ඇය මියගොස් වැටී සිටි ස්ථානයේ පොළොව ඔප දමන යන්ත්‍රයක් තිබීමත් එහි වයරය පළුදූ වී තිබීමත් නිවසේ ට්‍රිප් ස්විචය අක්‍රිය වී තිබීමත් හේතුවෙනි. ඇගේ සිරුර හමුවන විට මුළුතැන්ගෙයි තිබී සෝදා පිරිසිදු නොකළ තේ කෝප්ප තුනක්ද පොලිසියට හමුවී තිබිණි. එම එක් තේ කෝප්පයක තේ තිබී ඇත්තේ අඩක් ඉතිරිවය. එම තේ කෝප්පවල තිබී ඇඟිලි සලකුණු කිහිපයක් ද පොලිසියට හමුවී ඇත.

ඒ හැරුණු කොට රොටි 09ක් ද තිබී හමුවූ බව පොලිසිය කියයි. එම රොටි සකස් සර ඇත්තේ මෙම ගුරුවරිය බව මේ වන විට අනාවරණය වී ඇත. රෝටි සකස් කර ඇත්තේ ගෑස් ළිපේ තබාය. එහෙත් එම ළිප පත්තු කිරීමට අවශ්‍ය ගෑස් සිලින්ඩරය ඇගේ මරණයත් සමඟ අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.

මේ හැරුණු කොට නිවසේ තිබුණු ලැප්ටොප් එකක් සහ ඇය පරිහරණය කළ ජංගම දුරකතනය ද අස්ථානගතව ඇති බව පොලිසිය කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

ඒ හැරුණු කොට මෙම නිවසේ කිසිදු දේපොළක් සොරාගැනීමට ලක්ව ඇති බවට සාධක නොමැති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

සැබෑ ලෙසම සොරෙක් මෙම නිවසට ඇතුළු වී මෙම දේවල් සොරාගත්තේද නැතිනම් සොරකමක් සිදුවී ඇතැයි පෙන්වා ඇයව සැලසුම්සහගතව මරා දැමුවේ දැයි යන්න ගැන පවා විමර්ශන කණ්ඩායම් සිය අවධානය යොමු කරමින් පරීක්ෂණ පවත්වන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මියගොස් සිටින ගුරුවරිය පියානෝ වාදනය සම්බන්ධයෙන් දක්ෂ ගුරුවරියක් බව ද විමර්ශනවලින් හෙළි වී ඇත. ඇගෙන් සංගීතය ඉගෙනුමට පැමිණෙන ළමුන් හඳුනාගෙන ඒ අයගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි. ඒ හැරුණු කොට මෙම නිවස අවට නිවෙස්වල ඇති ආරක්ෂක කැමරා දර්ශන ද පරීක්ෂා කරමින් සැකකටයුතු පුද්ගලයින් නිරීක්ෂණය කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබුණි.

මේ හැරුණු කොට මෙම කාන්තාව ජීවත්වූ නිවසේ අයිතිය හා ඊට උරුමකම් කියන පිරිස් සිටී දැයි සොයාද විමර්ශන පවත්වන බවත් එම විමර්ශන පවත්වනුයේ මෙම මරණය තවමත් අබිරහසක්ව පවතින බැවින් සෑම පැතිකඩක් ගැනම සොයා බැලිය යුතු යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

lankasara

SendShareShare
Previous Post

ඊයේ පොලිස් වාර්තාව මෙන්න! 2296ක් අල්ලයි! 14කගේ වත්කම් හොයයි! 184ක් පුනරුත්ථාපනයට! මත්ද්‍රව්‍යත් අල්ලලා! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල ගැන ඕමල්පේ සෝභිත හිමියන්ට සැකයක්! කුඩු අල්ලන්න කලින් ලොකුවට ප්‍රචාරය දුන්නා! ලොක්කො ඔක්කොම හැංගුණා! දැන් අල්ලන්නෙ හාල්මැස්සො! ‌සොක්කො අල්ලන්න ඉස්සෙල්ලා ලොක්කො අල්ලලා ඉන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.