දීප ව්‍යාප්තව දියත් කළ මෙහෙයුම්වලින් ගත වූ පැය 24 තුළ සැකකරුවන් 2,296ක් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
මෙම කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 170ක්, ගංජා කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 600ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 648ක්, ඈෂ් කිලෝග්‍රෑම් 73ක්, හෂිෂ් ග්‍රෑම් 253ක්, මාවා කිලෝග්‍රෑම් 46යි ග්‍රෑම් 285ක්, කුෂ් ග්‍රෑම් 90ක්, තුල් ග්‍රෑම් 831ක්, ගංජා පැල 1,26,060ක් සහ මත්පෙති 19,507ක් මෙසේ සොයාගත් බව පොලිසිය පවසයි.
මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,296 දෙනා අතරින් සැකකරුවන් 109 දෙනකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ විමර්ශනය සිදුකරනු ලබයි.
මීට අමතරව සැකකරුවන් 14 දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුද්ගලයන් 184 දෙනකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 218 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.