• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්නන් එලියගේ විමසුම් ඔක්කොම පට්ටපල් බොරු වෙයි! මුලු ජාත්‍යන්තරයම පිළිගන්න ඇත්ත මත විමසුමේ ප්‍රතිපල දැන් පිටවුණා! සජබ 39%යි! ජාජබ 20%යි! පොහොට්ටුව 9%යි! එජාපය 5%යි! ශ්‍රීලනිපය 5%යි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

March 17, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

මත විමසුමේ බොරුව

පසුගිය කාලයේදී මෙරට දේශපාලනය පමණක් නොව ජාත්‍යන්තර දේශපාලනය පවා කලඹාලූ ආචාර්ය රවි රන්නන් එලිය නමැත්තකු විසින් සිදුකරනු ලැබූ මත විමසුමක් පිළිබඳ අවස්ථා කිහිපයකදීම අපි මෙම තීරය ඔස්සේ වරින් වර තොරතුරු වාර්තා කළෙමු. එහිදී අප කියා සිටියේ මෙරට දේශපාලනය පිළිබඳ හාංකවිසියක් හෝ නොදන්නා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මත විමසුම් සිදුකළ අයකු ලෙස සැලකෙන මේ රන්නන් එලිය නමැත්තා දුරකතන මාර්ගවලින් තෝරාගත් 500 දෙනකුට කතා කොට මත විමසුමක් සිදුකොට ඇති බවත්, ඒ හරහා මෙරට දේශපාලන පක්ෂවලට ඉදිරි ජනාධිපතිවරණයේදී ලැබෙනු ඇති බවට උපකල්පනය කර ඇති ඡන්ද ප්‍රතිශතයන් ගණනාවක් ප්‍රකාශ කර ඇති බවත්ය. එහිදී පළමු මත විමසුමෙන් රන්නන් එලිය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට 39%ක ඉහළ ප්‍රතිශතයක් ලබාදී තිබූ අතර සමගි ජන බලවේගයට 27%කුත්, එජාපයට 10%කුත් ලබා දීමට පියවර ගෙන තිබිණ. ඒ හරහා රන්නන් එළිය ජවිපෙ පරාජය කිරීමට නම් සජබය සහ එජාපය එක්විය යුතු බවට මතයක් නිර්මාණය කොට තිබිණි. ඊට එකල ආණ්ඩුව පැත්තෙන් දැවැන්ත ප්‍රචාරයක් ලබාදී තිබූ අතර, මෙරට ප්‍රවීණ දේශපාලන විචාරකයන් යැයි කියාගන්නා බොහොමයක් දෙනා මේ රන්නන් එලිය කවුද, ඔහු කරන්නේ මොනවාද යන්න පිළිබඳ කිසිදු සොයාබැලීමක් නොමැතිව මෙම මතවිමසුමේ තිබූ තොරතුරු තමන්ගේ දේශපාලන ලිපිවලට යොදාගෙන මහා පල් හෑලි ලියූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News

එමෙන්ම පුදුමයට කාරණාව වන්නේ ‘ද හින්දු’, ‘එන්.ඩී.ටී.වී.’ වැනි ප්‍රධාන පෙළේ ඉන්දීය මාධ්‍ය නාලිකා පවා රන්නන් එලිය නමැත්තා විසින් සිදුකරනු ලැබූ මෙම මත විමසුමේ තොරතුරු උපුටාගෙන සිය මාධ්‍යයන්හි පළකිරීමට පියවර ගෙන තිබීමය. ඒ අනුව, සියල්ලන්ම රන්නන් එලිය පිළිබඳ සොයා නොබලා ඔහුගේ මත විමසුමේ තොරතුරුවලට ප්‍රසිද්ධියක් දෙද්දී ‘රාජ්‍ය රහස්’ තීරය මේ රන්නන් එලිය කවුරුන්ද යන්න පිළිබඳ සොයා බැලීමක නිරත විය. එහිදී රන්නන් එලියගේ තොරතුරු රටට අනාවරණය කරමින් අප පෙන්වා දුන්නේ මෙය මතවිමසුම සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරු මත පදනම්ව යම් දේශපාලන අරමුණක් ඉටුකර ගැනීම පෙරදැරිව නිර්මාණය කරන ලද එකක් බවය. තවදුරටත් අප පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය විසින් රන්නන් එලිය නමැත්තා හසුරුවන බවත්, ජවිපෙ ඉහළට පැමිණ ඇති බව රටටත්, විපක්ෂයටත් පෙන්වා ඒ හරහා ජවිපෙ පරාජය කිරීමට නම් එජාපය සහ සජබය එකතු විය යුතු බවට වූ මතවාදය රට ඇතුළේත්, සජබය ඇතුළේත් පැලකිරීම සඳහා මෙම උපායමාර්ගය යොදාගෙන ඇති බවත්ය.Sri Lanka Latest News

ටිල්විනුත් ගත්තා

කෙසේ වෙතත් අප එම අනාවරණය කිරීමෙන් පසු 37%ක ප්‍රතිශතයක් තිබූ ජවිපෙ අනුරව එක් වරම 51% දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ රන්නන් එලිය, ඉන් අනතුරුව මත විමසුම් සිදුකිරීම තාවකාලිකව නවතා දැමූ බවක් දැකගන්නට ලැබිණි. ඒ අවස්ථාවේදී දේශපාලන වාසිය තකා දේශපාලන පරිණතභාවයක් ඇති අයකු ලෙස සැලකෙන ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවා රන්නන් එලියගේ මෙම මත විමසුම්වල ප්‍රතිඵල දේශපාලන වේදිකාවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ආකාරයක් දැකගත හැකි විය.

නියම මතවිමසුම එළියට ආවා

මැතිවරණ ආසන්න වෙද්දී මෙවැනි හතු පිපෙනවාක් මෙන් මාධ්‍ය වෙත නිකුත් කරනු ලබන මත විමසුම් කොතෙක් තිබුණද, ඉතා නිවැරැදිව, පිළිගත හැකි ආකාරයට, ඉහළ නිරවiතාවකින් යුතුව සිදුකරනු ලබන මත විමසුම්ද නැතුවා නොවේ. බොහෝ විට බුද්ධි අංශ සහ තානාපති කාර්යාල මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මත විමසුම් සඳහාම වෙන්වූ ආයතනද මේ ආකාරයට මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් යම් පුරෝකථන කොට මත විමසුම් සිදුකරන ආකාරයක් දැකගත හැකිය. ඒවා රන්නන් එලිය සිදුකළ ආකාරයේ 100කට 200කට දුරකතන ඇමතුම් ලබාදී සිදුකරන ඒවා නොව, පළාත් වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන්, නගර වශයෙන්, ස්ත්‍රී පුරුෂ වශයෙන්, බාල, මහලු, තරුණ වශයෙන්, රැකියා යනාදී වශයෙන් සියලු කුලකයන් ආවරණය වන ආකාරයට 5000 ඉක්මවා යන ආකාරයේ නියැදියක් තෝරාගෙන සිදුකරන මත විමසුම් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රකටය. මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් පළමු වරට හෙළිදරව් කිරීමට යන්නේ ඒ ආකාරයේ ඉතා වගකීමකින් යුතුව ජාත්‍යන්තර මට්ටමේ ආයතනයක් විසින් සිදුකරනු ලැබූ විශේෂ මත විමසුමක තොරතුරු පිළිබඳවය. මෙම මත විමසුමේ සම්පූර්ණ තොරතුරු මේ වන තෙක් ප්‍රසිද්ධියට පත්කර නැතත්, එහි සංක්ෂිප්තයක් පසුගිය සඳුදා දිනයේදී මෙරට විවිධ පාර්ශ්ව අතට පත්වී තිබිණි. එම තොරතුර ආණ්ඩුවේ ඉහළම තැන්වලට පමණක් නොව, තානාපති කාර්යාලවලටද, විපක්ෂයේ දේශපාලනඥයන් කිහිප දෙනකු අතටද පත්ව තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහි අවසන් වාර්තාව තවමත් ‘රාජ්‍ය රහස්’ තීරයට ලැබී නොමැති වීම හේතුවෙන් එය අප විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකරන නමුත්, එහි සංක්ෂිප්ත තොරතුරු පිළිබඳ ඉතා වගකීමෙන් යුතුව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මෙරට පාඨකයන්ගේ දැනගැනීම සඳහා පළකිරීමට මෙවර අප සූදානම්ය.

සජිත් ඉදිරියෙන්

ඒ අනුව මෙම මත විමසුමෙන් ඉතා පැහැදිලි ලෙසම අනාවරණ කොට ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබයට 39%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවන බවත්, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට 20%කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් හිමිවන බවත්ය. පසුගිය වතාවේ පැවැති ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක ජනවරමක් ලබාගත් පොහොට්ටුවට මෙවර මැතිවරණයේදී හිමිවන්නේ 9%ක් බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයට හිමිවන්නේ 5%ක් පමණක් බවත්, තවත් අපේක්ෂකයන් කිහිප දෙනකුට 1%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් හිමිවන බවත් එම මත විමසුමෙන් අනාවරණ කොට තිබේ. මීට අමතරව එහි දැකගන්නට ඇති සුවිශේෂම කාරණය වන්නේ 24%ක ප්‍රතිශතයක් තවමත් සිය ඡන්දය ලබාදෙන්නේ කවරෙකුටද යන්න පිළිබඳ අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත්, කිසිදු අපේක්ෂකයකු තවමත් 50% සීමාව ඉක්මවා ගොස් නොමැති බවත්ය.

මෙම ප්‍රකට ආයතනය මෙකී මතවිමසුම සිදු කොට ඇත්තේ උතුරු නැගෙනහිර දෙපළාත නොමැතිවය. උතුරේ ඡන්දය පසෙකින් තබා නැගෙනහිර පළාත පිළිබඳව කතා කළහොත් එහි බලය හිමි රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන දෙදෙනාම මේ වනවිට සිටින්නේ සජිත් සමගය. එම ඡන්ද ප්‍රතිශතය සහ උතුරේ යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් සජිත්ට පහසුවෙන්ම 50% ඉක්මවා යන ඡන්ද ප්‍රතිශයක් ගත හැකි බව මෙම ප්‍රතිපලයෙන් පැහැදිලිවම දැකගන්නට ඇති කාරණාවය.

මේ මත විමසුමට අනුව ඉතා පැහැදිලිව පෙනී යන්නේ දැනට ඇති තත්ත්වය යටතේ සජිත් සියල්ලන් අභිභවා පැහැදිලිවම ඉදිරියෙන් සිටින බවය. තවමත් මෙම මත විමසුමේ අවසන් නිල ප්‍රකාශය ප්‍රසිද්ධ කර නොමැති බැවින්, අප එහි නිල තොරතුරු ඉදිරිපත් නොකරන බවත්, එම මත විමසුම නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීමෙන් පසු සියල්ලන්ටම පළමුව අප එය ‘මව්රට’ ඔස්සේ රටට දැනුම් දීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් කළ යුතුව ඇත. ඒ අනුව පසුගිය සඳුදා වන විටම මෙම මත විමසුමේ ඇති තොරතුරු සියලු තානාපති කාර්යාලවල ස්ථාපිත කර ඇති දේශපාලන අංශවලට ලැබී තිබුණු බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

පැනිලි ඇරඹේ

මීට අමතරව පසුගිය කාලයේදී ප්‍රබල රටවල් දෙකක තානාපති කාර්යාල මගින්ද මේ ආකාරයේම දීපව්‍යාප්ත මත විමසුමක් සිදුකර තිබූ අතර, එමගින් ලැබුණු ප්‍රතිඵල සහ මෙම ස්වාධීන ආයතනය සිදුකර තිබූ මත විමසුමේ ප්‍රතිඵල බොහෝ සමපාත බවක් දැකගන්නට පුළුවන. ඒ අනුව ඉදිරි කාලසීමාවේදී ප්‍රධාන පක්ෂවල පිල් මාරුවීම් ඇතුළු ප්‍රබල වෙනස්කම් රැසක් සිදුවන ආකාරයක් දැකගැනීමට සියල්ලන්ටම හැකිවනු ඇත.

රනිලුත් හිටියේ මේක බලාගෙන

අප මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අවස්ථා කිහිපයකදීම වාර්තා කර සිටියේ ජනාධිපතිවරයා විසින්ද තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා එක්තරා මත විමසුමක ප්‍රතිඵල ප්‍රකාශයට පත්වන තෙක් සිටින බවත්, ඒ අනුව මාර්තු අවසානයේදී හෝ අප්‍රේල් මුල සතියේදී සිය තීරණය ප්‍රකාශයට පත්කිරීමට සූදානමින් සිටින බවත්ය. අප ඒ අවස්ථාවේදී නම්ගම් නොකියා කියා සිටියේද ඉහත සඳහන් පිළිගත් ආයතනය මගින් සිදුකරනු ලබන මත විමසුමේ ප්‍රතිඵලය පිටවන තෙක් ජනාධිපතිවරයා කල් මරමින් සිටි බවකි. ජනාධිපතිවරයා මෙම ආයතනයේ මත විමසුම් ප්‍රතිඵල පිළිබඳ 100%ක් විශ්වාස කරන අයකු ලෙස ඉතිහාසයේ සිටම ප්‍රකටය. පසුගිය කාලයේ රනිල් දේශපාලන තීන්දු රැසක්ම ගෙන තිබුණේ මෙම ආයතනය මගින් සිදු කර තිබූ මතවිමසුම්වල අවසන් ප්‍රතිපල බලාය. එය හොඳහැටි වටහාගත හැකි උදාහරණ කිහිපයක්ද රනිල්ගේ මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ දැකගන්නට තිබේ. එක් උදාහරණයක් වන්නේ 2019 පැවැති ජනාධිපතිවරණයය. එය එක්සත් ජාතික පක්ෂයටත්, පොහොට්ටුවටත් ඉතා තීරණාත්මක එකක් වීම හේතුකොට ගෙන තම තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙකම මෙම ආයතනය මගින් සිදුකරන මත විමසුමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන තෙක් කල් මරමින් සිටියේය. ඒ අවස්ථාවේදී එජාපයෙන් අපේක්ෂකත්වයට ඉදිරිපත් වීම සඳහා රනිල්, කරු, සජිත් යන තිදෙනාම සූදානමින් සිටි අතර, පොහොට්ටුවෙන් අපේක්ෂකත්වයට ඉදිරිපත් වීමට බැසිල්, ගෝඨා ඇතුළු කිහිප දෙනෙක්ද සූදානමින් සිටියහ.

සජිත් එදත් ඉදිරියෙන්

එහිදී මෙම මත විමසුමෙන් අනාවරණ කර තිබුණේ රනිල් එජාප අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් 7%ක් වැනි ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්, කරු ඉදිරිපත් වුවහොත් 3%ක් වැනි ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්ය. නමුත් සජිත් ඉදිරිපත් වුවහොත් 33%ක ප්‍රතිශතයක් ලබාගනු ඇති බවද එම මත විමසුමෙන් අනාවරණ කර තිබිණි. ඒ සමගම පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය ඉදිරිපත් වුවහොත් 31%ක ප්‍රතිශතයක් ලබාගනු ඇති බවද එම මත විමසුමෙන් අනාවරණ කර තිබිණි.

ඒ අනුව මෙම මත විමසුමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමග එජාපය ඇතුළෙන් විශාල බලපෑමක් එල්ල වූයේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සජිත්ව නම්කළ යුතු යැයි කියාය. අවසානයේදී රනිල්ටද සිදුවූයේ මෙම මත විමසුමට හිස නමා අකැමැත්තෙන් හෝ සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමටය. මහින්දටද ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට සිදුවිය. මෙම මත විමසුම පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙරාතුව සිදුකොට තිබූ එකක් බැවින් ඒ වන විටත් සජිත් සිටියේ ගෝඨාභයට වඩා 2%ක් ඉදිරියෙනි. සජිත්ගේ එම ඡන්ද ගොඩට උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද එකතු වූ විට පහසුවෙන්ම එම ප්‍රතිශතය 50% ඉක්මවා යෑමට අවස්ථාව ඇති බව පැහැදිලිවම පෙනිණි. නමුත් සියල්ල කනපිට පෙරලුණේ පාස්කු ප්‍රහාරය සිදුවීමත් සමගය. ඉන් අනතුරුව ආරක්ෂාව සම්බන්ධ කාරණය ඉස්මතු කරමින් පොහොට්ටුව හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කිරීමත් සමග සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ඔහුට ලැබුණු ආකාරයක් දැකගත හැකි විය. අනෙක් අතට 2019දී එම ආයතනය ප්‍රකාශයට පත්කළ මත විමසුමේ ජවිපෙ ගනු ඇති බවට අනුමාන කර තිබුණේ 4%ක ඡන්ද ප්‍රතිශතයකි.

රවිවත් අයින් කළා

ඒ, එක් උදාහරණයකි. මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප මෙම ආයතනය මගින් සිදුකරනු ලබන මත විමසුම පිළිබඳ රනිල් කෙතරම් විශ්වාසය තබා සිටිනවාද යන්න පිළිබඳ කියැවෙන තවත් උදාහරණයක් පළමු වතාවට හෙළිදරව් කිරීමට සූදානම්ය. ඒ, 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු සිදුවූ ප්‍රධාන සිදුවීමක් මුල් කරගෙනය. එහිදී මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවීමෙන් පසු රට ඇතුළේ ඊට එරෙහිව විශාල මතවාදයක් ගොඩනැගීමට පොහොට්ටුව ප්‍රධාන විපක්ෂය කටයුතු කොට තිබිණි. එහිදී පොහොට්ටුව දැඩිව කියා සිටියේ එවක අගමැතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහත්, මුදල් ඇමැති රවි කරුණානායක ඇතුළු පිරිසක් ඊට වගකිව යුතු යැයි කියාය. ඒ අනුව බලාගෙන සිටියදීම වාගේ යහපාලන ආණ්ඩුවට රට ඇතුළේ තිබූ ජනප්‍රසාදය කඩාගෙන වැටෙන ආකාරයක් දැකගන්නට ලැබිණි.

ඒ අවස්ථාවේදී රනිල් ආණ්ඩුවේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ කියන ප්‍රධාන සමාගමට මත විමසුමක් සිදුකිරීමට භාරදී තිබිණි. එහි ප්‍රතිඵලවලින් කියා තිබුණේ ආණ්ඩුවට එරෙහිව ඇති විරෝධය යම් තරමකින් හෝ සමනය කරගැනීමට නම් රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවකි. ඒ අනුව, අගමැති රනිල්ද අවසානයේදී රවිව මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවේ එම මත විමසුමේ ප්‍රතිඵලයට අනුවය.

රනිල්ගේ තීන්දුව

ඒ අනුව ජනාධිපතිවරයා බොහෝ විශ්වාසය තබා ඇති ආයතනයක් මගින් ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ කර ඇති මෙම මත විමසුමේ ප්‍රතිඵලය මේ වනවිට ජනාධිපතිවරයාගේ අතට ලැබී ඇතිවාට කිසිදු සැකයක් නැත. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරි සති කිහිපය ඇතුළත තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද, එසේත් නැත්නම් වෙනත් දේශපාලන තීන්දුවක් ගන්නවාද යන්න ප්‍රකාශයට පත්කරනු ඇත.

අනෙක් අතට මෙම මත විමසුම මගින් හෙළිදරව් කර ඇති ලොකුම තොරතුර වන්නේ පොහොට්ටුවේ සිදුව ඇති කඩාවැටීමය. පසුගිය ජනාධිපතිවරණයේදී 52%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ පොහොට්ටුවට මෙවර හිමිවනු ඇති බවට මත විමසුමෙන් අනාවරණ කර ඇත්තේ 7%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ඒ අනුව පොහොට්ටුවද ඉදිරි සති කිහිපය ඇතුළත දේශපාලන තීන්දු රැසක් ගැනීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

පවුලක්ම මරපු ෆෙබ්රියෝ ද සොයිසාට මරණ දඬුවම ලැබෙයිද? කැනඩාවේ 65% ඉල්ලන දඬුවම මොකක්ද? මෙතැනින් එහාට වෙන්න යන්නෙ මොනවද? Sri Lanka Latest News

Next Post

ජාත්‍යන්තර පාරිභෝගික දවසේත් රටේ පොදුජනතාව හාමතේ! දූදරුවන්ට හරිහැටි තුන්වේල කාලා ජීවත් වෙන්න බැරි යුගයක් නිර්මාණය වෙලා‍! රටේ ජනතාව ආණ්ඩුවට සාප කරනවා! රටේ කිසිම කෙනෙක්ට බඩගින්නේ ඉන්න අපි ඉඩ තියන්නේ නෑ! PHOTOS I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.