• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ගෝඨාව සල්ලම් කළ ආගම් සෙල්ලම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය  I Sri Lanka Latest News

June 3, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
ගෝඨාව සල්ලම් කළ ආගම් සෙල්ලම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2020 මහ ඡන්ද කැම්පේන් එක පටන්ගන්න කලින් කොවිඩ් රැලි පිට රැලි යන කාලයේ මුස්ලිම් නායකයෙක් රාජපක්ෂවරයෙක් හමුවිය.

‘සර්, අපේ වයසක අම්මලා තාත්තලා පුච්චනවාට බයේ මැරෙන්න එපා කිය කියා ළතෝනි දෙනවා…’ ඔහු කීවේය.

‘ඔයගොල්ලන්ගේ මුස්ලිම් කට්ටියට බැරිද ඔය කොවිඩ්වලට බේතක් හොයාගන්න? එතකොට මැරෙන්නෙ නෑනේ…’

රාජපක්ෂවරයා කීවේ උපහාසයට මෙන්ය. ඒ වෙනකොටත් 2020 මහ ඡන්දයේ කැම්පේන් එකේ ප්‍රධාන තීම් එකක් ලෙස කොවිඩ් මුස්ලිම් මරණ ආදාහනය තෝරාගෙන තිබිණි. ඊට අමතරව රිෂාඩ් බදුර්දීන්ද ප්‍රධාන කැම්පේන් ස්ලෝගන් එකක් විය. මහඡන්දයට අත ළං කරලා රිෂාඩ් අත්අඩංගුවට ගන්න මහා මෙහෙයුමක් දියත් විය. ඒ, මෙහෙයුම ප්‍රභාකරන් අල්ලන මෙහෙයුමට නොදෙවැනි විය. පොහොට්ටුවේ ඡන්ද දිනන මැෂිම මුස්ලිම් විරෝධය විය. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය මතුවන්නේම මුස්ලිම් විරෝධය හරහාය. 2014 හදිසි ජනාධිපතිවරණයකට යන්න එවක ජනාධිපති මහින්ද ඇඟිලි ගනිමින් සිටියදී 2014 ජුනි මස අලුත්ගම මුස්ලිම් කෝලාහල ඇතිවිය. එහෙත් 2015 ජනාධිපතිවරණයට එය වැඩ කළේ නැත්තේ මහින්ද, මුස්ලිම් විරෝධය නිසා මුස්ලිම් ඡන්ද නැතිවෙයි කියා බය වුණු නිසාය. මහින්දගේ ආණ්ඩුවේ මුස්ලිම් විරෝධී රැල්ලේ ජනප්‍රිය චරිතය වූයේ ගෝඨාභයය. මහින්ද මුස්ලිම් ඡන්දවලට බිය වී මුස්ලිම් විරෝධය කරට නොගත් නිසා ගෝඨාභය යටපත් විය. ඒත් 2015 ජනාධිපතිවරණයේදී මුස්ලිම් පක්ෂ සියල්ල මහින්ද හැරදමා ගියේ ගෝඨා හදපු මේ මුස්ලිම් විරෝධී රැල්ල නිසාය.

2015 ජනාධිපතිවරණය මහින්ද පරාජය වීමෙන් පසු විල්පත්තු කැලෑව වනසනවා යැයි රිෂාඩ් ඉලක්ක කොට කැම්පේන් එකක් දියත් විය. මේ කැම්පේන් එක වැඩිකල් නොගොස් මුස්ලිම් විරෝධයක් ලෙස මතුවිය. 2018 නුවර සිංහල – මුස්ලිම් කෝලාහලයක් ඇතිවිය. මේ වෙනකොට මුස්ලිම් පක්ෂ මහින්ද හැරදමා ගොස් සිටි නිසා මහින්දත් මුස්ලිම් විරෝධී රැල්ලේ පීනන්න සූට් මහගෙන සිටියේය. ඒත් ඒ රැල්ල ආකර්ෂණීය වූයේ ගෝඨාභයටය. හේතුව 2014 අලුත්ගම කෝලාහලයේ සිට ගෝඨාභය මේ මුස්ලිම් විරෝධී රැල්ලේ නිර්මාතෘවරුන් සහ ඊට ප්‍රචාරය ලබාදුන් මාධ්‍ය ආයතන සමග පැවැති සමීප සබඳතාව නිසාය. 2019දී පාස්කු බෝම්බය පත්තු විය. ඉන් පසු ෂාෆිගේ වඳ සැත්කම් මාතෘකාව කරළියට ගෙන ආවේය. ෂාෆි අත්අඩංගුවට පත්විය. මුස්ලිම් නිවෙස් ගිනිබත් විය. කෝලාහල ඇතිවිය. සිංහල බෞද්ධයන් බේරාගන්න වීරයා ගෝඨාභය කියා ගෝඨාභය ජනාධිපති අපේක්ෂක විය.

ගෝඨා තනි සිංහල බෞද්ධ ඡන්දවලින් ජනාධිපති වූ විගස ස්විස් තානාපති කාර්යාලයේ මහා කලබැගෑනියක් විය. මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේ මාධ්‍යවේදී ලසන්ත ඝාතනය ඇතුළුව ගෝඨාභයට එරෙහි චෝදනා විමර්ශනය කළ පොලිස් බුද්ධි අංශ නිලධාරියකු වූ නිශාන්ත සිල්වා ගෝඨාභයට එරෙහි චෝදනා ඇතුළත් ලිපිගොනු සමග ස්විට්සර්ලන්තයට පැනයෑම ලංකාවම හොල්ලපු පුවතක් විය. ඔහුට පැනයෑමට වීසා ලබාගැනීමට උදව් කළේ ගානියා ෆ්‍රැන්සිස් නමැති ස්විස් තානාපති කාර්යාලයේ වීසා අංශයේ සේවය කළ කාන්තාව යැයි ගෝඨාගේ ආණ්ඩුව චෝදනා කළේය. ආණ්ඩුවේ ආරක්ෂක අංශ ඇයව පැහැරගෙන ඇයට ලිංගික හිංසන කර බියගන්වා තානාපති කාර්යාලයේ වීසා ලිපිගොනු පෙන්වන්න කියා තර්ජනය කළ බවට ඇය පොලිසියට පැමිණිලි කළාය.

‘මෙය සම්පූර්ණ අසත්‍යයක්. මෙය මාත් ආණ්ඩුවත් අපකීර්තියට පත්කරන්න ගොතපු බොරුවක්…’

ගෝඨාභය ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටියදී කීවේ ඔහුට ඡන්දය දුන් ලක්ෂ 69 ජනතාව ගානියා ෆ්‍රැන්සිස්ගෙන් ගේම ඉල්ලද්දීය. ඇය දෙමළ ජාතිකයකු බවත්, කොටි දෙනක් බවත් විමල්ලා ඇතුළු මැති ඇමැතිවරු ටීවී රේඩියෝවලට ඇවිත් ජනතාව බය බිරාන්ත කළහ. ආණ්ඩුව ඇයගේ පැමිණිල්ල නොසොයා ඇයව අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත්තා පමණක් නොව, ඇයට මානසික රෝගයක් තිබෙනවාද බලන්න ඇයව අංගොඩ මානසික රෝහලේ වෛi කමිටුවකට යොමුකරනු ලැබීය. ඇය මුහුණ වසාගෙන ස්විස් තානාපති කාර්යාලයේ විදේශීය නිලධාරීන්ට වාරුවී අංගොඩට යන ඡායාරූප එකල 69 ලක්ෂය මෝහනයට පත් කළ ඡායාරූපයක් විය.

ගෝඨාව ජනාධිපති කරන්න පොහොට්ටුව හදපු මුස්ලිම් විරෝධයේ ගොදුරක් වූ ෂාෆි හිරෙන් නිදහස් වී ආවේ අරගලය යන වෙලාවේය. ෂාෆිගේ දියණිය ඒ වන විට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න සූදානමින් සිටියාය. ඇයව පාසලෙන් ඉවත් කරගන්න ෂාෆිගේ බිරියට සිදුවූයේ පාසලේ ඇතැම් ළමයි වඳ සැත්කම් කියා ඇයට උසුළු විසුළු කළ නිසාය. ඇය ඉස්කෝලේ යන්න බැහැ යැයි කීවාය.

ගානියා ෆ්‍රැන්සිස්ද බිරිඳකි. ඇය ජනාධිපතිවරයා අපකීර්තියට පත්කළා කියා අංගොඩ මානසික රෝහලට මානසික ආබාධයකින් පෙළෙනවාද කියා බලන්න යවන විට ඇගේ පවුලේ අයට මොනවා සිතුණාද දන්නේ නැත.

මුස්ලිම්වරුන්ට රිද්ද රිද්දා සිංහල බෞද්ධ ඡන්ද පිනවමින් ගානියා ෆ්‍රැන්සිස්ට පිස්සු කියන්න අංගොඩ යවමින් තමන්ගේ ඔළුවට ඉහළින් මැස්සෙකුටවත් ඉගිල්ලෙන්න බැහැ කියා හිතාගෙන සිටි ගෝඨාභයට 2022 ජූලි මස රට දමා පැන යන්න සිදුවිය.

ගෝඨා අරගල කළ ජනතාවට බියෙන් ජනාධිපති කාර්යාලයෙන් පැනගොස් ආරක්ෂා සහිතව නැවක සිට පැනයන්න රටක් හෙව්වේ, ගෝඨා දිනපු දින රෑ මර බයේ පැනගිය නිශාන්ත සිල්වා මෙන්ය. නිශාන්තට පැනයන්න වීසා දුන්නා කියා අංගොඩට යවපු ගානියා මෙන් තමන්ට රටකට පැන යන්න වීසා ගන්න ගෝඨා විදේශ රටවල තානාපති අංශවලට කතා කළේය. ඒත් එක රටක්වත් ඔහුව භාරගන්න කැමැති නොවීය. අවසානයේ ඔහුගේ පිහිටට ආවේ මුස්ලිම් රටක් වූ මාලදිවයිනේ මුස්ලිම් ජාතික කතානායක නෂීඩ්ය. ගෝඨා පණ බේරාගත්තේ මාලදිවයිනට පැනගිහින්ය. අද ඔහුට ඔහුගේ පුතා පදිංචි ඇමෙරිකාවට යා නොහැකිය. ඔහු ඒ සඳහා මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඉල්ලීම් කළත් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් යහපත් ප්‍රතිචාරයක් නැත. මෑතකදී ඔහු තවත් මුස්ලිම් රටක් වූ ඩුබායි බලා ගියේ ඩුබායිහි පදිංචි විය හැකිදැයි සොයා බලන්න බව ඇතැම් මාධ්‍ය වාර්තා කළේය.

ගෝඨා මුහුණ දුන්නේ ඛේදවාචකයකටය. ඔහුගේ දේශපාලනය ගැටගැහී තිබුණේ ජාතියත් ආගමත් එක්කය. ඒ දේශපාලනයේ ඔටුනු පලඳින්න ඔහු ජාතීන් අතර භේද ඇතිකරනවා කියා ආගම් අතර භේද ඇතිකරනවා කියා අත්අඩංගුවට ගත් අහිංසක මිනිස්සු සිය ගණනකි. රනිල්ගේ ආණ්ඩුවත් දැන් ඒ සෙල්ලම පටන්ගෙන තිබේ.

මහින්දගේ පුත් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට පත්වූ දිනයේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ පුතා ට්විටර් පණිවුඩයක් දමමින් කීවේ ඉංග්‍රීසි කියමනක් වූ ‘කර්ම ඊස් අ බිච්’ යැයි කියාය. එහි සිංහල තේරුම පවු කරපු මිනිසුන් පසුපස කර්මය බැල්ලියක් වගේ පන්නනවා යැයි කියාය. රාජපක්ෂවරු තම මවට දුන් දසවධ ඔහු මතක් කර තිබිණි.

දෝෂාභියෝගයකින් ශිරාණි බණ්ඩාරනායකව අගවිනිසුරු ධුරයෙන් නෙරපන්න ශිරාණිට එරෙහි බොරු චෝදනා ගොතලා රාජපක්ෂලාට දුන්න උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකටත් පසුගියදා කර්මය පලදුන්නේය. එදා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ජනකගේ චෝදනා රස කර කර රාජපක්ෂලා ශිරාණිව අගවිනිසුරු ධුරයෙන් නෙරපා හැරියේය.

මෙදා එහෙව් රාජපක්ෂලාම ජනක රත්නායකව උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් නෙරපන්න පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ බහුතර ඡන්දය පාවිච්චි කළේය.

ෂාෆි වේවා, රිෂාඩ් වේවා, ජෙරම් වේවා, නතාෂා වේවා, බෲනෝ වේවා හිරේට දමලා දේශපාලන ගේමට ආගම පාවිච්චි කරන්න දතකන හැමෝටම කියන්න තියෙන්නේ ‘කර්මය කියන්නේ පවු පසුපස හඹා එන බැල්ලියක්’ කියාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

guruda wigrahaya religion Gotabaya Rajapaksha

SendShareShare
Previous Post

ආණ්ඩුව විකාශන නියාමන අධිකාරී පනත ඇතුළේ ගේන්න යන මාධ්‍ය මර්දනයට එරෙහිව සජිත් සමග මුලු විපක්ෂයම එක තැනකට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

රනිල් කුළුණු 5කින් රට ගොඩදානවා කියලා ජාතිය අමතලා කිව්වා! සජබෙ හර්ෂණ රනිල් කියපු කුළුණු 4ක්ම කුඩු කරල දායි! අහලා බලන්නකො කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Load More
සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

කිසිම මන්ත්‍රිවරයකුට අයුතු ආකාරයෙන් වැරදි ලෙස ආමන්ත්‍රණය සුදුසු නොවන බවත් කතානායකවරයා විසින් අර්චුනා මන්ත්‍රිවරයා මෝඩ ලෙස හැසිරෙන බවට ආමන්ත්‍රණය කිරීම...

Read more
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.