මාධ්‍යවේදීන් වෙනුවෙන් පවත්වාගෙන ගොස් පසු කාලීනව වසා දමන ලද සමාජ ශාලාව (Press Club) නැවත වරක් කොළඹ, ටොරින්ටන් ආශ්‍රිත ඉඩමක පිහිටුවීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.Sri Lanka Latest News
මීට පෙරදී මෙම සමාජ ශාලාව කොළඹ, ලේක්හවුස් ගොඩනැගිල්ල ආසන්නයේ ඉඩමක පවත්වාගෙන ගියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී එය වසා දමා අදාළ ඉඩම සහ ගොඩනැගිල්ල පෞද්ගලික හෝටල් සංකීර්ණයක් සඳහා ලබාදීමට කටයුතු කෙරිණි.
ඒ අනුව වසා දමන ලද සමාජ ශාලාව නැවත වරක් මාධ්‍යවේදීන් වෙනුවෙන් ගුවන් විදුලි සංස්ථාවට අයත් ඉඩමක ස්ථාපිත කිරීමට නියමිතය සමාජ ශාලාව ස්ථාපිත කිරීම සඳහා එහි ගොඩනැගිල්ල යොදා ගැනීමට නියමිත බවත්, අදාළ ඉඩම ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවරා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.










