• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලතිව් විනිසුරුවරයා තනතුරෙන් ඉවත් වී හදිසියේම රට ගිය හේතුව එළියට එයි! මන්ත්‍රීවරයකු බලපෑම් කළාද? VIDEO I Sri Lanka Latest News

September 30, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වෙළෙඳ ඇමැති බෑ කියනවා! ගෑස් සභාපති නෑ කියනවා! තෙල් ඇමැති සොරි කියනවා! අගමැති කියනවා අමාරුයි කියනවා! මේ හැත්ත බුරුත්තම එළවන්න ඕනේ! රුසියන් ගුවන් යානාවේ ප්‍රශ්නෙට නාමල් අත්අඩංගුවට ගන්න ඕනේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්නය පිළිබදවත්, මුලතිව් මහේස්ත්‍රාත්වරයා තනතුරෙන් ඉවත් වීම පිළිබදවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවේදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පලකළ අදහස් මෙසේය.Sri Lanka Latest News

නිදහස් සෞඛ්‍ය සේවය බරපතල අනතුරක තිබෙන්නේ. අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ ප්‍රශ්නයට අදාලව අනාවරණයන් කළා, අරගල කළා. එහිදී අප ප්‍රධාන ප්‍රශ්න දෙකක් මතු කළා. එකක් අවශ්‍ය වෙලාවේ ඖෂධ මිලදී නොගෙන, ඖෂධ හිඟයක් මවා, හදිසි මිලදී ගැනීම් නමින් ටෙන්ඩර් නොකැඳවා වැඩි මිලට ඖෂධ මිලට ගැනීම පිළිබඳව. දෙවැන්න ඖෂධ පරීක්ෂාවට භාජනය නොකර ලියාපදිංචිය අත්හැරීමේ ලිපි හෙවත්බ් ඩබ්ලිව් ඕ ආර් ලිපි හරහා ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා රෝගීන් මරා දැමීම. මේ මාෆියාවට දේශපාලඥයන්, ඉහල රාජ්‍ය නිලධාරීන් සහ ජාවාරම්කාර ධනපති සමාගම් ජාලයක් සම්බන්ධයි. මේක ජනතාවගේ නිදහස් සෞඛ්‍ය අයිතියට එල්ල කාන ඒකාබද්ධ ප්‍රහාරයක්.
මේවා කියද්දී බලධාරීන් අන්ධයන්, ගොළුවන්, බිහිරන් සේ සිටියා. දැන් එකවරම නින්දෙන් ඇහැරුනා වගේ සෞඛ්‍ය ඇමැතියි විපක්ෂයයි විවිධ දේවල් කරමින් සිටිනවා. ඒ කරන දේවල් නිකම් ප්‍රශ්නය වලිගෙන් අල්ලනවා විතරයි. තැනින් තැනින් එක එක දේවල් කරලා වැඩක් නෑ. සමස්ත ප්‍රශ්නයට උත්තරයක් ඕන. විපක්ෂය සෞඛ්‍ය ඇමතිට විශ්වාස භංගයක් ගෙනාවා. ගේන කොටම දන්නවා පාර්ලිමේන්තුවේ ඉන්න මෝඩයෝ ටික කෙහෙලියට පක්ෂව අත උස්සනවා කියලා. පාර්ලිමේන්තුවෙන් පිටත ජන මතයක්, ජන බලයක්, අරගලයක් ගොඩ නගන්නේ නැතිව ඔය විකාර කරලා වැඩක් නෑ. ඒ පාර සෞඛ්‍ය ඇමති අපි කියන ඒවා තැනින් තැන අල්ලලා එක එක දේවල් කරනවා. අක්ෂි කාච මිලදී ගැනීමේ වංචාව හෙළිදරව් කළාම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිට ඉල්ලා අස්වෙන්න කිව්වා. කළ විනාශයට දඬුවමක් නෑ. අස් වෙන්න කිව්වා විතරයි. හදිසි මිලදී ගැනීම් වල ප්‍රශ්නය කිව්වාම අද පත්තර වාර්තා කරලා තියෙනවා මාස තුනකට වැඩි තොග තිබෙන ඖෂධ වලට හදිසි මිලදී ගැනීම් නොකරන්න සෞඛ්‍ය ඇමති තීරණය කරලා කියලා. යාදෙන් ඉන්ටර්නැෂනල් කියන සමාගමෙන් ඖෂධ මිලදී ගැනීමේදී වන ප්‍රශ්න කිව්වාම ඒකට කමිටුවක් පත් කරලා.
අපි මීට පෙර යාදෙන් සමාගමේ ප්‍රශ්නය සවිස්තරාත්මකව හෙළිදරව් කළා. අඩු මිලට වෙනත් සමාගම් වලින් ඖෂධ මිලදී ගත හැකිව තිබියදී වැඩි මිලට යාදෙන් සමාගමෙන් ඖෂධ ගත්තා. මේ අය ලාදුරු රෝගීන්ගෙන් පවා ගසා කෑවා. ලාදුරු රෝගයට ගන්න Dapzone කියන ඖෂධයේ මිලිග්‍රෑම් 50 පෙත්ත කලින් ගත්තේ ඩොලර් ශත 58ට. ඒ කියන්නේ මිලිග්‍රෑම් 25 පෙත්ත ඩොලර් ශත 25ට 30ට ගන්න පුළුවන්. ඒත් යාදෙන් සමාගමෙන් මිලිග්‍රෑම් 25 පෙත්ත අරන් තියෙන්නේ ඩොලර් 16.53ට. මේ විදියට මේ සමාගමට මහජන අරමුදල් ගසා කන්න නිලධාරීන්ගේ අනුග්‍රහය සහ දේශපාලන රැකවරණය තියෙනවා. පසුගිය කාලයේ යාදෙන් සමාගමෙන් වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම නිසා අහිමි වූ මුදල ඩොලර් කෝටි 10කට වැඩියි. රුපියල් බිලියන 30ක් පමණ. මෙපමණ ප්‍රශ්නයක් තිබියදී ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මිලදී ගන්නා ඖෂධ තොගයේත් ඖෂධ වර්ග 12ක් සඳහා අවසරය එම සමාගමට දීලා. ඒ සමාගම වැඩි මිලට දෙන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ. 2015 සිට මේ දක්වා පමණක් යාදෙන් සමාගමෙන් ගෙන්වූ ඖෂධ වර්ග 100ක් ප්‍රමිතියෙන් තොර බව තහවුරු වුනා. මේ තරම් විනාශයක් කරලා දැන් කෙහෙළිය කියනවා කමිටුවක් දාන්නම්ලු. ඒ කමිටුවේ කවුද ඉන්නේ? ආසියානු සංවර්ධන බැංකුවේ මුදලින් යාදෙන් සමාගමට ඖෂධ ගන්න ටෙන්ඩර් දුන් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයිනුත් ඉන්නවා කියලා ආරංචියි. මීට කලින් කමිටු දැම්මෙත් ඔහොම තමයි. ඖෂධ නිසා සිදුවූ මරණ ගැන හොයන්න කමිටුවක් දැම්මා, Bupivacaine සහ Propofol කියන නිර්වින්දන ඖෂධ දෙකෙන් සිදුවූ මරණ ඒ කමිටුවේ විෂය පථයට ඇතුල් කරලා නෑ. අන්තිමට කමිටුව දුන්නු වාර්තාවත් හංගලා. ඒවා ජනතාවට දෙන්නේ නෑලු. යාදෙන් එක ගැන හදපු කමිටුවටත් ඕකම තමයි වෙන්නේ.
සෞඛ්‍ය ඇමති වැරදි නිවැරදි කර ගන්නවා කියලා පෙන්නන්න හැදුවට සියලු ජාවාරම් එහෙමම සිදු වෙමින් පවතිනවා. නිදසුනක් විදියට මිනිස් රුධිරයෙන් හදන Immunoglobulin කියලා ඖෂධයක් තියෙනවා. මිනිස් රුධිරයෙන් ඖෂධ හදන විට රුධිර පරිත්‍යාගශීලියාගේ රෝග ඖෂධය ගන්න රෝගියාට බෝ වෙන්න පුළුවන්. හෙපටයිටිස් වල සිට ඒඩ්ස් දක්වා විවිධ රෝග තියෙනවා රුධිරයෙන් සම්ප්‍රේෂණය වන. ඒ නිසා මේ ඖෂධය නිෂ්පාදනය කරද්දී විශාල ප්‍රවේසමක් ගැන හිතනවා. රුධිරය ගන්න කලින් පරිත්‍යාගශීලියාව සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරනවා. එයාට කවර හෝ රෝගයක් තිබුනද සොයනවා. රුධිරය ගත්තාම එතනදී එය පරීක්ෂා කරනවා. නිෂ්පාදනයට පෙර එකතුවූ රුධිරය නැවත පරීක්ෂා කරනවා. නිෂ්පාදන ක්‍රියාවලියේදී රෝග කාරක විනාශ කරනබ් ක්‍රමවේද ගණනාවක් අනුගමනය කරනවා. ඒවා ලංකාවට ගෙනෙන විටත් පරීක්ෂා කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් සහ රසායනඥයන් විතාක් නෙවෙයි. විවිධ ක්ෂේත්‍ර වල විශේෂඥයන් ගණනාවක් ලවා පරීක්ෂා කරනවා. මේ බලන්න පෙබරවාරි 17 වැනිදා ඒ ඖෂධය ලියාපදිංචියෙන් තොරව ගෙන්වන්න ලිපියක් නිකුත් කරලා. WOR එකට අත්සන් කරලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා. ඔහු ඒ තීරණය අරන් තියෙන්නේ අඩුම ගානේ කමිටුවකින් නෙවෙයි. තනිවම තීරණය අරන්. අනෙක් එක ලියාපදිංචියෙන් තොරව ඖෂධය ගෙන්වන්න අවසර දුන් සමාගමේ දේශීය නියෝජිතයා කවදාවත් ලංකාවට ඖෂධ ගෙන්වා නැති සමාගමක්. කලින් ඔවුන් ගෙන්වා තිබෙන්නේ වෛද්‍ය උපකරණ සහ රසායනාගාර ද්‍රව්‍ය විතරයි. ප්‍රමිතිය පරීක්ෂා නොකර මෙවැනි ඖෂධ ගෙන්වලා රෝගීන්ට වෙන දේ ගැන කවුද වගකීම භාර ගන්නේ? මේ නිලධාරීන්ට සහ මෙයට සම්බන්ධ සියල්ලන්ට දඬුවම් දිය යුතුයි.
ප්‍රමිතිය පරීක්ෂා නොකර ඖෂධ ගෙන්වනවා විතරක් නෙවෙයි, ප්‍රමිතියෙන් තොර බව තහවුරු වූ ඖෂධ රෝගීන්ට ලබා දෙනවා. Co-Amoxiclav කියන ප්‍රතිජීවකය නිසා මීට පෙර මරණ හතරක් සිදුවුනා. ජුනි 26 ගම්පහ රෝහලේ, ජුනි 28 රාගම රෝහලේ, අගෝස්තු 28 කොළඹ ජාතික රෝහලේ ආදී වශයෙන් මරණ වාර්තා වුණා. මීට අමතරව රෝගීන් 20කට පමණ දරුණු රෝගාබාධ ඇති වුණා. පසුව කළ පරීක්ෂාවකින් පසුව නොවෙස්ටා කියන සමාගමෙන් ගෙන්වූ මේ ඖෂධයේ කාණ්ඩ 4ක් ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී භාවිතයෙන් ඉවත් කළා. මේ මගේ අතේ තිබෙන ලිපිය ජාතික ඖෂධ රසායනාගාරයෙන් මේ වසරේ අගෝස්තු 21 දින නිකුත් කළ එකක්. මේකේ සඳහන් වෙනවා Co-Amoxiclav ඖෂධයේ තවත් කාණ්ඩ තුනක් ප්‍රමිතියෙන් තොර බව. නමුත් ඒ ඖෂධ කාණ්ඩ දැනට රජයේ රෝහල් වල භාවිතා වෙනවා. පර්යේෂණ වාර්තා ඇවිත් මාසයකට වැඩියි, තවමත් මේවා රෝහල් වලින් ඉවත් කරන චක්‍රලේඛය නිකුත් කරලා නෑ. එය නිකුත් කරන්න රෝගීන් කී දෙනෙක් මැරෙන්න ඕනද?
මේ අපරාධ පාර්ලිමේන්තුවේ විවාද කරලා නවත්වන්න බෑ. පාර්ලිමේන්තුවෙන් එළියේ ජන බලයක් හදමු. දැන් තිබෙන තත්වයට අනුව අපේ ජීවිත යහපත් කර ගන්න නෙවෙයි, අපේ ජීවිත බේරා ගන්නත් අරගල කරන්න වෙලා. අපි සියලු දෙනා එකතුවී නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා දේශපාලග්නාන්, ඉහල පෙළ දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ ජාවාරම්කාර ගජමිතුරු ධනපති කල්ලියේ මාෆියාව පරාජය කළ යුතුයි. ඔවුන්ට දඬුවම් දිය යුතුයි.

SendShareShare
Previous Post

කෙසෙල් ඇවරියක හංගලා හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් බන්ධනාගාරයට ගෙනියන්න හදලා! Sri Lanka Latest News

Next Post

සැප්තැම්බරයත් ඉවරයි! රට තාමත් බංකොලොත්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.