කෙසෙල් ඇවරියක මත්කුඩු සගවා බන්ධනාගාර රැදවියෙකුට ලබාදීමට පැමිණි පුද්ගලයකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය හදපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
බන්ධනාගාර නිළධාරීන් පරීක්ෂා කිරීමේදී කෙසෙල්ගෙඩි වල සූක්ෂම ලෙස බටවල බහා සගවා තිබූ හෙරෝයින් ග්‍රෑම් පහයි මිලිග්රැම් 590 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටයි මිලිග්රැම් 920 ක් සහ ගංජා මිලිග්රැම් 920 ක් සොයාගෙන ඇති බව පොලිසිය කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.
dinamina










