හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ බව කියන සංචාරය “රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් නොවන බව” නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ පවසනවා.Sri Lanka Latest News
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (අගෝස්තු 23) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා:
“මේ සංචාරයට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අතර ලිපි හුවමාරුවක් වෙලා තිබුණා. මේ ලිපි හුවමාරුවේ මුල් අවස්ථාවල හැම ලිපියක ම සඳහන් වෙලා තිබුණේ මේක පෞද්ගලික සංචාරයක් කියන එක.
ඒ වගේ ම මේ සංචාරයේ වැඩසටහන් විස්තරයේ කිසි ම ආකාරයක රාජ්‍යතාන්ත්‍රික හමුවීම් හෝ සම්බන්ධතා කිසිවක් අන්තර්ගත වෙලා තිබුණේ නැහැ, විමර්ශන නිලධාරීන් සිදු කළ විමර්ශනවලට අනුව.”










