හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයාව සිටි සමන් ඒකනායක මහතාගේ විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කර තිබෙනවා.Sri Lanka Latest News
කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගයක් අනුවයි මෙම විදේශ ගමන් තහනම සිදු වන්නේ.
හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ සිදුවීමට අදාළ සමයේ ජනාධිපති ලේකම් ධුරය දැරුවේ සමන් ඒකනායක මහතා යි.
රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට දින කිහිපයකට පෙර සමන් ඒකනායක මහතා කැඳවා තිබූ අතර,
මෙම ප්‍රශ්නගත මුදල් භාවිතාව පිළිබඳව ඔහු විසින් කට උත්තරයක් ලබා දී තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් සංචාරයට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබඳ මේ වනවිට විමර්ශන සිදුකෙරෙමින් පවතින බව පොලීසිය පවසන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීම හා එහි විමර්ශන සම්බන්ධයෙන් ඊයේ (23) පැවති පොලිස් විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නීති දිශාව භාර, නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.










