“මොඩියුල් සකස් කිරීමේ ක්‍රියාවලියේදී යම් ගැටලුවක් සිදුව තිබෙනවා. ඒ පිළිබඳ අපි අභ්‍යන්තර පරීක්ෂණ සිදු කරනවා. වැරදි නිවැරදි කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට කරගෙන යන්න රජයක් ලෙස කටයුතු කරනවා. වෙබ් අඩවි පෙළපොතට යොදන්න එපා කියලා අපි තීරණය කර තිබියදීත් මෙවැනි දෙයක් සිදු කීරීම ගැටලුවක්” යැයි අද දින මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ මහානායක හිමියන් බැහැදැක 6 ශ්‍රේණිය ඉංග්‍රීසි පළමුවාර මුද්‍රණයේ මතුව ඇති ගැටළුව පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අගමැති හරිනි අමරසූරිය පවසා සිටියාය.Sri Lanka Latest News






“ඉදිරියේදී පෙළ පොත් මුද්‍රණයේ වගකීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. ගැටළු මතුවූ මොඩියුල කිසිදු දරුවෙකුට ලබා දීමට කටයුතු කර නැහැ. එම මොඩියුලයේ මුද්‍රණ පිටපත් සියල්ල මුද්‍රා තබා පරීක්ෂණ පවත්වනවා”
ජනවාරි 08 දින අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥාණරතන මහා නාහිමියන් හමුවී, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ පළමු වර මුද්‍රණයේ මතුව ඇති ගැටලුව පිළිබඳ උන්වහන්සේ වෙත කරුණු පැහැදිළි කරමින්..
















