මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතාව ලක්ෂ 5 ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.Sri Lanka Latest News
මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් M.N.M.නානායක්කාර මහත්මිය ඉදිරියේ අද (08) මෙම මෙම නඩුව කැඳවා තිබුණි.
සිය රාජකාරියට සභාපතිවරයා විසින් බාධා සිදුකරන බවට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකළ අතර ඒ අනුව පොලීසිය විසින් සැකකාර සභාපතිවරයා පසුගිය 2වනදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුව අද (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.
කෙසේවෙතත් අද දින ඇප ලැබීමත් සමග මතුගම ප්‍රාදේශීය සභාවට ගිය සභාපතිවරයා රාජකාරී ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණ.










