• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ නගර සභාවේ අවුරුදු 15ක් තිස්සේ වෙච්ච දූෂණ හොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

January 22, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
කොළඹ නගර සභාව වීදුරු එකතු කිරීම නවත්වයි!  නිවාස සංකීර්ණවල වීදුරු ගොඩගැහිලා! පැමිණිලි අංකයට කතා කළත් වැඩක් වෙලා නෑ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම, නිශ්චල හෝ චංචල දේපොළ කුලියට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්‍රමිකතා, නිසි කාර්ය පරිපාටියෙන් බැහැරව සිදු කර ඇති නඩු කටයුතු සහ සමථ කිරීම්, ඉහත ක්‍රියා හේතුවෙන් රජයේ වත්කම්වලට හෝ ආදායමට සිදු වූ බරපතළ අලාභ සහ හානි පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවීම ආරම්භ කර තිබේ.Sri Lanka Latest News

සංශෝධිත 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනතේ (393 අධිකාරිය වන ) 02 වන වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 දෙසැම්බර් 30 වෙනි දින අංක 2469/08 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පත් කරන ලද මෙම පරික්ෂණ කොමිෂන් සභාව කොළඹ 03, ගාලු පාර, අංක 152 ස්ථානයේ ස්ථාපිත කර තිබේ.

හිටපු මහාධිකරණ විනිසුරු නීතිඥ පියසේන රණසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ (1 ශ්‍රේණිය) ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු කටයුතු කරති.

දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයන් වශයෙන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිලධරයන් වශයෙන් සේවයේ නිරතව සිටි හෝ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට සහ සේවා සහ සැපයීම් සිදු කරන පුද්ගලයන්ට සහ රාජ්‍ය හෝ පුද්ගලික ආයතන හෝ පුද්ගලයන්ට එරෙහිව බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ලබාගැනීමත්, මෙකී කාර්ය සිදු කරගෙන යාමේදී ඉහත කාල සීමාවෙන් ආවරණය නොවන හෝ ඉහත සඳහන් ක්‍රියාවලට පරිබාහිරව එහෙත් පරීක්ෂණ කොමිෂන් සභාවට බරපතල ස්වභාවයේ බවට හැඟී යන වරදක් හෝ වැරදි සම්බන්ධයෙන් මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ලබා ගැනීමත්, එම පැමිණිලි, තොරතුරු සහ චෝදනා පිළිබඳව කඩිනම් අපක්ෂපාතී පුළුල් විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීමත්, වරදවල් හා වැරදි ක්‍රියාවන් සිදු කර තිබීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තන් සහ ආයතනවලට එරෙහිව ගත යුතු යම් ක්‍රියාමාර්ග වෙතොත් ඒ පිළිබඳ කොමිසමේ නිර්දේශ සහ එබඳු වරදවල් සහ වැරදි ක්‍රියාවන් ඉදිරියේදී සිදුවීම වළක්වාලීමේ අරමුණින් කරනු ලබන නිර්දේශ ඉදිරිපත් කිරීමත් මෙම පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැවරේ.

කොමිෂන් සභාව විසින් සිය ප්‍රථම අතුරු වාර්තාව මාස තුනක් ඇතුළත ද, නිගමන සහ නිර්දේශය ඇතුළත් අවසාන වාර්තාව මාස හයක් ඇතුළතද ජනාධිපති ලේකම් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වන ඕනෑම ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කොමිෂන් සභාවේ ලේකම් වෙත “අංක 152, ගාලු පාර, කොළඹ 03” ලිපිනයට යොමු කරන ලෙස පුද්ගලයන්ට, සංවිධානවලට සහ ආයතනවලට ආරාධනා කෙරේ.

සියලු පැමිණිලි 2026 පෙබරවාරි මස 23 වන දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය. එවැනි පැමිණිලි හෝ තොරතුරු සපයන අයගේ නම, ලිපිනය, සම්බන්ධ කරගත හැකි දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය සියලුම ඉදිරිපත් කිරීම්වල සඳහන් විය යුතුය. තවද ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වන්නේ නම් එසේ කිරීමට ඉල්ලා සිටිය හැකිය.

කොමිෂන් සභාවට වාචික ඉදිරිපත් කිරීම් සිදු කිරීමට කැමති ආයතන හෝ පුද්ගලයන්, 011 2 301 735 යන දුරකථන අංකය ඇමතීමෙන් 2026 පෙබරවාරි මස 23 වන දින හෝ ඊට ප්‍රථම දිනයක් නියම කරවා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-01-22

SendShareShare
Previous Post

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල් දැම්මේ අපිද? නෑ ජනාධිපතිතුමානේ! සජිත් විපක්ෂේ ඉඳන් ඉස්කෝල 386කට ස්මාර්ට් බෝඩ් දුන්නා! තමුන්නාන්සේලා එදා හිනාවුණා! අද ආණ්ඩුවක් අරගෙනත් ඔබතුමාලා ඉස්කෝලෙකට එක TV එකක් දුන්නාද? මුජිබර් ලාල්කාන්තට ලෙනින් වැහිච්ච හේතුව හොයාගනී! හරිනිට එරෙහි කුමන්ත්‍රණයක් ගැනත් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවේ ෂෝ එකකට ආපු ඉන්දීය ගීත කෝකිලාව අනුරාධා පෞද්වාල් පැලවත්තටම ගිහින් ටිල්වින්ව හමුවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.