2024 ජනාධිපතිවරණ සටනට පිවිසෙන ප්‍රධාන පක්ෂ තුනේ අපේක්ෂකයන් තිදෙනා කවුරුන්ද යන්න මේ වන විට ප්‍රකාශයට පත්වී තිබේ.Sri Lanka Latest News
ඒ අනුව, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වශයෙන් කටයුතු කරන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාත් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කොට ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ජනාධිපතිවරණ සටනට සිය අපේක්ෂකයා වශයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම මැදිවිය නොඉක්මවූ තරුණයන් සමග ගැවසෙන අපේක්ෂකයන් වීමය.
අනෙක් අතට මෙම තිදෙනාම සම වයසේ පසුවන්නන් වීමද විශේෂත්වයකි.
ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වයස මේ වන විට වයස අවුරුදු 56ක් වන අතර, ඔහු උපත ලබා ඇත්තේ 1967.01.12 වැනි දිනය. පොහොට්ටු අපේක්ෂක ධම්මික පෙරේරා මහතාද 56 හැවිරිදි වියේ පසුවන අතර, ඔහුද ඉපදී ඇත්තේ 1967 වසරේ දෙසැම්බර් 28 වැනි දිනය. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට වයස අවුරුදු 55ක් වන අතර, ඔහුගේ උපන්දිනය 1968.11.24 වැනිදාය. මේ තිදෙනාගේම වයස් පරතරය හරියටම මාස 11කි.
පසුගිය වසරේ පැවැති අරගලයේදී සියලු දෙනාගේම ඉල්ලීම වූයේ රට ගොඩනැගීමට නම් තරුණ, උගත් සහ බුද්ධිමත් නායකත්වයක් අවශ්‍ය බවකි.
ඒ අනුව මෙම ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම තාරුණ්‍යයට සමීප දෙස් විදෙස් විශ්වවිiාලවල උසස් අධ්‍යාපනය ලැබූවෝ වෙති.
අනෙක් අතට මෙවර ජනාධිපතිවරණයේදී වයස අවුරුදු 65 ඉක්මවූ කිසිදු අපේක්ෂකයකුගේ නමක් මෙතෙක් යෝජනා වී නොතිබීමද විශේෂත්වයකි.










