අද දින අප අනාවරණ කළ පරිදිම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයා සිය කතාව සිදු කර අවසන් වූ වහාම සිය කණ්ඩායමද සමග සභාගැබෙන් පිටව යාමය.
ඉන් අනතුරුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊට පිළිතුරු ලබා දීමට කටයුතු කිරීමත් සමග ආණ්ඩුවේ මන්ත්‍රීවරු ස්ථාවර නියෝග ප්‍රශ්න ඉදිරිපත් කරමින් බාධා කළ ආතාරයද දැකගන්නට ලැබිණ.
රටේ 41 ලක්ෂයක් දූදරුවන්ට දිවා ආහාරය අහිමි කරපු, ගැබිනි මව්වරුන්ගේ සහනාධාරය අහිමි කරපු, රටම මන්දපෝෂණයෙන් වෙලා ගෙන ඇති මොහොතක ව්‍යාපාර කඩා වැටි ජන ජිවිත විනාශ ඇති මොහොතක විපක්ෂ නායකවරයා ලෙස තමා ඒ ගැන කතා කරන්න හදනකොට රට විනාශ කළ පොහොට්ටු හොරු සහ ඔවුන්ගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා බයේ පැන යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වත්මන් රජය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතීත්වය සහ හිට්ලර් පාලනයක් ගෙන ඒමට උත්සාහ කිරීම යාම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට පොහොට්ටුවේ හොරු රැළ එක්ක ජනාධිපති පවා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගිය බවත් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයන යන ආයතන 3 බලය බෙදීම ගැන පවා ජනාධිපති නොදන්නා බවත් ව්‍යවස්ථාදායක සභාවට ස්වාධින බලයක් ඇති නමුත් එය තමන්ගේ පඹයෙක් වහලෙක් ලෙස භාවිත කිරීමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම ජනාධිපතිවරයාට ඒකාධිපතීත්වයක් රට තුළ ක්‍රියාත්මක කරන්න සූදානම් වන්නේ මෙරට තුළ හිට්ලර්, මුසලෝනි පාලනයක් ඇති කිරීමට ද කියා සිතාගත නොහැකි බවත් මෙරට තුළ කිසිදු ආකාරයක ඒකාධිපති පාලනයක් නොමැති බවත් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට තමා අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට කොන්දක් නොමැති බවත් ඔහු බියගුළු ජනාධිපතිවරයෙක් බවත් ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරු කතාවක් සිදු කරමිනි. මේ කතාව සිදු කරන අතරතුර ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරු බහුතරයක් එම කතාව මඟහැර පාර්ලිමේන්තුවෙන් පිටව යාම සිදු විය. එසේම විපක්ෂ නායකවරයාගේ කතාවට අවස්ථා කිහිපයකදී බාධා සිදු කරමින් ඒ අවස්ථාවේ සභා ගර්භයේ සිටි පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරු කටයුතු කළ ආකාරය දැකගත හැකි විය.
වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී වැඩ කරන ජනතාවගේ මුදල් හොරා කෑ කමින් තමන්ව පත් කර ගත් හොරු රැළ රකිමින් සිටින බවත් ඔහුට කෂේරුකාවක් ඇත්නම් පාර්ලිමේන්තුවේ අදහස් ඉදිරිපත් කළ පසු පළා නොගොස් විපක්ෂයේ අදහස්වලට කන් දෙන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය.










