• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන් ගැන ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කරලා! අස්වැසුම ගැන සාගල කතා කරයි! PHOTOS I Sri Lanka Latest News

February 2, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
දරුවන් ගැන ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කරලා! අස්වැසුම ගැන සාගල කතා කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සහ දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම ඇතිව මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. (Sri Lanka Latest News)

ඒසේම ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ආරම්භ කෙරුණු “අස්වැසුම” වැඩසටහන මෙරට දිළිඳුකම පිටුදැකීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන බවත් කිසිසේත් දේශපාලනීකරණය නොවූ අස්වැසුම මෙරට ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ශක්තිමත් දායකත්වයක් ලබාදෙනු ඇති බවත් ඒ මහතා පැවසීය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) කොළඹ රාමඩා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු සබලකෘත සහල් (Fortified Rice) පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලට එකතු කිරීමේ වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ලෝක ආහාර වැඩසටහන (World Food Programme), ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම (Bill & Melinda Gates Foundation) ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

එසේම දරුවන්ගේ රක්තහීනතාවය, මතක දුර්වලතා සහ ශරීර වර්ධනය අඩාල වීම ඇතුළු ඒ ආශ්‍රිත රෝග සඳහා පිළියම් සෙවීම ද මෙමඟින් අපේක්ෂා කෙරේ.

යකඩ සහ ෆෝලික් අම්ල අඩංගු කර සකස් කරන ලද සබලකෘත සහල් අධ්‍යාපන අමාත්‍යාංශයට නිල වශයෙන් භාර දීම මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අනාගත පරපුර නිරෝගී පරපුරක් ලෙස ගොඩනැඟීම අත්‍යවශ්‍ය වන බවත් පෝෂණය යනු කුසගින්න නිවා දැමීම පමණක් නොව රටේ අනාගතය හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන සාධකයක් බවත්ය.

මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා විවිධ පාර්ශ්ව වෙතින් ලැබෙන සහාය පිළිබඳ ස්තුතිය පළ කළ ඒ මහතා විශේෂයෙන් බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් (Bill and Melinda Gates) පදනම වෙතින් ලද සහයෝගය ඇගයීමට ලක් කළේය.

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට මෙතෙක් ක්‍රියාත්මක වූ වැඩසටහන් පිළිබඳවද මෙහිදී සිහිපත් කළ සාගල රත්නායක මහතා ලෝක ආහාර වැඩසටහනේ මැදිහත් වීමෙන් 2003 වර්ෂයේ දී මෙම පෝෂණ වැඩසටහන සඳහා වූ මුලපිරීම සිදු කෙරුණු බවද කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේ ද පැවසීය.

උතුර සහ නැඟෙනහිර යන පළාත්වල දිස්ත්‍රික්ක හතරක් ආවරණය කරමින් විශේෂයෙන් යුද ගැටුම් හේතුවෙන් දැඩි පීඩාවට පත් වූ ප්‍රදේශ ආවරණය කරමින් ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් පසු දිස්ත්‍රික්ක හයක් දක්වා ව්‍යාප්ත කෙරුණා.

අමාත්‍යාංශ සහ සංවිධාන කිහිපයක සහාය ඇතිව මෙම වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. කොවිඩ් (COVID-19) වසංගතයත් සමඟ රටේ ආර්ථිකය පෙර නොවූ විරූ ආකාරයේ පසුබෑමකට ලක් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගියා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ අද රටේ ආර්ථිකය නැවත ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙන අතර ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සඳහා ද විශේෂ අවධානයකින් කටයුතු කරනවා.

දරිද්‍රතාව පිටුදැකීම සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා කාලයෙන් කාලයට අපේ රට තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. සමෘද්ධි වැඩසටහන එහි ප්‍රධාන තැනක් ගත් අතර වත්මන් රජය ආරම්භ කළ අස්වැසුම වැඩසටහන හරහා එය තවදුරටත් පුළුල් කෙරුණා.

කිසිසේත්ම දේශපාලනීකරණයට ලක් නොවෙමින් දත්ත මත පදනම්වූ, විනිවිද බවකින් යුතු ආකෘතියකට අනුව අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වීම විශේෂත්වයක් බව කිවයුතුයි. ජනතාවට අභියාචනා ඉදිරිපත් කිරීමට හා විරෝධතා දැක්වීමට ඉඩ සලසමින් දත්ත මත පදනම් වූ සමීක්ෂණ සහ ගණනය කිරීම් මත සකසන අවසන් ලැයිස්තුවට අනුව අදාළ මුදල් සෘජුවම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කෙරෙනවා. අස්වැසුම මෙරට දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ශක්තිමත් දායකත්වයක් සපයනු ඇතැයි අප විශ්වාස කරනවා.
එසේම අප රටක් ලෙස තිරසර ආර්ථික වර්ධනයක් උදාකරගත යුතුයි. ඒ වෙනුවෙන් සංචාරක, කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්‍රියාවලියේ ඉහළ වර්ධනයක් ඇති කර ගැනීම වෙනුවෙන් රජය සැලසුම්සහගතව කටයුතු කරනවා. ඉහළ පිරිවැයක් දරන සංචාරකයන් මෙරටට ආකර්ෂනය කර ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ශ්‍රී ලංකාව නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟීම කෙරෙහි එහිදී අවධානය යොමුව තිබෙනවා.

අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව අද ආර්ථික ස්ථාවරත්වයක් අත්කරගෙන සිටිනවා. ජීවන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යාම වැනි අභියෝගවලට මුහුණ දී සිටියදී වුවද රටට නව ආදායම් මාර්ග උත්පාදනය කර ගැනීමේ සහ ආර්ථිකය වර්ධනය කර ගැනීම වෙනුවෙන් රජය සක්‍රියව කටයුතු කරනවා. රටට ආදායම් උත්පාදනය කර ගැනීමේ දී සංචාරක කර්මාන්තය ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වන අතර මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ නංවා ගැනීමට පමණක් නොව සංචාරකයන්ගේ පහසුකම් ගුණාත්මක ලෙස ඉහළ නැංවීම මඟින් දෛනිකව වැඩි මුදලක් වියදම් කරන ඉහළ පෙළේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය සැලසුම්සහගතව කටයුතු කරමින් සිටිනවා.

මීට පෙර පැවති පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ මෙරට කෘෂිකාර්මික අංශයේ නවීකරණය වෙනුවෙන් මේ වන විට පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. මීට අමතරව, තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කිරීම වැනි වෙළෙඳ ගිවිසුම් සඳහා උපායමාර්ගික හවුල්කාරිත්වයන් සහ සංශෝධන හරහා නිෂ්පාදන දියුණු කරලීමටද අපේක්ෂා කරනවා.

පුනර්ජනනීය බලශක්තිය සඳහා ශ්‍රී ලංකාව සතු මෙගාවොට් 18,000ක් පමණ වන විභවයත් සමඟ මෙරට ආර්ථිකයේ සුවිශේෂී ස්ථානයක් සනිටුහන් වනු ඇති. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මඟින් ආයෝජකයන් සඳහා සුදුසු පරිසරයක් ඇති කර ආයෝජකයන් වැඩි වශයෙන් මෙරටට ආකර්ෂනය කර ගැනීමට කටයුතු කරනවා. මෙරට ආර්ථිකය ගොඩනගමින් ජන ජීවිතය යහපත් කිරීම වෙනුවෙන් මෙන්ම දේශපාලන අභියෝගවලට ද විසඳුම් සෙවීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය කැපවී සිටින බව ද කිව යුතුයි.

කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත අබ්දුර් රහීම් සිද්දික්, පාත් (PATH) සංවිධානයේ ඉන්දියානු නේවාසික අධ්‍යක්ෂ නීරාජ් ජෛන් (Neeraj Jain), ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ඉන්දියානු නේවාසික කාර්යාලයේ පෝෂණ ප්‍රධානී රුචිකා සක්දේවා, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ Connect to Care වැඩසටහනේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී චන්දිත සමරනායක යන මහත්ම මහත්මීන් ද ඩිමෝ සමාගම, ලෝක සෞඛ්‍ය සංවිධානය, යුන්සෙෆ් සංවිධානය (UNICEF), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), ලෝක බැංකුව, ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ඩීෆැට් ආයතනය (DFAT) යන ආයතනයන්හි නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

සජබ සභාපති හැටියට වැදගත් විදියට පක්ෂයේ තියෙන අඩුපාඩු කතාකරන්න ඕනෙ හැටි පක්ෂය වෙනුවෙන් මන්ත්‍රී ධුරය කැප කළ මුජිබර් සරත් ෆොන්සේකාට ප්‍රසිද්ධියේ කියා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඔත්තු බලන්න චීනෙන් එව්වා කියලා මාස 8ක් හිරකරගෙන හිටපු පරෙවියෙක් ඉන්දියාව නිදහස් කර යවයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.