මැතිවරණ කල් දැමීමට සෙනගාලයේ ජනාධිපති මැකී සෝල් තීරණය කිරීමත් සමග එරට විරුද්ධ පක්ෂ වල ආධාරකරුවන් විරෝධතා ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
විදෙස් මාධ්‍ය පැවසුවේ විරෝධතාකරුවන් පාලනයට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකළ බවත් පසුව කිහිපදෙනෙක්ව අත්අඩංගුවට ගත් බවත් ය.
එරට ජනාධිපතිවරණය ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට නියමිතව තිබියදී සෙනසුරාදා (03) ජනාධිපතිවරයා පැවසුවේ මැතිවරණය කල්දමන බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු අගමැති Aminata Toure මෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා දී ඇති අපේක්ෂකයක් ද වෙයි.
එරට පෞද්ගලික නාලිකාවක් වන “Walf” නම් නාලිකාව එම උද්ඝෝෂණය සජීවීව විකාශය කරමින් සිටින අතරතුර බලධාරීන් එහි සංඥා අවහිර කළේය.










