• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිට නීති කඩන්න බෑ! චෝදනා තියෙන කිසි කෙනෙක් පොලිස්පති කරන්නත් බෑ! සජබ තීන්දුව ඉරාන් රටට කියයි! VIDEO I Sri Lanka Latest News

November 1, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ජනාධිපතිට නීති කඩන්න බෑ! චෝදනා තියෙන කිසි කෙනෙක් පොලිස්පති කරන්නත් බෑ! සජබ තීන්දුව ඉරාන් රටට කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයාට නීති කැඩිය නොහැකි බවත්, චොැදනා ඇති කිසිවකුත් පොලිස්පති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.Sri Lanka Latest News

ඉරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ , ආදායම් වැඩි කිරීමෙන් පමණක් රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට නොහැකි බවත් වියදම නාස්තිය දෙස අනිවාර්යෙන් බැලිය යුතු බවත් රටේ දළ දේශිය නිෂ්පාදනය වැඩි වුණොත් පමණක් හොද ආදායම ලබාගත හැකි බවත් ඒ සඳහා රටේ ආයෝජන ඇති කළ යුතු බවත්ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ පැවැසීය.

  ‘‘එකතු කළ අගය මත බද්ද සියයට 18 කින් වැඩි කරලා තිබෙනවා. 2024 ජනවාරි සිට ඒ බද්ද ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. රජයේ ආදායම අවම නිසා එකතු කළ අගය මත බද්ද සියයට 18 කින් වැඩි කළ බව බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. අපි සියලු දෙපා පිලිගන්නවා රජයේ ආදායම වැඩි කළ යුතුයි කියලා.  2019 යහපාල රජයේ ආදායම තිබුණේ ප්‍රතිශතයක් විදිහට සියයට සියයට 10 ක් පමණ. අපි ඉවත් වෙනකොට එම අගය සියයට 13 දක්වා පමණ වැඩි කළා. නමුත් ශ්‍රී ලංකාවේ සියයට 20 ක් පමණ තිබිය යුතුයි.  

ගැටලුව තිබෙන්නේ මොන බදු ද වැඩි කරන්නේ කාගෙන්ද බදු ගන්නේ කියන ප්‍රශ්නය. එකතු කළ අගය මත බද්ද වැඩි කළාව ඒ බද්ද බලපාන්නේ රටේ ඉන්න සාමාන්‍ය පුරවැසියන්ට. 2023 රජයේ ආදායම සියයට 50 කින් වැඩි වුණ බවත් බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන ඉලක්ක කිහිපයක් සම්පුර්ණ කළ යුතු නිසා එකතු කළ අගය මත බද්ද වැඩි කරන්න සිදුවුණ බව රජය කියනවා.

යහපාලන රජය බදු වැඩි කළා අපි ඒ බදු අඩුකරනවා කියලා 2019 , 11 , 27 බන්දුල ගුණවර්ධන පළවෙනි කැබිනට් මාධ්‍ය හමුවේදී කිව්වා. කිසිම සොයා බැලීමකින් තොරව , කිසිඳු සමීක්ෂණයකින් තොරව කියපු මෝඩ කතා. ගෝඨාභය රාජපක්ෂ දිනවන්න ක්ෂණික බදු ආදායම් කිහිපයක් කපා හැරපු නිසා රටේ ආදායම තුනෙන් එකකින් අඩු වුණා. අද තිබෙන ආර්ථික අර්බුදය මුල එයයි. ‍ෙකිසිම විද්‍යාත්මක පදනමක් නැතුව තමයි මේ බදු ඉවත් කරලා දැම්මේ. බදු කපා හැරීමෙන් දළ දේශීය නිෂ්පාදනය ඉහළ යනවා කිව්වා නමුත් දළ දේශීය නිෂ්පාදනය පහළට වැටුණා. ආදායම , අපනයනය සියල්ල පහළ වැටුණා. ආදායම් පහළ ගිය නිසා සල්ලි මුද්‍රණය කරන්න පටන් ගත්තා. ගෝඨාභයගේ කාලයේ මුදල් මුද්‍රණය කළ ප්‍රමාණය පසුගිය අවුරුදු 60 දීවත් මුද්‍රණය කරලා නෑ. සියයට 10 ට වඩා අඩුවෙන් තිබුණ උද්ධමනය සියයට 70 දක්වා ඉහළ ගියා. රටේ ආහාර උද්ධමනය සියයට සියයකින් ඉහළ ගියා.

ආදායම් වැඩි කරලා විතරක් රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගේන්න බෑ. වියදම නාස්තිය දෙස අනිවාර්යෙන් බැලිය යුතුයි. නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැඩක් වෙන්නේ නෑ. ආදායමෙන් වැඩි කොටසක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යට යොමු විය යුතුයි. නමුත් ඒ ගැන ආණ්ඩුවේ කිසිම යොමුවක් නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙත් ඒ ගැන යොමුවක් නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදිහට රට ගෙනියන්න ඕන නෑ. අපි දැන ගෙන ඉන්න ඕන හරිදේ කරන්න. රටේ නාස්තිය අඩු කරන්නේ කොහොමද කියලා ආණ්ඩුව දැන ගන්න ඕන.

තුන් වතාවක් විදුලි බිල වැඩි කළා. අලාභ පිට විදුලිය ලබාදෙන්න කියලා අපි කියන්නේ නෑ. විදුලි බිල වැඩි කළ යුත්තේ රජයේ ආදායම් අඩු වුණ නිසා නෙවෙයි.විදුලි බිල වැඩි කළ යුත්තේ විදුලි නිෂ්පාදනයට යන පිරිවැය පියවා ගැනීමට. නමුත් විදුලි නිෂ්පාදනයට යන පිරිවැය අධිකයි. විදුලි නිෂ්පාදනයට යන විදයම පහළට ගේන්න අවශ්‍යයි. ඒ සඳහ‍ා පුරණර්ජනනීය බලශක්තිය වැඩි කරන්න ඕන. පුරණර්ජනනීය බලශක්තිය වැඩි කරන්න ලංකාව තරම් සුදුසු තැනැක් නැති බව සමීක්ෂණ වලින් සනාථ කරලා තිබෙනවා.
විශාල පිරිසකගේ විදුලිය කපා දාලා තිබෙනවා. විදුලි කපා දැමීමෙන් වෙන්නේ රටේ දරුවන්ට ඉගෙනීමට බාධා එල්ල වෙන එක. රටේ නැති බැරි පරතරය දැන් ආදායමෙන් පමණක් නෙවෙයි අධ්‍යාපනයෙනුත් වැඩිවී ගෙන යනවා. විදුලි බිල වැඩි කිරීමෙන් මේ පරතරය තව තවත් වැඩි වී ගෙන යනවා.

ලංකා විදුලි බල මණ්ඩලය රටේ තිබෙන අනෙකුත් විදුලි බල නිෂ්පාදකයන් සමඟ සහ ජාත්‍යන්තර විදුලි බල නිෂ්පාදකයන් සමඟත් ලංකා විදුලි බල මණ්ඩලයේ වියදම ,නිෂ්පාදන වියදම සහ කාර්යක්ෂමතාවය පිළිබඳ මැන බලන්න ඕන.

ආදායම් බදු දෙපාර්තමේන්තුවට සහ රේගු අධිකාරියට ජනාධිපතිවරයා පවසලා තිබෙනවා ආදායම මදී ආදායම් එකතු කළ යුතුයි කියලා. අනිවාර්යෙන්ම මේ ආයතන ඩිජිටල් පද්ධතියකට සම්බන්ධ කළ යුතුයි. යහපාලන ආණ්ඩුව ආදායම් බදු අයකළ ප්‍රමාණය වැඩිකළා. දැනුත් කරන්න පුලුවන් නමුත් දූෂණය නිසා ඒ දේවල් කරන්න බැරි වෙලා තිබෙනවා. තාක්ෂණය ගෙනාවම දූෂණය අවම කරන්න පුලුවන්. 2018 – 2019 දී ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඩිජිටල් තාක්ෂණය හදුන්වලා දුන්නා. ඒක ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් තිබෙනවා. සමගි ජනබලවේග රජයක් තුළ ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ රේගු අධිකාරිය ඩිජිටල් කරනවා. ‘‘

==================================

ප්‍රශ්නය – මහ පරිමාණ සමාගම් බදු නොගෙවීම නිසා නේද සාමාන්‍ය ජනතාවට බදු ගෙවන්න සිදු වෙලා තිබෙන්නේ.

පිළිතුර – නොගෙවා තිබෙන බදු අනිවාර්යෙන් එකතු කරන ගන්න ඕන. ඒක එකතු කරන්න ආණ්ඩුවට ශක්තියක් නෑ. එතන තමයි දූෂණය පිළිබඳ ගැටලුව මතුවෙන්නේ. බදු පිළිබඳව ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්න අයට යම් යම් වාසි තිබෙනවා. ඒ වාසි නිසා ඔවුන් නිහඩ වෙනවා. එකතු කරන්න තිබෙනව බදු එකතු කරන්නේ නෑ. මේ ගැටලුව උග්‍ර ගැටලුවක්. දූෂණය අවම කරලා නීතිය ක්‍රියාත්මක කළේ නැත්නම් රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ.

වැට් බද්ද වැඩි කරන්න ආණ්ඩුවට විද්‍යාත්මක හේතුවෙක් දැන් තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. ආදායම් වැඩි කළ යුතුයි. ආදායම වැඩි කරලා රට වැටිලා තිබෙන උගුලෙන් එලියට එන්න බෑ. දළ දේශිය නිෂ්පාදනය වැඩි වුණොත් පමණයි ආදායම ලබාගන්න පුලුවන්. ඒ සඳහා රටේ ආයෝජන ඇති කළ යුතුයි. ඒ ආයෝජන තාම නෑ. නිෂ්පාදනයේ වැඩි වීමක් නෑ.

ඊශ්‍රායල පලස්තීන යුද්ධයේ ලංකාවේ අපනයනයට බලපානවා. මැද පෙරදිග කියන්නේ ලංකාවේ තේ වලට සහ අනෙකුත් නිෂ්පාදනවලට තිබෙන හොද වෙළඳපොලක්. ඊශ්‍රායල පලස්තීන යුද්ධය නිසා අපේ අපනයන ඒ රටවලට එකතු කරන්න බැරි වෙලා යනවා. ලංකාවේ තිබෙන අපනයන තරඟකාරීත්වය පහළ යනවා. ඊශ්‍රායලයේ සහ මැදපෙරදිග ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් සේවය කරනවා. මොවුන් එවන මුදල් වලින් තමයි ඔවුන්ගේ පවුල් නඩත්තු වෙන්නේ. ඊශ්‍රායල පලස්තීන යුද්ධය තවත් ඇදි ඇදි ගියොත් තෙල් මිල ඉහළ යන්න පුලුවන්. තෙල් මිල ඉහළ ගියෝත් ජීවන වියදමට ඒක බලපානවා.
ලෝක යුද්ද අපිට පාලනය කරන්න බෑ. ඒ ප්‍රතිවිපාක අපිට සෘණාත්මකයි.

ප්‍රශ්නය – රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන විපක්ෂය සතුටින්ද

පිළිතුර – රාජ්‍ය සේවකයින් ලක්ෂ 14 ටම වැටුප් වැඩි කරනවානම්. ඒ සඳහා ට්‍රිලියන ගාණක් අවශ්‍ය වෙනවා. අපි බලමු සියලු රාජ්‍ය සේවකයින් වැටුප් දෙයිද කියලා. රාජ්‍ය සේවය සීමා නොකර කියන විදිහේ වැටුප් වැඩි කිරීමක් කරන්න ආණ්ඩුවට බෑ. ඒවා එකපාරින්ම ආණ්ඩුව කියන්නේ නෑ.

SendShareShare
Previous Post

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නවතා දමන්න ඇමැති රමේෂ්ගෙන් තීරණයක්! Sri Lanka Latest News

Next Post

ගල් අඟුරු ටෙන්ඩරයක් මම නැවැත්තුවා! මගේ සභාපතිකම නැතිවුණා! ඔන්න ආයෙත් ඒ කොම්පැණියටම අවුරුදු 3කට ගල් අඟුරු ටෙන්ඩරය දෙන්න යනවා! විදුලි බිලෙන් මිනිස්සු දහදුක් විඳිද්දී හර්ෂ රට හෙල්ලෙන හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.