• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති නොබැදි ජාතීන්ගේ සමුළුවේ 19 වන රාජ්‍ය නායක සැසිය අමතයි! PHOTOS I Sri Lanka Latest News

January 20, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ජනපති නොබැදි ජාතීන්ගේ සමුළුවේ 19 වන රාජ්‍ය නායක සැසිය අමතයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවිතය මඟින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බවත්, යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවරදී අද (19) ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමිනි.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජ්‍ය නායක සැසිය ආරම්භ වූ අතර එය අද සහ හෙට (20) යන දෙදින පැවැත්වෙයි.

සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ විකාශනය වන බහුධ්‍රැවීය ලෝකයට ගැලපෙන පරිදි නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අරමුණු නැවත නිර්වචනය කරමින් ගෝලීය දකුණේ විශාලතම සාමාජික සංඛ්‍යාව සිටින සංවිධානය බවට පත් විය යුතු බවයි.

එම පරිවර්තනයේදී, මහා බල එදිරිවාදීකම් මෙන්ම ඊට මැදිහත් නොවන රාජ්‍යයන් ඈඳා ගැනීමට සිදු කරන බලපෑම්වලට විරුද්ධ විය යුතු බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා ගෝලීය දකුණේ රටවල පවතින දේශපාලන, ආර්ථික, සමාජීය සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ අභිලාෂයන් සපුරාලන, බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීමට නොබැඳි ජාතීන්ගේ සංවිධානය දායක විය යුතු බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 19 වන රාජ්‍ය නායක සැසිය
අමතා සිදු කළ සම්පුර්ණ කතාව මෙසේය,

නොබැඳි ජාතීන්ගේ 19 වන සමුළුවේදී, එම සංවිධානයේ නායකත්වය භාර ගැනීම පිළිබඳව උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනි මැතිතුමාට සුබ පතමින් මම මගේ කතාව ආරම්භ කිරීමට කැමතියි.

ගෝලීය දකුණේ රටවල් අතර සාමූහික දැනුවත්භාවයක් පැවතිය යුතු මෙවැනි තීරණාත්මක අවස්ථාවක උගන්ඩාව මෙම භූමිකාව භාර ගැනීම වඩා කාලෝචිත බව කිවයුතුයි.
වසංගතයේ ආරම්භය, ණය අර්බුදය, දේශගුණික ව්‍යසන, නව ගෝලීය තරගකාරිත්වය සහ ලෝකයට, විශේෂයෙන් ගෝලීය දකුණට ඉන් අනතුරුව ඇති වූ විවිධාකර බලපෑම්වලින් පසුව පැවැත්වෙන පළමු නොබැඳි ජාතීන්ගේ සමුළුව මෙයයි.

ජනාධිපතිතුමනි, අද අප මෙහි හමුවන අවස්ථාව වන විට ගාසා තීරයේ සහ ඉන් ඔබ්බෙහි මානුෂීය අර්බුදයක් දිග හැරෙමින් තිබෙනවා.

මාස තුනකට අධික කාලයක් පුරා පලස්තීනයේ සිවිල් වැසියන් දැඩි දුක් වේදනා හා අහිමිවීම් වලට ලක්ව ඇති අතර එමගින් කලාපීය ආරක්ෂාව හා ස්ථාවරත්වය ද අනතුරේ හෙළා තිබෙනවා.
මේ දක්වාම නොබැඳි ජාතීන්ගේ සංවිධානය බොහෝ දුරට නිහඬව සිටියා. ගාසා තීරය විනාශ වන විට අප මෙසේ නිහඬව සිටින්නේ කෙසේද?

එම ජනතාවට මානුෂීය ආධාර ලබා නොදුන්නා වගේම මියගිය අය අතර බහුතරයක් අහිංසක සිවිල් වැසියන් වෙනවා. නිශ්ශබ්දතාවයෙන් එකඟතාව ප්‍රකාශ වෙනවා.
උගන්ඩාවේ නායකත්වය යටතේ පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ මෙම 19 වන සමුළුව මගින් ගාසා තීරයේ මෙම අර්බුදය පිළිබඳ මෙන්ම පලස්තීනයේ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ ඔවුන්ට ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කර ගැනීමට ඇති අහිමි කළ නොහැකි අයිතිවාසිකම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දී තිබීම අගය කළ යුතුයි.
ගාසා තීරය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව ගෙන ඇති නිර්භීත ස්ථාවරයට අපි සුබ පැතිය යුතුයි. වහාම මානුෂීය සටන් විරාමයක් ඇතිකරන ලෙසත්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාව දැනටමත් ඉල්ලා තිබෙනවා.
ඊශ්‍රායලය නැමති තනි රාජ්‍යයක් මත ද්විත්ව රාජ්‍ය විසඳුමක් පැවතිය නොහැකියි. පලස්තීන රාජ්‍යයක් නොමැතිව කිසිදු විසඳුමක් ද ලබාගත නොහැකියි.
එබැවින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පවතින විවිධ යෝජනා මෙන්ම මෙම සමුළුවේ ප්‍රකාශනයට අනුව, ජාත්‍යන්තර ප්‍රජාව විසින් බටහිර ඉවුර, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම, පලස්තීන රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශ ලෙස පිළිගත යුතුයි. එමෙන්ම ගාසා හි ජනවාර්ගික සංයුතියේ කිසිදු වෙනසක් ද සිදු නොවිය යුතුයි. ඒවගේම වසර 5ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටිනවා.
ජනාධිපතිතුමනි, අප දැන් සීතල යුද්ධයෙන් පසු පැවැති තත්ත්වයේ අවසානය සහ විකාශනය වෙමින් පවතින බහු ධ්‍රැවීය ලෝකයේ ආගමනය ද අත්දකිමින් සිටිනවා.
භූ දේශපාලනික පෙරමුණ තුළ, පැරණි බලවතුන් සහ බලවතුන් බවට පත්වීමට අපේක්ෂිත පාර්ශ්ව අතර පැවති සැඟවුණු සහ විවෘත ගැටුම් නැවත මතුවීම ද අප අත්දකිමින් සිටිනවා.
යුරෝපයේ අත්ලාන්තික් සාගරයේ හමුදා සන්ධානය ශක්තිමත් වී තිබෙනවා. ආයුධ පාලනයට අදාළ අතීත ගිවිසුම් බිඳ වැටී තිබෙනවා.
හමුදා සඳහා කෙරෙන වියදම් ඉතිහාසය පුරා පෙර නොවූ විරූ මට්ටම් කරා ළඟා වී ඇති අතර න්‍යෂ්ටික අවි සම්බන්ධව යළිත් වරක් ප්‍රභල වශයෙන් ප්‍රතිපත්තිමය සාකච්ඡාවකට ලක් විය යුතුව තිබෙනවා.

ඉන්දියානු සහ පැසිෆික් සාගරවල අපගේ අවට ප්‍රදේශ ඇතුළු කළාපයේ භූ-උපායමාර්ගික තරගයක් නිර්මාණය වෙමින් පවතින අතර අභ්‍යවකාශය සහ සාගර, ගැටුම් ඇති විය හැකි වේදිකා බවට පත් වී තිබෙනවා.
ප්‍රධාන බලවතුන් අතර පවතින උපායමාර්ගික තරගකාරීත්වය හේතුවෙන් ප්‍රතිපත්ති මත පදනම් වූ වෙළඳ ආරක්ෂණවාදයේ නැගීම නිසා නිදහස් වෙළඳ හා ආර්ථික ඒකාබද්ධතාවය පසුපසට ගමන් කරවමින් තිබෙනවා.
එමෙන්ම වියුගලනය සහ අවදානම අවම කිරීම යන සංකල්පයන් මගින් මෙම තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත කර තිබෙනවා.
නව වෙළඳ ක්‍රමයක් පිළිබඳ ඒකපාර්ශ්වික ප්‍රකාශයක් සහ බටහිර ජාතීන් විසින් ලෝක වෙළඳ සංවිධානයේ බහුපාර්ශ්විකත්වය පසෙක දමා තිබෙනවා.
ඩොලරය ආයුධයක් බවට පත් කර තිබෙනවා. ආර්ථික හා ණය අර්බුදය, දේශගුණ යුක්තිය, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාවය නව අභියෝග බවට පත්ව තිබෙනවා.
ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි ගබඩාවන් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තුළ සිටින සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සහ සංවර්ධිත ලෝකය අතර පවත්නා අසමානතා උග්‍ර කර තිබෙනවා.
මෙම සමුළුවේ තේමාව බවට පත්ව ඇති ” හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” අපගේ ලෝකයන් දෙක අතර පවතින අසමානතාවයන් විසඳීමේ අවශ්‍යතාවය පිළිබිඹු කරනවා.
එය සාර්ථක කර ගැනීමට නම්, සියල්ලන්ටම යහපත් ලෝකයක් සඳහා දායක වන ශක්තිමත් සහ එක්සත් නොබැඳි සංවිධානයක් අවශ්‍ය බව අපට අත්දැකීම් මගින් පෙන්වා දෙනවා.
එසේ කිරීමට නම් අප අපවම ප්‍රතිනිර්මාණය කර ගත යුතුයි. නොබැඳි ජාතින්ගේ සාමාජිකත්වය තවදුරටත් දුර්වල රාජ්‍යයන්ගේ එකතුවක් නොවේ.එය එසේ සිදුව තිබෙන්නේ, ඇතැම් ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල අත්කරගෙන සිටින වේගවත් ප්‍රගතිය හා ආර්ථික දියුණුව නිසා බව අප හඳුනාගත යුතුයි.
2050 වසර වන විට ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික දහය අතුරින් බහුතරයක් මෙම සංවිධානයට අයත් වනු ඇතියි.
ගෝලීය කටයුතුවලදී නායකත්වය ගත හැකි රටවල් අප අතරින් මතුවෙමින් පවතින බව ද දක්නට ලැබෙනවා. ඔවුන් නායකත්වය ලබා දීමට සූදානම් විය යුතුයි.
එමෙන්ම, මහා බලවතා වීම සඳහා පැරණි සහ නව ප්‍රධාන බලවතුන් අතර දේශපාලනික, ආර්ථික, තාක්ෂණික හා යුධමය වශයෙන් භූ-උපායමාර්ගික තරගකාරී තත්ත්වයන් මතු වන විට අප විසින් ඉටු කළ යුතු අත්‍යාවශ්‍ය කාර්යභාරයක් තිබෙනවා.
ජනාධිපතිතුමනි, එබැවින් නොබැඳි ජාතීන්ගේ සංවිධානය ඔබගේ සභාපතිත්වය යටතේ ප්‍රතිනිර්මාණය කළ යුතුයි.
එසේම, බහු ධ්‍රැවීය ලෝකයක් තුළ ගෝලීය දකුණ නියෝජනය කරන විශාලතම රටවල් සමූහය ලෙස පරිවර්තනය වීම සඳහා නව භූමිකාවක් ඔබ භාරගත යුතුයි.

ඒ සඳහා අප අපගේ අරමුණු ද නැවත සකස් කළ යුතුයි. විකාශනය වන බහු ධ්‍රැව ලෝකය තුළ බැන්ඩුන්ග් මූලධර්ම ආරක්ෂා කරන අතරම මහා බල එදිරිවාදීකම් වලට මෙන්ම ඊට මැදිහත් නොවන රාජ්‍යයන් ඈඳා ගැනීම සඳහා සිදු කරන බලපෑම්වලට විරුද්ධ වීම, ගෝලීය දකුණේ රටවල දේශපාලන, ආර්ථික, සමාජීය සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ අභිලාෂයන් ඇතුළත් බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීම සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය ගෝලීය දකුණේ රටවල සහ එහි මිත්‍ර රාජ්‍යයනගේ ක්‍රියාශීලී කඳවුරක් බවට පත්කර ගැනීමට අප අපවම පරිවර්තනය කරගනිමු.
එමෙන්ම ගෝලීය දකුණ මුහුණ දෙන සමකාලීන අභියෝගවලට මුහුණ දීම සඳහා සන්නද්ධ වූ ඵලදායී ස්ථිර මෙහෙයුම් ව්‍යුහයක් ස්ථාපිත කරගනීමට අප කටයුතු කරමු කියා මා යෝජනා කරනවා.
එසේම අප මෙම නව පිළිවෙල හැඩගස්වා ගැනීමේ හැකියාවක් ඇති සංවිධානයක් බවට පත් වෙමු.
ජනාධිපතිතුමනි, අපගේ අනාගතය රැඳී තිබෙන්නේ අපගේ දෑත් මතයි. අපට එය සිදු කිරීමට හෝ, විනාශ කිරීමට හැකියාව තිබෙනවා. අපි එය සිදු කරමු.
නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 19 වන රාජ්‍ය නායක සැසිය සාර්ථකව පැවැත්වීමට ඉතා උසස් අයුරින් එම කටයුතු සංවිධානය කළ උගන්ඩාවේ ජනාධිපතිතුමා ඇතුළු රජයට මාගේ ස්තුතිය පිරිනමමින් මගේ කතාව අවසන් කරනවා.
විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංග්ස් නෙල්සන්, නිමල් පියතිස්ස, කුමාරසිරි රත්නායක, උදයකාන්ත ගුණතිලක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-01-19

SendShareShare
Previous Post

තිබ්බ එක වගේම දරුණුයි! ත්‍රස්තවාදී ක්‍රියාවන් ඕනෑවට වඩා පුළුල් ලෙස නිර්වචනය කරලා! රැඳවුම් ස්ථාන නැරඹීමට මානව හිමිකම් කොමිසමට ඇති හැකියාව සීමා කරලා! විධායකයට අධික බලතල දීලා! ‌වරෙන්තු නොමැතිවත් අත්අඩංගුවට ගන්න පුලුවන්! වහාම සංශෝධනය කරන්න! ආණ්ඩුව සම්මත කරගන්න යන අලුත් ත්‍රස්ත විරෝධී පනතට ජිනීවාවලින් බරපතළ විරෝධයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇතුළේ ඉන්න ගණේමුල්ල සංජීවගේ ගෝලයාගේ ගෙදර බංකරයක්! ලක්ෂ 22ක සල්ලියක් මතුවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.