• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීට අමෙරිකාවට ඇතුල් වීම තහනම්! වීසා ප්‍රතික්ෂේපයි! අලුතින් හදපු නම් ලයිස්තුවකින් ප්‍රබල චරිත රැසකටම අමෙරිකාව තහනම් කරලා! I Sri Lanka Latest News

March 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

2009 වසරේදී යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ලවූ බලගතුම චෝදනාව වූයේ යුද්ධයේදී යුද අපරාධ සිදුව ඇතැයි යන්නය. එය කොතරම් ප්‍රබල ලෙස එම කාලසීමාවේදී ඉදිරිපත් වූවාද කියනවා නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට අවස්ථා ගණනාවකදීම ඒ සම්බන්ධයෙන් යෝජනා පවා ලංකාවට එරෙහිව ඉදිරිපත්ි වූ ආකාරයක් දැකගත හැකි විය. විවිධ රටවල් ලංකාවට එරෙහිව යෝජනා සම්මත කරගැනීමට කටයුතු කොට තිබිණි. නමුත් කාලයාගේ ඇවෑමෙන් එම චෝදනා යටපත්ව යෑම හේතුකොට ගෙන ලංකාවට එරෙහිව කිසියම් බරපතළ තීන්දුවක් ගැනීමට නොහැකි වූ තැන ලොව ප්‍රබල රටවල් කළේ ලංකාව ඉලක්ක කරගෙන විවිධ ආකාරයේ සම්බාධක පැනවීමට කටයුතු කිරීමය. ඉන් එකක් වූයේ යුද්ධයට ඍජුවම සම්බන්ධව කටයුතු කළ හමුදාපතිවරුන්ට සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ට සිය රටවලට ඇතුළු වීම වළක්වාලමින් සංචාරක සීමා පැනවීමය. ඒ අනුව එවක යුද හමුදාපතිවරයාව සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට, ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ප්‍රධාන පෙළේ හමුදා නිලධාරීන් කිහිප දෙනකුට අදටත් ඇමෙරිකාවට ඇතුළු වීමට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ඇමෙරිකාව කටයුතු කොට ඇත. එපමණක් නොව යුරෝපයේ ප්‍රධාන පෙළේ රටවල්ද, ඔස්ටේ්‍රලියාවද අවස්ථා ගණනාවකදීම යුද්ධයට සම්බන්ධ වූ නිලධාරීන්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.Sri Lanka Latest News

ආණ්ඩුවේ මන්ත්‍රීට වෙච්ච දේ

කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධයට පෙර සිටම ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීම හේතුවෙන් ඒ අවස්ථාවේදී ගෝඨා පිළිබඳ ඇමෙරිකාව තීන්දුවක් නොගත්තද, පසුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය අත්හැරීමෙන් පසු යළිත් කිසිදු අවස්ථාවක ඇමෙරිකාවට ඇතුළු වීමට වීසා ලබාදීමට ඇමෙරිකාව කටයුතු කළේ නැත. අවම වශයෙන් අරගලය අවස්ථාවේදී ගෝඨා ලංකාවෙන් පලායෑමෙන් පසු අවස්ථා ගණනාවකදීම ඇමෙරිකාවට ඇතුළු වීම සඳහා වීසා ඉල්ලුම් කරනු ලැබුවද ඒ සෑම අවස්ථාවකදීම ඇමෙරිකාව එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය. එමෙන්ම තවත් ප්‍රබල රටවල් කිහිපයක්ම ගෝඨාගේ වීසා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අවසානයේදී පසුගිය කාලය පුරාම ගෝඨාට ලංකාවෙන් පිටතට කියා යෑමට හැකිවූයේ ඩුබායි රාජ්‍යයටත්, බැංකොක් නුවරටත් පමණි.

සාමාන්‍යයෙන් යුද්ධයට සම්බන්ධ වූ ආරක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් ඇමෙරිකාව මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළද කිසිදු අවස්ථාවක දේශපාලනඥයන් සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැත. නමුත් හිටිහැටියේම පසුගිය සතියේදී ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයකුට එම කනගාටුදායක සිදුවීමට මුහුණ දීමට සිදුවිය. මේ මන්ත්‍රීවරයා මේ වන විට තනතුරක් නොදරා ආණ්ඩු පක්ෂයේ රැඳී සිටියද, ඉකුත් කාල සමයේදී ආණ්ඩු ගණනාවකම ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුර දැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ලෙස සැලකේ. යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති වුවද, යුද ජයග්‍රහණය කාලයේ මේ මන්ත්‍රීවරයාද එම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුව සිටියේය.

මේ ප්‍රබල මන්ත්‍රීවරයාගේ පුත්‍රයා සිටින්නේ ඇමෙරිකාවේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමිනි. ඒ අනුව මේ ප්‍රබල මන්ත්‍රීවරයා සිය පුතා බැලීම සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයැදුම් කළද කිසිවකු නොසිතූ ආකාරයට ඔහුගේ වීසා ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කිරීමට එම තානාපති කාර්යාලය පියවර ගෙන තිබිණි. ඉන් පුදුමයට පත් මේ ප්‍රබල මන්ත්‍රීවරයා ඊට බලපෑ හේතු මොනවාද යන්න පිළිබඳ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් විමසා තිබුණද, එම හේතු කිසිවක් එම පාර්ශ්වයෙන් ඉදිරිපත් කොට නොතිබිණි.

මෙම තොරතුර රාජ්‍ය රහස් තීරයට වාර්තා වීමත් සමග අපද මෙම කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට පියවර ගත්තේ එම පුවත සුළුවෙන් තැකිය නොහැකි එකක් නිසාය. එහිදී අපට දැනගන්නට ඇත්තේ හමුදා නිලධාරීන්ගේ නොවන වීසා ප්‍රතික්ෂේප කළ යුතු විශාල පිරිසකගේ නම් ලැයිස්තුවක් ඇමෙරිකානු බලධාරීන් විසින් මේ වන විටත් සකස් කොට අවසන් බවය. එම නම් ලැයිස්තුවට දේශපාලකයන්ගේ පමණක් නොව, මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්වලට අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ නම්ද, විවිධ චෝදනාවලට ලක්ව ඇති වෙනත් ක්ෂේත්‍රවල නිලධාරීන්ගේ නම්ද, අධිකරණ ක්ෂේත්‍රයේ කිහිපදෙනකුගේ නම්ද ඇතුළත්ව තිබෙන බව ආරංචිය. ඇමෙරිකාව සකස් කොට ඇති මෙම නම් ලැයිස්තුව මේ වන විට යුරෝපය, ඔස්ටේ්‍රලියාව ඇතුළු ප්‍රධාන පෙළේ රටවල් රැසක් අතට පත්වී ඇති බවද දැනගන්නට ඇත.

මෙම නම් ලැයිස්තුව කෙසේ හෝ ලබාගැනීමට අප දැඩි උත්සාහයක් දැරුවද අවම වශයෙන් එහි ඉඟියක් හෝ ලබාගැනීමට අපට හැකි වූයේ නැත. ඒ අනුව, එම නම් ලැයිස්තුවේ සිටින්නේ කවුරුන්ද යන්න දැනගැනීමට නම් මේ ආකාරයට වීසා ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වන තෙක්ම සිටිය යුතුය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

හිටපු කතානායකවරු 25 දෙනාගෙන් දුර්වලතම කෙනා වත්මන් කතානායකවරයා! එතුමා අද විධායකයේ දිගුවක් වෙලා! ඔන්ලයින් පනත මගින් ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කළා! VIDEO I Sri Lanka Latest News

Next Post

කැනඩාවේ මරා දැමූ ලාංකික පවුලේ අවසන් කටයුතු සිදුකරයි! බිරියයි දරු පැටවුන් ටිකයි අවසන් ගමන් යන හැටි බලන්න තුවාල ලබා රෝහලේ සිටි සැමියා ධනුෂ්කත් පැමිණෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.