කතානායකවරයාට විරුද්ධව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට හෙට සහ අනිද්දා දෙදින තුළ සිදුවන බවත්, මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ අභිමතාර්ථය පදනම් කරගෙන විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
අද (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා මෙසේද කීය.
⛔පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යම් පනතක් මානව හිමිකම් සමග ගැටෙනවා නම් එම පනත් සඳහා සංශෝධන හා නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය හිමිවෙනවා..
⛔මහජන අවශ්‍යතා රජයකට සම්පූර්ණ කළ නොහැකි අවස්ථාවලදී එයට විරුද්ධව නැගී සිටීමට මහජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අයිතිය හිමිවෙනවා…
⛔යෝජිත පනතකට නිර්දේශ ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සති තුනක් ඇතුළත ජනාධිපතිවරයාට හා කතානායකවරයාට දැන්විය යුතුයි..
⛔ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන නිර්දේශ හා යෝජනා අනිවාර්යෙන්ම රජය පිළිගත යුතුයි..
⛔මෑතකදී ඉදිරිපත් කළ මාර්ගගත ආරක්ෂණ පනත මගින් ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කළා…
⛔මෙම ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට පවා පයින් ගසා, නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමේ දොරටු විවෘත කරලා..
⛔කථානායකවරයා යනු නිර්පාක්ෂික පුද්ගලයෙක්.. එහෙත් වත්මන් කතානායකවරයා පක්ෂග්‍රාහී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා..
⛔මෙතෙක් කතානායකවරු 25 දෙනාගෙන් දුර්වලතම කථානායකවරයා වත්මන් කතානායකවරයා… එතුමා විධායකයේ දිගුවක් බවට පත්‌වෙලා..
⛔පවතින රජය ආඥාදායක පාලනයකට මග සකසනවා.. එය කෙසේ වුණත් කතානායකවරයා මහජනතාවගේ මුලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ නියමුවා බවට පත්විය යුතුයි..
⛔ජුලි මාසෙ මැද භාගය වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමිවනවා.
⛔ජනාධිපතිවරණය කල්තැබීමට නීතියෙන් කිසිදු ඉඩක් නෑ, එනම් අනෙකුත් මැතිවරණ මෙන් නොව නම්‍යශීලී නොවන නිශ්චිත කාලරාමුවක් තුළ පැවැත්විය යුතුයි..
⛔පාර්ලිමේන්තු මැතිවරණයකට මුවා වි, ජනාධිපතිවරණය කිසි විටෙක කල් දැමිය නොහැකියි. ඒය නිශ්චිත දිනවකානුවල අනිවාර්යෙන් පැවැත්විය යුතුයි..