පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි සීතාවකපුර නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද සමගි ජන බලවේගයට හැකි විය.Sri Lanka Latest News
සීතාවකපුර නගර සභාවේ මංගල සැසිවාරය පැවැති අද (15) දින එහි නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සුනිල් ජයරත්න මහත සීතාවකපුර නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.










