• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව කඳවල වලව්වට කරන්න යන දේට එලොව ඉන්න ‌කොතලාවල ඉඩ දෙයිද?

August 10, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
ආණ්ඩුව කඳවල වලව්වට කරන්න යන දේට එලොව ඉන්න ‌කොතලාවල ඉඩ දෙයිද?
Share on WhatsAppShare on Facebook

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මේ වනවිට රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. ඒ ඊට එරෙහි විරෝධතා දිනෙන් දින ඉහළ යෑමත් සමඟිනි. පසුගිය සතිය පුරාමත් විවිධ පාර්ශ්ව විසින් රටපුරා කොතලාවල පනතට එරෙහි විරෝධතා දක්වන ආකාරය දැක ගත හැකි විය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිළිබඳ කතාබහ නැවත අලුත් වූයේ ඊට අදාළ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට වර්තමාන රජය සූදානම් වීමත් සමඟය. කතාබහට ලක්ව ඇති කොතලාවල විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට අදාළ ගැසට් පත්‍රය මුලින්ම නිකුත් කර ඇත්තේ 2018 වසරේදීය. ඒ යහපාලන රජය විසිනි. වර්තමාන රජය යටතේ එම පනත සම්මත කිරීමට සූදානම් වීම මේ වනවිට දැඩි විරෝධයකට තුඩු දී ඇත. කොතලාවල පනතට විරෝධය දක්වන පිරිසගේ අදහස වී ඇත්තේ එම පනත හරහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට සහ මිලිටරීකරණය කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන බවය. ඒ එම පනත හරහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල නාමය යටතට වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඈඳා ගැනීමට සහ වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ඉඩ සලසා දීමට යෝජනා කර ඇති බැවිනි.

ඒ පිළිබඳ විරෝධතා දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් කිහිප දෙනකු අත්අඩංගුවටද පත් විය. කෙසේ නමුත් ඇති වී තිබෙන බලවත් විරෝධය හේතුවෙන් පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත එදින ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ජනතාවගේ අදහස් තවදුරටත් ලබා ගැනීමට කල් ලබා දිය යුතු බැවින් එම පනත පසුව ඉදිරිපත් කරන බවය. 1981 වසරේ අංක 68 දරන පාර්ලිමේන්තු පනත යටතේ පළමුව මෙම අධ්‍යාපන ආයතනය ස්ථාපනය කර ඇත්තේ කොතලාවල ආරක්ෂක ඇකඩමිය යන නමිනි. එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට උසස් අධ්‍යාපනය ලබා දීමය. ඒ සඳහා යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකුවන ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ නිවෙසය. අදටද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පවත්වා ගෙන යනු ලබන්නේ එම භූමියේමය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පවත්වා ගෙන යනු ලබන සර් ජෝන් කොතලාවලට අයත් නිවෙස සම්බන්ධ කතාවද ඉතා රසවත් එකකි. එය අපේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී තීන්දු තීරණ රැසක් ගනු ලැබූ ස්ථානයකි.

ජෝන් කොතලාවල මහතා විසින් මෙම නිවෙස පළමුව මිලදී ගෙන ඇත්තේ 1920 වසරේදීය. ඒ පොදු වෙන්දේසියකදීය. ඒ වන විට කාමර තුනක කුඩා නිවෙසක් වූ එය 1926 වසර වන විට කොතලාවල මහතා විසින් දෙමහල් නිවෙසක් බවට සංවර්ධනය කර ඇත.

එසේ වුවද නවීකරණය කළ නිවෙසේ වැඩි කලක් ජීවත් වීමට කොතලාවල මහතාට අවස්ථාව ලැබී නැත්තේ දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීම හේතුවෙනි. ඒ සමඟම එම නිවෙස රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුබද්ධව රාජකීය ගුවන් හමුදාවේ මූලස්ථානයක් බවට පත්ව ඇති අතර එය නැවත වරක් කොතලාවල මහතාට හිමිව ඇත්තේ දෙවැනි ලෝක යුද්ධය අවසානයේදීය.

දේශපාලනඥයෙක් ලෙස බොහෝ දෙනා දැන සිටියද ජෝන් කොතලාවල මහතාද උසස් නිලතල දැරූ හමුදා නිලධාරියෙකි. 1921 වසරේදී හමුදා සේවය සමඟ එක්වූ ඔහූ දෙවැනි ලුතිනල් නිලයේ සිට එවකට මෙරට හමුදා නිලධාරියෙකුට දැරිය හැකි උසස්ම නිලය වූ කර්නල් තනතුර දක්වාම පැමිණීමට සමත්කම් දක්වා ඇත.

ජෝන් කොතලාවල මහතා පළමුව දේශපාලනයට පිවිස ඇත්තේ 1931 වසරේදීය. ඒ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ පිහිටුවූ රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග වදිමිනි. ඒ වනවිට ඒ මහතාගේ පියාට අයත් පතල් කර්මාන්ත විශාල ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබීම එයට හේතු වී ඇත.
අනතුරුව 1945 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ කොතලාවල මහතා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. ඒ වන විටද කොතලාවල මහතා ජීවත් වී ඇත්තේ කඳවල පිහිටි තම නිවෙසේය.

1948 වසරේදී නිදහස හිමි වීමෙන් පසු මෙරට පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත් වූයේ ඩී. එස්. සේනානායක මහතාය. ජෝන් කොතලාවල මහතා එම රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු විය. 1952 වසරේදී සිදුවූ හදිසි අනතුරකින් ඩී. එස්. සේනානායක මහතා මියගිය අතර අග්‍රාමාත්‍ය ධූරය හිමි වූයේ ඒ මහතාගේ පුත්‍රයා වූ ඩඩ්ලි සේනානායක මහතාටය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඩඩ්ලි සේනානායක මහතාට අග්‍රාමාත්‍ය ධුරය හිමි වීම සැලකෙන්නේ මෙරට දේශපාලනයේ විශේෂ සංධිස්ථානයක් ලෙසිනි. ඒ සම්බන්ධයෙන් ජෝන් කොතලාවල මහතා දැඩි අප්‍රසාදයකින් සිටි බවද ප්‍රසිද්ධ රහසකි. ඥාති පරපුරකින් පැවත ආ සේනානායක පවුල සහ කොතලාවල පවුල අතර දේශපාලනය විරසකයක් පවා ඇතිවීමට එම සිද්ධිය ප්‍රබල විය.

ඩී. එස්. සේනානායක මහතාට පසු රජයේ සිටි ජ්‍යෙෂ්ඨයා වූ ජෝන් කොතලාවල මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා නොදීම සම්බන්ධයෙන් රට තුළද දැඩි කතාබහක් නිර්මාණය විය. ජෝන් කොතලාවල මහතාට අගමැති ධුරය ලබා නොදීම කුමන්ත්‍රණයක් බවද බොහෝ දෙනාගේ අදහස විය. එම සිද්ධියට අදාළව Prime Minister’s Stake නමින් ග්‍රන්ථයක්ද පළවූ අතර එය කොතලාවල මහතාගේ අනුදැනුම යටතේ ලියූ එකක් වන බවද ප්‍රසිද්ධ කරුණකි.

ඊට අදාළ සියලු කටයුතු සිදුව ඇත්තේද කඳවල පිහිටි නිවසේදීය. එනම් වර්තමාන කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලය පිහිටා ඇති භූමියේය. එම ග්‍රන්ථය නිකුත් වීමෙන් අනතුරුව එවක රජයේ ඇමැතිවරුන් බොහෝ දෙනකු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා පිළිබඳව අප්‍රසාදයට පත් වූ බවද ප්‍රසිද්ධ කාරණයකි. ඒ හේතුවෙන් රජය පිළිබඳ ජනතා විශ්වාසයද බිඳ වැටෙන්නට විය.

1953 හර්තාල් ව්‍යාපාරය ඇරඹී ඇත්තේ මෙවැනි පසුබිමකය. දිවයින පුරා පැවැති හර්තාල් ඉතාම දැඩි ස්වරූපයක් ගත් අතර ඒ අතරතුර එක් පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් මරුමුවට පත් විය. එම සිද්ධියෙන් පසු ඩඩ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූයේ ජෝන් කොතලාවල මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දෙමිනි.

අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරුවද තම සුපුරුදු කඳවල නිවෙසින් ඉවත් වීමට ජෝන් කොතලාවල මහතා සූදානම් වූයේ නැත. අග්‍රාමාත්‍යවරයාට හිමි අරලියගහ මන්දිරය වෙනුවට තම රාජකාරි කටයුතු කඳවල නිවෙසේ සිටම සිදු කර ගෙන යාමට කොතලාවල මහතා තීරණය කළේය. කඳවල නිවෙස මෙරට අග්‍රාමාත්‍ය නිල නිවෙස බවට පත් වන්නේ ඒ අනුවය.

1956 වසරේ මහ මැතිවරණයෙන් ජෝන් කොතලාවල මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අගමැති ධුරයට පත් විය. පරාජයෙන් පසුව දේශපාලනයෙන් ඉවත් වූ කොතලාවල මහතා එතැන් පටන් වසර කිහිපයක්ම ගත කර ඇත්තේ එංගලන්තයේය. ඒ කෙන්ට් ප්‍රාන්තයේ පිහිටා ඇති තම වතු නඩත්තු කරමිනි.

නැවත වරක් ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ජීවිතයේ සැඳෑ සමයේදීය. ඉන් පසුවද සුපුරුදු කඳවල නිවෙස කොතලාවල මහතාගේ නවාතැන බවට පත් විය. විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ඒ වන විටද කටයුතු කළේ සර් ජෝන් කොතලාවලය.

1977 වසරේ ජේ. ආර්. ජයවර්ධන රජය පත් වීමත් සමඟම ආරක්ෂක අංශ සාමාජිකයන්ට උසස් අධ්‍යාපනය ලබා දීමද කතාබහට ලක්වන්නට විය. ඒ වන විටද ඒ සඳහා භූමියක් හිමිව තිබුණේ තම අවසන් කැමැති පත්‍රයෙන් එම නිවෙස ආරක්ෂක විශ්වවිද්‍යාලය සඳහා පරිත්‍යාග කිරීමට ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා තීරණය කර තිබීම මතය. 83 වන වියේ පසුවූ ජෝන් කොතලාවල මහතා 1980 වසරේ ඔක්තෝබර් 02 වැනිදා සදහටම මෙලොවින් සමුගත් අතර එම දේහය තැන්පත් කර තිබුණේද කඳවල නිවසේමය. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ අභාවයෙන් පසු ඒ මහතාට ගෞරවයක් වශයෙන් ජෙනරාල් නිලයට උසස් කිරීමට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා කටයුතු කළේය.

එවකට හමුදාපතිවරයා වූ ඩෙනිස් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් ජෝන් කොතලාවල මහතාගේ කඳවල නිවෙස 1980 ඔක්තෝබර් 02 වැනි දින ආරක්ෂක අංශ භාරයට පවරා ගත් අතර පාර්ලිමේන්තු පනතක් හරහා කොතලාවල ආරක්ෂක ඇකඩමිය ආරම්භ වූයේ ඉන් අනතුරුවය. ඉන් පසු 1988 වසරේ අංක 27 දරන සංශෝධනය මඟින් එය විශ්වවිද්‍යාලයක් මට්ටමට උසස් කළ අතර 2007 අංක 50 දරන සංශෝධනය මඟින් ඒ වෙත නෛතික වශයෙන් උපාධි ප්‍රදානය කිරීමේ බලය හිමි කර දෙනු ලැබිණි. ඉන් පසු නැවත වරක් 2014 වසරේ අංක 06 දරන පනත මඟින් වෛද්‍ය ආඥා පනත වෙනස් කොට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නෛතික බලයද ලබා දී ඇත.

මෙරට දේශපාලනයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ කොතලාවල පරපුරේ වර්තමාන නියෝජනය වන්නේ භාරත කොතලාවල මහතාය. තම මුත්තණුවන් වූ ජෝන් කොතලාවල මහතාගේ පරිත්‍යාගයෙන් ආරම්භ වූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දැඩි කතාබහකට ලක්ව ඇති වකවානුවක අප භාරත කොතලාවල මහතා සම්බන්ධ කර ගත්තේ එහි ඉතිහාසය පිළිබඳව තවදුරටත් කරුණු විමසා බැලීම පිණිසය.

“එතුමා ඒ නිවෙසේ ජීවත් වෙන කාලය මට මතකයි. ඒ දවස්වල ඒ නිවසේ හැම ඉරිදා දවසෙම ආප්ප පාටියක් තිබුණා. මායි, තාත්තයි හැම ඉරිදාම එහෙ යනවා. ඒ පාටියෙදි කාපු බිත්තර ආප්ප රස තවම මට මතකයි. මේ රටේ දේශපාලනයට සම්බන්ධ බොහෝ දෙනකුත් ඉරිදාට ඒ පාටියට එනවා.”

භාරත කොතලාවල මහතා එම මතකය අලුත් කළේ එසේය.

“එතුමා තම අන්තිම කැමති පත්‍රයෙන් සෑම දේපළක්ම බෙදා දීලා තිබුණා. කඳවල ඉඩමේ බොහෝ කොටසක් සේවකයන්ට බෙදා දීලා තිබුණා. ඒ සේවකයන්ගෙන් පැවත එන ජනතාව අදටත් ඒ අවට ජීවත් වෙනවා. එහෙම බෙදා දීලා ඉතිරි වුණු කොටස තමයි ආරක්ෂක විශ්වවිද්‍යාලය සඳහා පරිත්‍යාග කළේ. ඒකට එතුමාගේ ලොකු කැමැත්තක් තිබුණා. ඒ සියල්ල පරිත්‍යාග කරලා එතුමා බොහොම සතුටින් කොළඹ ජාතික රෝහලේදී අවසන් හුස්ම හෙලුවා. ඒ වෙලාවේ මායි, මගේ තාත්තයි, එවක සෞඛ්‍ය ඇමැතිවරයා වූ ගාමිණී ජයසූරිය මහත්තයායි තමයි ඒ අසල හිටියේ.”

ඒ කොතලාවල මහතාගේ අදහස්ය.

කතාබහ අවසන් කිරීමට මත්තෙන් වර්තමානයේ ආන්දෝලනයට තුඩු දී ඇති පනත පිළිබඳවද භාරත කොතලාවල මහතාගෙන් විමසීමට අප අමතක නොකළේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඒ මහතාටද අයිතියක් ඇති බැවිනි.

“ඒ භූමිය අපි පරිත්‍යාග කරලනේ තියෙන්නේ. ඒ හින්දා දැන් අපි ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මේක ජෝන් කොතලාවල මැතිතුමා පරිත්‍යාග කළේ දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න. ඉදිරියටත් ඒ ළමයින්ට ඒ අවස්ථාව ලැබෙනවා නම් හොඳයි.”

ඒ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ මුණුපුරාවන භාරත කොතලාවල මහතාගේ අදහසය.

වර්තමානයේ ජනතාව කතා කරන්නේ දේශපාලනයෙන් හරි හම්බ කර ගත් පාලකයන් පිළිබඳවය. නමුත් අතීතයේ තත්ත්වය ඊට වඩා වෙනස් එකකි. ඊට හොඳම උදාහරණය ශ්‍රීමත් ජෝන් කොතලාවලයන්ය. ඒ මහතා මෙලොව හැර ගියේ තමා සතු සියල්ල පොදු ජනතාවට පරිත්‍යාග කරමිනි. කොතලාවල මහතාගෙන් පසුව ඒ ආකාරයෙන් දේපොළ පරිත්‍යාග කළ එකම දේශපාලනඥයා වන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතාය.

මේ අතර කොතලාවල පනත දැන් නැවත වරක් කතාබහට ලක්ව ඇත්තේ හමුදා නිලධාරියෙකු මෙරට පාලකයාව සිටින වකවානුවක වීමද විශේෂත්වයකි. සර් ජෝන් කොතලාවලගෙන් පසු මෙරට බලයට පත් පළමු හමුදා නිලධාරියා වන්නේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. හමුදා නිලධාරියෙකුගේ පරිත්‍යාගයෙන් ආරම්භ වූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අනාගතය, ජනාධිපති ධුරයට පත් හමුදා නිලධාරියෙකු යටතේ කෙබඳු වේවිද? එය අනාගතයේදී තීරණය වනු ඇත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රට වහන්න මුලු විපක්ෂයම ඉල්ලයි! ආණ්ඩුව සද්ද නෑ!

Next Post

සති 2ක් රට වහන්න! ආයුර්වේද වෛද්‍යවරුත් සටනට එක්වෙති! (VIDEO)

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.