සීගිරිය නැරඹීමට පසුගිය 24 වැනිදා පැමිණි තුර්කි ජාතික තරුණියකගේ මුදල් පසුම්බිය පැහැරගෙන ගිය යතුරුපැදිකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට සීගිරිය පොලිසියට හැකියාව ලැබී තිබෙනවා. (Sri Lanka Latest News)
යතුරුපැදිකරුවන් මුදල් පසුම්බිය පැහැරගෙන වේගයෙන් පලායද්දී එය දුටු පාසල් දරුවන් දෙදෙනෙක් යතුරුපැදියේ අංකය මතකයේ තබාගෙන ඇති අතර, පසුව ඔවුන් එය පොලිසිය වෙත ලබාදී ඇත.
ඒ අනුව පොලිසිය විසින් යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන, මුදල් පසුම්බිය අදාළ විදෙස් ජාතික තරුණිය වෙත නැවත ලබාදීමට කටයුතු කර තිබෙනවා.
Dasatha Lanka News










