කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (24) දහවල් උද්ඝෝෂණයේ නිරත වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුම්වලදී ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය පළකිරිම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ‘ජන අරගල ව්‍යාපාරය’ විසින් අදාළ විරෝධතාව සංවිධාන කර තිබුණා.
විරෝධතාවයේ නිරත වූ පිරිස් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් පුළුස්සා දැමීමට උත්සාහ කර තිබේ. එහිදී ඇති වූ කලහකාරී තත්ත්වයත් සමග විරෝධතාකරුවන් 05 දෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Newsfirst










