• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරලා! මුදලිගේට දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව! Sri Lanka Latest News

March 22, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
නීතිපති උපදෙස් නෑ! වසන්තව ආපහු ඇතුළට දමයි!
Share on WhatsAppShare on Facebook

2022 වසරේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවති සමයේ එවකට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය.
එවක රැඳවුම් භාරයේ සිටි වසන්ත මුදලිගේ වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මෙම තීන්දුව ලබාදුන්නේය.Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා විසින් නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද අතර, සමානාත්මතාවයේ අයිතිය සහ නීති විරෝධීව අත්අඩංගුවට පත් නොවී සිටීමට ඇති අයිතිය මෙහිදී උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

නඩු තීන්දුවේ සඳහන් වන්නේ කුමක්ද?
2022 වසරේ අගෝස්තු මස 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත් වූ විරෝධතාවකින් අනතුරුව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් ඔහුගේ නීතිඥවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කළේ, විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් මෙම රැඳවියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට තරම් සාධාරණ සැකයක් මතුවිය හැකි කරුණු වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර නොමැති බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම රැඳවියාට ඇති චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් තීන්දුවේ සඳහන් වේ.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවියා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට ගෙන තිබූ තීරණය සාධාරණීකරණය කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත්, ඒ තුළින් වගඋත්තරකාර පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඒ.කේ. ගමගේ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 12(1), 13(1) යන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඬුල්ල තීන්දු කළහ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කාවින්ද පියසේකර ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

රැඳවුම් නියෝග ගැනීමේදී ඔහුට එල්ල වූ චෝදනා මොනවාද?
2022 අගෝස්තු 18 වැනි දින වසන්ත මුදලිගේ කැලණිය පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඔහු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබාගන්නා ලදී.

ඔහුව පහත සඳහන් චෝදනා යටතේ රඳවා තබාගන්නා ලද බවට 2022 වසරේ අගෝස්තු මාසයේදී පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
2022.05.09 සිට 2022 අගෝස්තු දක්වා කාල සීමාව තුළ කොළඹ සහ බස්නාහිර පළාතේ අනෙකුත් අවදානම් ස්ථානවල ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා සාමාන්‍ය ජනතාව උසිගැන්වීමට හා උත්සාහ කිරීමට වසන්ත කුමාර මුදලිගේ කටයුතු කර ඇත්දැයි සොයාබැලීම සඳහා විමර්ශනය කිරීම

එසේ උසිගන්වන ලද සාමාන්‍ය ජනතාවගේ එවැනි ප්‍රචණ්ඩ හැසිරීම් 2022.05.09 දින පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ ඝාතනයට හේතුවී ඇති බවත්,ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඒ පිළිබඳ විමර්ශනය කිරීම

එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට බලහත්කාරයෙන් ඇතුලූවීම සහ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ අනර්ථකාරී වරද සඳහා සාමාන්‍ය ජනතාව පෙළඹවීම සහ නීත්‍යානුකූලව තේරීපත්වූ රජය පෙරළා දැමීමේ අවසාන දැක්ම ඇතිව පුද්ගලික සහ පොදු දේපලවලට හානි කිරීමට සම්බන්ධද යන්න පිළිබඳ විමර්ශනය කිරීම
2022.07.09 දින පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කිරීමට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදාවට පහරදී තුවාල සිදුකිරීම සහ එසේ යොදවා ඇති ආරක්ෂකයන් සන්තකයේ තිබි නිල අවි දෙකක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම

මහජන සාමය ස්ථාපිත කිරීමේ අරමුණ කරමින් අධිකරණය ලබාදී ඇති නියෝගවලට අකීකරු වීම සහ උල්ලංඝනය කිරීම සඳහා ජනතාව උසිගැන්වීම සම්බන්ධයෙන් සහ
අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කිරීම

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කළ හැකි බව පොලිසිය සඳහන් කර තිබිණි.
කෙසේ වෙතත් පසුව මෙම සියලු චෝදනාවලින් වසන්ත මුදලිගේ නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා තබාගැනීමෙන් අනතුරුව 2022 වසරේ නොවැම්බර් 21 වැනිදා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
පසුව සියලු නඩුවලට අදාළව 2023 පෙබරවාරි 01 දින ඔහුට ඇප නියම විය.

SendShareShare
Previous Post

ඇයි මගේ මල්ලිව මැරුවේ..? විජය කුමාරතුංගගේ අක්කා රූපා කුමාරතුංග ලාල්කාන්තට කෝල් එකක් දීලා අහයි! ලාල් දීපු උත්තරේ මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ඔන්න ප්‍රතිපල එන්න පටන් ගත්තා! අද රෑ ඉඳන් කන්ටේනර් ප්‍රවාහන ගාස්තු 20%කින් නග්ගයි! I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.