ව්‍යාජ ඉමියුනිග්ලෝබියුලීන් එන්නත නිෂ්පාදනය කළ බවට චෝදනා එල්ල වී තිබෙන සමාගමේ හිමිකරුවන සුගත් ජනක ප්‍රනාන්දු යන අය ඇප මත මුදා හැරීමට අද කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. Sri Lanka Latest News
ඒ, පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව අදාල සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබිය දී ය.
ව්‍යාජ ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් සුගත් ජනක ප්‍රනාන්දු යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ 2023 වසරේ නොවැම්බර් මාසයේ පළමුවැනි දය.
එතැන් සිට අද දිනය දක්වාම ඔහුට ඇප ලබා දීමක් සිදු නොවීය.










