නේපාල ශිෂ්‍ය විරෝධතාව අතරතුර ජීවිතක්ෂයට පත්වූ සියලු තරුණයන් මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ විරුවන් ලෙස පිළිගැනීමට අගමැතිනිය සුෂිලා කාර්කිගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති අන්තර්වාර රජයේ පළමු කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
දිවි පිදූ තරුණයන් සිහිපත් කිරීම සඳහා අද (17) නේපාලයේ මහජන නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද එහිදී තීරණය වී තිබේ.
එමෙන්ම දෙදිනක් පුරා පැවැති විරෝධතාව අතරතුර සිදුවූ ප්‍රචණ්ඩකාරි ක්‍රියා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීමට ද පළමු කැබිනට් රැස්වීමේදී තීරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
නේපාලයේ හිටපු අගමැති කේ.පී.ෂර්මා ඔලිගේ පාලන කාලය තුළ අනුමත කරනු ලැබූ සියලු යෝජනා අවලංගු කිරීමට ද මෙහිදී කැබිනට් මණ්ඩලය ඒකමතිකව සම්මත කරගත් බව වාර්තා වේ.










