තමන් සතුව තිබූ රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමක් සහිත ප්‍රාඩෝ V8 වර්ගයේ ජීප්රථය කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක විසින් හොර රහසේ විකුණා දමා ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සහ නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
තමන් වහන්සේගේ ජීප් රථය සොරකම් කළේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවක් යැයි ඇතැමුන් පැවසුවද එම වංචාව කළේ අදාළ කාන්තාව නොව කොළඹ නාගරික මන්ත්‍රීනී ප්‍රියංකා ජයසේකර බවද උන්වහන්සේ කියා සිටියහ.