කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි. (Sri Lanka Latest News)
ත්‍රිරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් පැමිණි පොලිස් කණ්ඩායමකට සිද්ධීයෙන් කෙටි වෙලාවක තුළ මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් බව ද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අළුබෝමුල්ල පබුණුගම පදිංචිව සිටි පැපිලියාන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කළ සික්කු හේවගේ පියදාස ඩයස් නමැති 80 හැවිරිදි දෙදරු පියෙකි.
මුරකරු නින්දේ සිටියදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
lankadeepa









