ආගමන හා විගමන පාලකවරයාට අද (13) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. Sri Lanka Latest News
විද්‍යුත් වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
එම්.ඒ. සුමන්දිරන්, රවුෆ් හකිම් සහ පාඨලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝගයක් ඉකුත් කළේය.










