එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් යොදාගෙන තිබූ දින දෙකක පාර්ලිමේන්තු විවාදය ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යාමට මීට සුලු මොහොතකට පෙර පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීන්දු වී ඇත.
අද දින විවාදය ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් දැනට පවතින නඩුකටයුතුවලට හානියක් වනු ඇති බව පවසමින් අදාළ විවාදය සිදු කිරීම නීතිවිරෝධී බව පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය.
ඊට විපක්ෂය විසින් දැඩිව විරෝධය පළ කෙරුණු අතර පසුව කතානායකවරයා විසින් සභාව කල් තබා හදිසි පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමක් කැදවීමට පියවර ගත්තේය.
එම රැස්වීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකි විය.
කෙසේවෙතත් මෙහිදී විපක්ෂය විසින් එම දෙදින විවාදය යළි ලබා ගෙන ඇති අතර පාර්ලිමේන්තුව කල් තැබීම නිසා අහිමි වූ කාලයද යළි ලබා ගැනීමට සමත්ව ඇත.