• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය අයවැයේ කරපු යෝජනා 50කට වෙන් කරපු ප්‍රතිපාදනවලින් 97%කට වෙච්ච දෙයක් නෑ! වැඩිම මුදලක් වෙන් කරපු ‌යෝජනා 25න් 17කම තොරතුරු නෑ! සමස්ත යෝජනා 77න් 69ක් ගැනම කිසි කතාවක් නෑ! කියපු ව්‍යපෘති 16ක් පටන් අරන් නෑ! ව්‍යාපෘති 29ක ප්‍රගතිය 50%ට අඩුයි! එහෙම තියෙද්දි 2024 අයවැය ගැන කොහොමද විශ්වාස කරන්නේ? ඉටු නොකළ පොරොන්දු ලයිස්තුවක්ම විපක්ෂනායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! VIDEO I Sri Lanka Latest News

November 14, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කිසියම් රජයක් විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බවත් එහි සඳහන් යෝජනා සහ කරුණු ඉටු කිරීම රජයේත් රාජ්‍ය නිලධාරීන්ගේත් වගකීම බවත් එම යෝජනා සිදුවන්නේද නොවන්නේද සහ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තා කළ යුතු වුවත් වත්මන් රජය 2023 අයවැය වෙනුවෙන් ඉටු කර ඇති යෝජනා අද වන විට ඉටු කර නොමැති බව දක්නට ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම රජය නව වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා සාර්ථක වන්නේ පසුගිය වසරේ අයවැය යෝජනා හි සාර්ථකත්වය මත බවත් රජය පසුගිය වසරේ අයවැය යෝජනාවේ 71 මඟින් අයවැය යෝජනා අධීක්ෂණය සඳහා කර්යසාධන බලකායක් ස්ථාපිත කරන බවට යෝජනාවක් ඉදිරිපත් කළත් එම යෝජනාව ද මේ රජය ක්‍රියාත්මක කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (14) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

වෙරිටේ රිසර්ච් ආයතනයේ සමීක්ෂණයකට අනුව 2023 වසර සඳහා වූ අයවැයේ විශේෂිත යෝජනා 50ක් සඳහා වෙන් කළ ප්‍රතිපාදන තුළින් සියයට 97ක ප්‍රමාණයක් වැය කළේ කුමක් සඳහා ද යන්න සම්බන්ධ නිශ්චිත තොරතුරු නොමැති බවත් එසේ ම පසුගිය වසරේ වැඩිම මුදලක් වෙන් කල යෝජනා 25න් 17ක තොරතුරු නොමැති හෝ සොයා ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයවැයේ විශ්වාසනියත්වය සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා

2017 වසරේ සියයට 12ක්ව තිබූ අයවැය සම්බන්ධ තොරතුරු නොමැති තත්ත්වය 2023 වසර වන විට සියයට 97ක් දක්වා වැඩිවිමට හේතු සහ වගකිවයුත්තක් සම්බන්ධයෙන් විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ අයවැයක විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින හෙයින් වගකීම සහ වගවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් ඊළඟ වසරේ අයවැය සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවත් ය.

2023 යෝජනා 77කින් 69ක තොරතුරු නැහැ

විපක්ෂ නායක කාර්යාලයේ පර්යේෂණ අංශය ආර්ථික විශේෂඥ කණ්ඩායමක් සමඟ එකතු වී 2023 අයවැය යෝජනා 77ක් සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයක දී ඒ අතුරින් යෝජනා 69ක තොරතුරු අසම්පූර්ණ බවත් ඒ අතර යෝජනා 12 (17%)ක තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් ව්‍යාපෘති 16ක් ආරම්භ කර නොමැති බවත් ව්‍යාපෘති 29 (42%)ක ප්‍රගතිය සියයට 50ට අඩු බවත් ව්‍යාපෘති 12ක ප්‍රගතිය සියයට 50ට වැඩි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2024 අයවැය ගැන විශ්වාස නැහැ

තව ද 2023 යෝජනා අනුව රු. මි. 200ක පළාත් සභා පාසල් 139ක් සහ ජාතික පාසල් 23ක සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන්න යෝජනා වුවත් එය ක්‍රියාත්මක නොවී ඇති බවත් කුසලතාව මත කේන්ද්‍ර කර ගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශය සිදු වී නැති බවත්, විශ්වවිද්‍යාල උපාධිවල තත්වය සොයා බලන මණ්ඩලය සකස් කර නැති බවත්, විදේශීය ශිෂ්‍යත්ව වැඩසටහන තාම සාකච්ඡා මට්ටමේ, ග්ලෝබල් ක්ලයිමේට් චේන්ජ් විශ්වවිද්‍යාලය, ලංකා ඉතිහාසය හොයන ආයතනයවත් පටන් ගෙන නොමැති බවත් මේ නිසා 2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉතිහාසයේ වැරදි ක්‍රියාත්මක කිරිමට නොව වැරදි හදාගෙන ඉදිරියට යාම සිදුවිය යුතු බවත් මෙවර ඇති සමහර යෝජනා 2023 වසරේ පවා ඉදිරිපත් කර මුදල් වෙන් කර ඇති මුත් ක්‍රියාවට නංවා නැති බවත් එම යෝජනා සදහා මෙවරද මුදල් වෙන් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ක්‍රිකට් නඩුවෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඉවත් වෙයි! I Sri Lanka Latest News

Next Post

පෙම් පලහිලව්වක් නිසා හත් හැවිරිදි දැරියක් පැහැරගෙන ගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.