වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයක දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ රටට සහ වැඩ කරන ජනතාවට අත්පත් වන පාඩුව රුපියල් ත්‍රිලියන 12ක් හෙවත් රුපියල් කෝටි ලක්ෂ 12ක් කප්පාදු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
මුදල් කාරකසභාවේ දී ඊටීඑෆ් සහ ඊපීඑෆ් බලධාරින්ගෙන් ප්‍රශ්න විමසන විට මෙම මුදල් අඩුවන ප්‍රමාණය ගැන දැන ගත හැකි බවත් රජය එවැනි අවස්ථාවක් විපක්ෂයට නොදුන් බවත් රජය දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම වැනි යෝජනාවක් ගෙන ඇත්තේ කිසිදු ශක්‍යතා පරීක්ෂණයක් සිදු නොකර නමුත් පෞද්ගලික පර්යේෂණ ආයතනයක් එවැනි පර්යේෂණයක් සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද අප රට තුළ ආසාමාන්‍ය තත්ත්වයක් ඇති බවත් මූල්‍ය ප්‍රශ්න ඇති ආර්ථික සමාජීය ව්‍යසනයක් ක්‍රියාත්මක වන මොහොතක විකල්ප ආණ්ඩුව ලෙස විපක්ෂයට සහ විපක්ෂ නායකවරයාට කාරකසභා රැස්වීමකට ගොස් රටේ තිබෙන ආර්ථික සමාජීය ගැටලු පිළිබඳ තොරතුරු විමසීමේ අයිතිය තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. නමුත් මුදල් කාරක සභාවේදී ඊපීඑෆ් සහ ඊටීඑෆ් බලධාරින්ගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව නොදීම වැරදි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.










