ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය වැඩි ලාභයක් උපයන ආයතන දෙකක් වුවත් මුදල් අමාත්‍යාංශය විසින් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 40 දක්වා වැඩි කර ඇති බවත් එසේ ලොතරැයි පතක මිල වැඩි කිරිමට පදනම් වුණු නිර්ණායක හා කරුණු කවරේද? කියා විමසා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (5) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
එසේම ආයතනයේ ආදායම් අඩුවී ඇත් නම් එම ආයතනය සිදු කර අනවශ්‍ය විදයම් අඩු කරන්නේ බැරි ඇයි ද? කියා ද විපක්ෂ නායකවරයා පැවසීය. මෙම ආයතනවල කුලිය ලෙස ලක්ෂ 65ක මුදලක් ගෙවනවාට වඩා ඒ සඳහා වෙනත් රාජ්‍ය ගොඩනැගිල්ලක් භාවිත කළ හැකි බවත් මේ තුළින් මුදල් ඉතිරි කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2018 වසරේ දී ලොතරැයි අලෙවි නියෝජිතයන්ට ලබා දෙන කොමිස් මුදල ශත 50කින් වැඩි කරන බවට පොරොන්දු වුවත් ඉන් මේ වන විට වැඩි කර ඇත්තේ ශත 25ක මුදලක් බවත් එබැවින් ඉතිරි ශත 25ක මුදල ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.










