බාල ගල් අගුරු ගෙනවිත් ගල් අගුරු වංචාව සිදු කළ පාර්ශ්වයන්ට දඩුවම් ලබා දෙන ලෙසත් දරාගත නොහැකි ලෙස ඉහළ දමා ඇති ඉන්ධන, ගෑස් සහ විදුලි බිල අඩු කරන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගය විසින් ඊයේ (31) කුරුණෑගල හිරියාල ආසනයේ මැල්සිරිපුර නගරයේ දී සාමකාමී විරෝධතාවක් සංවිධානය කරන ලදී.Sri Lanka Latest News
‘පච මදිවට හොරු අනුරට බෑ’ යන තේමාව මුල් කර ගත් මෙම සාමකාමී විරෝධතාව හිරියාල ආසනයේ මැල්සිරිපුර නගරයේ සමගි ජන බලවේගයේ විපුල ගුණරත්න මහතා විසින් සංවිධානය කරන ලද අතර මේ සඳහ එම ප්‍රදේශයේ ජනතාව, ප්‍රාදේශීය දේශපාලන නායකයන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක්විය. එහි දී ඔවුන් ගෑස්, විදුලි බිල සහ ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන ලබා දෙන ලෙසත් ගල් අගුරු වංචාව සිදු කළ පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙසත් රජයට බලකිරීම සිදු කරන ලදී.




















