සෘජු හා සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරාගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හා ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකට අගමැතිවරණ ආරාධනා කර ඇති බවත්, පළාත් පාලන මැතිවරණ, පලාත් සභා මැතිවරණය සහ මහ මැතිවරණය කල් දමමින් ජනතාවගේ මැතිවරණ අයිතිය හා මූලික අයිතිය උල්ලංඝනය කර ඇති වත්මන් රජය සමඟ සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ සාකච්ඡාවකට නොයෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.










