මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව හමුවේ ගංවතුරට ගසාගෙන ගිය පුද්ගලයකුගේ ජීවිතය බේරාගත් මෙහෙයුමක් පිළිබඳ වීඩියෝවක් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. (Sri Lanka Latest News)
අතුරලිය කඩ හතර බෝක්කුව අසලදී එම පුද්ගලයා ගංවතුරට ගසාගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු ගසක අත්තක එල්ලී දිවි ගලවාගැනීමටයි කටයුතු කර තිබුණේ.
අනතුරුව නාවික හමුදාව බෝට්ටුවකින් පැමිණ එම පුද්ගලයාව මුදාගැනීමට පියවර ගෙන ඇත.
Newsfirst










