කලාවැව ජාතික වනෝද්‍යානය නිජබිම කරගත් මේ දිනවල ජාතික නාමල් උයන ආශ්‍රිතව සැරිසරණ තනි දල ඇතා ඉකුත් දිනවලදී වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මේ වනවිට තුවාල ලබා සිටී. (Sri Lanka Latest News)
මින් දින කිහිපයකට ඉහතදී මෙම ඇතා මෙම වෙඩි පහරවල්වලට ලක්ව ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි.
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් එම ඇතා සම්බන්ධයෙන් කර තිබූ දැනුම් දීමක් අනුව වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුළ එම ඒකකයේ නිලධාරීහු පිරිසක් තනිදළයාට ප්‍රතිකාර කිරීමට කටයුතු කරනු ලැබූහ.
ඇතාට එල්ලව ඇති වෙඩි පහරවල් රැසක් එම ඇතාගේ ශරීරය පුරා දක්නට ලැබේ. ඇතාගේ ඉදිරි වම් පාදයේ පහල කොටසේ ද වෙඩි සලකුණු කිහිපයක් දක්නට ලැබේන අතර ඒවා බදින තුවක්කු පත්තු වීමෙන් සිදුවන්නට ඇති බව වනජීවී නිධාරීහු අනුමාන කරති.
lankadeepa










