දැනට රට තුළ මතුව ඇති උග්‍ර ඉන්ධන හිගය හේතුවෙන් පුවත්පත් කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ.
මේ හේකුවෙන් විශේෂයෙන්ම දිනපතා පත්තර අලෙවිය දැඩි ලෙස සීමා වී ඇති බවත්, දිනපතා පුවත්පත් බෙදාහැරීමේදී ආයතන මහත් අර්බූදයකට මුහුණ පා ඇති බවත් දැනගන්නට ඇත.
මතුව ඇති තත්ත්වය යටතේ දිනපතා පුවත්පත් බස්නාහිර පළාතට පමණක් බෙදාහැරීමට මාධ්‍ය ආයතන කටයුතු කර ඇති බවද දැනගන්නට තිබේ.