• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

සජිත්ට පුලුවන්ද තෙල් ගේන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

July 2, 2022
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
සජිත්ට පුලුවන්ද තෙල් ගේන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ ඉදිරියේදී ලංකාවේ තෙල් හිඟයක් ඇතිවිය හැකි බව තෙල් ඇමැතිවරයා විසින් ජනාධිපති ප්‍රේමදාසට දන්වා තිබිණි. ඒ පණිවුඩය ලැබුණු සැණින් ප්‍රේමදාස වැඩේට බැස්ස හැටි ලංකාවේ මුස්ලිම් සබඳතා ගැන ප්‍රකට කොලම් රචකයකු වන ලතීෆ් ෆාරුක් 2022.06.17 ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතට ලියා තිබුණේ මෙසේය.

“ලංකාවේ රාජ්‍ය නායකයොයි, මැදපෙරදිග රාජ්‍ය නායකයනුයි අතර තිබුණු සුහද සම්බන්ධය ගැන මම හොඳ උදාහරණයක් කියන්නම්. ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ තෙල් හිඟයකට මුහුණ දීමේ අනතුරක් තිබුණා. ඒ මොහොතේම ප්‍රේමදාස එවක ලංකාවේ ඉරාක තානාපති අබ්දු අලිව අරලියගහ මන්දිරයට ගෙන්වා ගත්තා. ගෙන්වාගෙන මේ ප්‍රශ්නය කතා කළා. ඒ වෙනකොට වෙලාව රාත්‍රී 8.30යි. ප්‍රේමදාසගේ කතාව සාවධානව අහගෙන හිටපු තානාපතිවරයා කිව්වා මේ වෙනකොට ඉරාකයට රාත්‍රිය ලබලා, ඒ නිසා පහුවෙනිදාම ඉරාකයේ ජාතික තෙල් සමාගමේ සභාපතිට කතා කරලා හොඳ ප්‍රතිචාරයක් ලබාදෙන්නම් කියලා. ඒ වෙලාවේ ප්‍රේමදාස ඉරාකයේ ජාතික තෙල් සමාගමේ සභාපතිගේ නිවෙසේ දුරකතන අංකය ප්‍රේමදාස ළඟ තිබී ඉරාක තානාපතිවරයා ෂොක් වුණා. ප්‍රේමදාස තෙල් සමාගම් සභාපතිව දුරකතනයට අරගෙන තානාපතිට කිව්වා දැන් ඔබ කතා කරන්න කියලා. තානාපති තරු පෙනිලා වගේ සභාපතිට කතා කළා. සභාපති කිව්වා, ‘ලංකාව අපේ සහෝදරයෙක්. තෙල් නැව් දෙකක් හෙට බස්රා වරායෙන් පිටවෙන්න නියමිතයි. ඒ නැව් දෙක යන්නේ වෙන රටකට. ඒක වහාම ලංකාවට හරවන්නම්, තවත් නැව් කිහිපයක් එවන්නම්’ කියලා. මේක තමයි මැදපෙරදිගයි ලංකාවයි අතර තිබුණු මිත්‍රත්වය…”

මේ ලතීෆ් ෆාරුක් කී කතාවය. ප්‍රේමදාස මේ සම්බන්ධය හදාගත්තේ නිකම්ම නොවේ. ඔහු ඊශ්‍රායල් මොසාඩ් ඔත්තු සේවය ලංකාවෙන් පැන්නුවේය. ඒ වගේම ඔහු අරාබි රටවල වහලෙක් වුණේද නැත. ඉරාකය, කුවේටය ආක්‍රමණය කළ වෙලාවේ ඔහු එය හෙළාදැක්කේය.

ප්‍රේමදාස පමණක් නොව මහින්දත් අරාබි රටවල් සමග සමීප සම්බන්ධතාවක් හදාගෙන සිටියේය. ඔහු ශ්‍රී ලංකා, පලස්තීන මිත්‍ර සංගමයේ සභාපති ලෙස අරාබි රටවල හිත දිනාගෙන සිටියේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහි යෝජනාවලදී අරාබි රටවල් ඡන්දය දුන්නේ ලංකාවට පක්ෂවය. ඒ සඳහා අරාබි රටවල් සමග කතා කරන්න මහින්ද දැම්මේ ඇමැති ෆවුසිය. මානව හිමිකම් යෝජනාව ගේන්න දවස් දෙකකට කලින් ෆවුසි සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සහ ආරක්ෂක ඇමැති, උප අගමැතිට කතා කළේය. ලංකාවට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය. සවුදි අරාබිය ෆවුසිට දුන්න වචනය තැබුවේය. එවක ජනාධිපති මහින්ද තමාගේ ස්තුතිය සමග ලිපියක් ෆවුසි අතේ සවුදි කුමරාට යැව්වේය. මහින්ද මේ මැදපෙරදිග සම්බන්ධය හදාගත්තේ 1970-77 තරුණ මන්ත්‍රීවරයෙක්ව සිටි කාලයේමය. එහෙව් මහින්දගේ ආණ්ඩු කාලයේම අලුත්ගම මුස්ලිම් කෝලාහලය සිදුවීමත්, ඒ පිටුපස සිටි සිංහල සංවිධාන මහින්දගේ ආණ්ඩුව ආරක්ෂා කිරීමත් සමග අරාබිය මහින්ද ගැන කලකිරුණි. මානව හිමිකම් කොමිසමේදී ඇමෙරිකාව ලංකාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න යැයි සවුදි අරාබිය ඇතුළු අරාබි රටවලට බලකරද්දී ඔවුන් ඇමෙරිකාව වෙනුවට තෝරාගත්තේ මේ පුංචි ලංකාවය. ඒත්, 2019 පාස්කු ප්‍රහාරයට පසු මහින්දගේ පොදුජන පෙරමුණ මුස්ලිම් රටවල් සියල්ල ත්‍රස්තවාදී සංවිධාන ලෙස හංවඩු ගැසීය. මේ මහින්දගේ පොදුජන සන්ධානයේ නායකයකු වූ උදය ගම්මන්පිල මුස්ලිම් අන්තවාදය වැපිරීම නැවැත්වීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි අතර ප්‍රධාන කොන්දේසියකි.

‘අද තෙල් සල්ලිවලින් තමයි මේ ඉස්ලාම් අන්තවාදය වපුරන්නේ. ඒ නිසා මේ තෙල් සල්ලි ලබන සංවිධාන තහනම් කළ යුතුයි….’

උදය ගම්මන්පිල
2015.03.15

අන්තිමේදී මේ තෙල් සල්ලි උපයන අරාබියට ගිහින් තෙල් ඇමැති ලෙස උදය ගම්මන්පිල, ගෝඨාභයගේ ආණ්ඩුව වෙනුවෙන් තෙල් හිඟමනේ ගියේය. අද කංචන විජේසේකර කටාරයට ගොස් තෙල් හිඟමනේ යන්නේ 2021දී ගෝඨාගේ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ගලගොඩඅත්තේ ඥානසාර හිමි ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැඳින්වූ ‘කටාර් චැරිටි’ සංවිධානයට තෙල් සල්ලි දෙන කටාර් රාජ්‍යයෙන්ය.

මෙම කටාර් චැරිටි සංවිධානය සහ මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස අතර හොඳ මිත්‍රත්වයක් තිබිණි. මෙම කටාර් චැරිටි සංවිධානයේ ප්‍රධාන දේශනයට සජිත් ප්‍රේමදාසට ආරාධනා කොට සජිත් එම දේශනය පැවැත්වූවා කියා ගලගොඩඅත්තේ ඥානසාර හිමි සජිත්ට පහර දුන්නේ මෙසේය.

“2018 මාර්තු 03 වැනි දින ‘කටාර් චැරිටි’ නමින් සංවිධානයක් පටන් ගන්නවා. දැන් ඒකේ ප්‍රධාන දේශනය කරන්නේ කවුද? සජිත් ප්‍රේමදාස. අපේ විපක්ෂ නායකතුමා. හැබැයි පව් මේ මිනිස්සු. මේගොල්ලොද රටට නායකත්වය දෙන්න හදන්නේ කියලා මට හිතාගන්න බෑ. මෙතැන තියෙනවා එදාම සජිත් ප්‍රේමදාස පීත්ත පටිය කපලා කටාර් චැරිටි ඔෆිස් එක විවෘත කරනවා. මේ ඉන්නේ බඩු කෑලි ටික ඔක්කොම…”

මේ කතාව ගලගොඩඅත්තේ ඥානසාර හිමි කියද්දී රාජපක්ෂවරුන්ට කඩේ යන්න මුස්ලිම් විරෝධය අවුලපු පෞද්ගලික මාධ්‍ය යකා නැටූහ. ඥානසාර හිමිගේ වීඩියෝව පෙන්වමින් ‘කටාර් චැරිටි’ නම් ත්‍රස්තවාදී සංවිධානයත්, සජිත් ප්‍රේමදාසත් අතර සම්බන්ධය ගැන රටම ගිනි තබනු ලැබීය.

දැන් කංචන විජේසේකර රිෂාඩ්ගේ පක්ෂයේ මන්ත්‍රී, වත්මන් ආණ්ඩුවේ ඇමැති සමග කටාර් ගොස් තෙල් ගන්න සාකච්ඡා කරන්නේ කටාර් පදනමත් සමගය. කටාර් පදනම එක්ක තෙල් ගන්න සාකච්ඡා කරන්න මේ දෙන්නාව යැව්වේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි එක රටක් එක නීතියක් හදන්න උපදෙස් දෙන ජනාධිපති ගෝඨාභයය.

ලංකාවේ මේ තෙල් අර්බුදය පටන්ගත් කාලයේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස මැදපෙරදිග මුස්ලිම් රටවල් නියෝජනය කරන තානාපතිවරු හමුවිය. හමුවෙලා ඔහු කිව්වේ මුස්ලිම් රටවල් කිහිපයක් තමාගේ ආණ්ඩුවක් සමග සාකච්ඡා කොට තෙල් දෙන්න කැමැත්තෙන් පසුවන බවය. මේකට රාජපක්ෂලාගේ සමාජ මාධ්‍ය, රාජපක්ෂලාට කඩේ යන පෞද්ගලික මාධ්‍ය හිනාවිය. ලතීෆ් ෆාරුක්, රණසිංහ ප්‍රේමදාස ගැන කළ හෙළිදරව්වෙනුත්, ඥානසාර හිමි සජිත් ගැන කළ හෙළිදරව්වෙනුත් පැහැදිලි වන්නේ ලංකාව කෙරෙහි මැදපෙරදිග රටවල විශ්වාසය යළිත් ඇතිකළ හැකි මිනිසා සජිත් ප්‍රේමදාස බවය. හැබැයි ඒ රාජපක්ෂවරුන් ජනාධිපති නම් කරන ආණ්ඩුවක් යටතේ නොව, සර්වපාක්ෂික ආණ්ඩුවක් හෝ මහජන ඡන්දයෙන් බලයට පත්වන ආණ්ඩුවක් යටතේය. අපේ මිනිස්සු මේ ටික තේරුම් නොගන්නා තාක්කල් ඉන්න වෙන්නේ තෙල් පෝලිම්වලය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඉන්ධන අර්බූදයෙන් පත්තර කර්මාන්තය දැඩි අර්බූදයක! දිනපතා පත්තර යන්නෙ බස්නාහිර පළාතට විතරයි!

Next Post

මේ දවස්වල හැම තැනම තියන උණ-‌හෙම්බිරිස්සාවේ කොරෝනා රෝග ලක්ෂණත් තියෙනවා! බලන් ඉන්න එපාලු! වහාම දොස්තර කෙනෙක් ළඟට යන්නලු!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.