ශ්‍රී ලාංකේය ප්‍රහසන කලාව නව මගකට යොමුකළ තරුණ ශිල්පීන් දෙපළක් වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද සිය යූටියුබ් චැනලය වන Chooty Malli Podi Malli වෙත නවතම වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. ‘සුබ ආරංචියක්’ ලෙස නම්කර ඇති එම වීඩියෝ ඇති විනෝදාත්මක බව නිසාම, ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප එය මෙලෙස ඉදිරිපත් කරමු.
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘සුබ ආරංචියක්’. ඔන්න ගමේ තරුණයො දෙන්නෙක් මුණගැහිලා කතාවක් පටන්ගත්තා.
තරුණයා
ආ… මොනවද ආරංචි….?
මිතුරා
ආරංචි ඉතිං සුබයි…. අපිට ඉතිං දෙයියනේ කියලා ජිම්කානා එකක් ඇදෙන්න යන්නේ.
තරුණයා
ඒ මොකද ඒ…?
මිතුරා
අපේ කෙල්ලට කොල්ලෙක් හම්බවෙලා ඉන්නවනනේ. ඌ හරි ලස්සන සුදු කොල්ලා. සංග්ලාස් එක දාලා නළුවා වගේ. සල්ලි තියෙනවා කොල්ලට. ඔයා කියන්නේ කාර් එකක් තියෙනවා නැව වගේ. මාව එක්කගෙන ගියා. මිනිහා අඳින ටීෂර්ට් එහෙම අපේ කෙල්ල කියනවා බෑන්ඩඩ්ලු.
තරුණයා
ඒ කියන්නේ තහනම් කරපුවද?
මිතුරා
නෑ නෑ බං එහෙම නෙවෙයි. බෑන්ඩඩ්ද බ්‍රෑන්ඩඩ්ද කියන්නේ.
තරුණයා
ආ… බ්‍රෑන්ඩඩ්.
මිතුරා
හරි වටින ඒවලු. එකපාරලු අඳින්නේ ඌ… දෙසරයක් විතර ඇඳලා ඌ කාටහරි දෙනවලු. ඌ ගහනවා බං සැන්ට් ජාති අද එක සුවඳක් හෙට තව සුවඳක්. ඒවා ලක්ෂ ගණන්වල සැන්ට්ලු. කෙල්ල එක්ක ගිහින් ආවා බාලි. සුමානයක් ඉඳලා ආවේ. අපිට ඉතිං දෙයියනේ කියලා දැං සුබයි.
තරුණයා
මටත් ආරංචියක් ආවා සුබ. ඒක කියන්න තමයි මං ආවේ.
මිතුරා
මොකක්ද?
තරුණයා
ඌ කලින් ගෑනු දෙන්නෙක් බැඳලා අතෑරලා.
මිතුරා
ඈ…
තරුණයා
තව කෙල්ලෙක් එක්ක යාළුවෙලා පොරොන්දු දීලා. නඩුම තියෙනවා පහක් ගෑනු සම්බන්ධයෙන්. ඒක කියන්න තමයි මං මේ ආවේ…
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘සුබ ආරංචියක්’. දැන් ඔන්න ගමේ ටිකක් වයසක දෙන්නෙක් මුණගැහිලා කතා කරන්න පටන්ගත්තා.
සිරිපාල
ආ… විල්සන් මහත්තයා.
විල්සන්
කොහොම…
සිරිපාල
කොහොමද කියන්නේ සුබ ආරංචියක් තියෙනවා ඔයාට කියන්න.
විල්සන්
ආනේ කියන්න. සුබ ආරංචියක් නම් ඉතිං කොච්චර වටිනවද?
සිරිපාල
දැන් අපි මේ නහින දෙහින කාලේ පැංසොං එකෙන් හම්බවෙන කීය හරි තිබ්බට මදිනෙ. කීයක් හරි ළමයින්ගෙනුත් ඉල්ලන්න එපායැ.
විල්සන්
ඒක හරි. බේත්වලටම කීයක් යනවද නේද?
සිරිපාල
මට නියම තැනක් හම්බවුණා.
විල්සන්
බේත් ගන්නද?
සිරිපාල
නෑ නෑ. දැන් මෙහෙමනේ. සල්ලි බැංකුවල දැම්මම පොලිය සීයට අටයි, නමයයිනේ ගෙවන්නේ. උපරිම දොළහක් ගෙවයි. මට විසි දෙකක් ගෙවන තැනක් හම්බවුණා.
විල්සන්
ආ… ඒ කොහෙද?
සිරිපාල
බැංකුවක් නෙවෙයි ෆිනෑන්ස් කොම්පැනියක්. හරි ෂෝක්. දැන් මට මාස තුනක් විතර හම්බවුණා. වැඩක් නෑ කියලා. ඉතිං මං ඔක්කොම ඉඩකඩම් වික්කා. විකුණලා සල්ලි ටික සේරම දැම්මා. දැන් ඉතිං ඒකත් ඉතුරුයි. මාස්පතා ගානක් එනවා. කවදා හරි ළමයින්ට සල්ලි ටික යනවා. අපි රටට ලෝකෙට ණයක් නැතුව සිංහයො වගේ අපි ඉන්නවනේ බං. කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයා ගාවත් තියෙනව නං දාන්න.
විල්සන්
කොහෙ තියෙන තැනක්ද ඒ?
සිරිපාල
කොටුවේ කොටුවේ…
විල්සන්
එහෙනං මටත් තියෙනවා සුබ ආරංචියක් කියන්න.
සිරිපාල
මොකක්ද? ඔයත් දැම්මද?
විල්සන්
නෑ මම දැම්මේ නෑ. ඒක ඊයේ අල්ලලා. පොලිසියෙන් පැනලා.
සිරිපාල
ඒ කියන්නේ?
විල්සන්
අයිතිකාරයා රට පැනලා. දෙන්නෙක් අහුවෙලා. හොර කොම්පැනියක්. 22%ක් සල්ලි දෙන්න පුළුවන්ද මනුස්සයො එහෙම? එහෙම නං ඉතිං අනිත් එවුනුත් දෙයිනේ.
සිරිපාල
එතකොට අපේ සල්ලි?
විල්සන්
ඒවා ඉවරයි ඉතිං. කලින් ඕවා රටේ ලෝකෙ වුණා දන්නෙ නැද්ද? දැං ඉතිං සුබ ආරංචියක් කිය කියා ඉන්න වෙන්නේ…
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘සුබ ආරංචියක්’. ඔන්න දැන් ගමේ මැදිවියේ ගජ යාළුවො දෙන්නෙක් මුණගැහිලා කතාවක් පටන්ගත්තා.
සුනිල්
ආ බ්‍රදර්… කොහොමද. උඹට තියෙනවා සුබ ආරංචියක් කියන්න. උඹ හැමදාම මට කරදර කළානෙ බං බීම නවත්තන්න කියලා. ඔන්න කොල්ලා බීම නැවැත්තුවා. ආයෙ බොන්නෙ නෑ.
නිමල්
කවදද නැවැත්තුවේ?
සුනිල්
මම ඉතිං සත පහක් අතට ආවත් බොනවනෙ බං. උදේ නැගිටින්නේ කොහෙන්ද බොන්නේ කියලා බලාගෙන. රෑට තියෙන්නේ මොනවද කෙළින්ම දාගත්තනෙ. එහෙමනෙ බං මං ගැහුවේ. දැං ඔන්න සුබ ආරංචිය උඹට කියන්නේ. මම උඹේ යාළුවා. ඔන්න බීම නැවැත්තුවා.
නිමල්
අපරාදෙ හැබැයි… ඔය ටිකත් ඔන්න ඔහේ බීලා දාපං බං.
සුනිල්
මොනවද බං මූසල කතා කියන්නේ… සුබ ආරංචියක් කිව්වාම ඒකට සපෝට් එකක් දීලා දිරිමත් කරන්න ඕනනෙ බං. උඹලා මහ ජරා මිනිස්සුනේ.
නිමල්
සුබ ආරංචිය කිව්වේ නැද්ද උඹලගෙ ගෙදරින්?
සුනිල්
කවුද?
නිමල්
අපේ නංගි. අපේ නංගි කියන්නේ උඹේ නෝනනේ.
සුනිල්
නෑ. මොනවත් කිව්වේ නෑ…
නිමල්
ඒක තමයි.
සුනිල්
ඇයි?
නිමල්
උඹ සිරෝසීස් හතරවෙනි ලෙවල් එකේලු ඉන්නේ. වකුගඩු දෙකත් නරක් වෙලාලු. කොලෙස්ටරෝල් තියෙනවා, ප්‍රෙෂර් තියෙනවා, ෂුගර් තියෙනවා.
සුනිල්
දොස්තර මහත්තයා රිපෝට් එක දීලද?
නිමල්
තව වීදුරුවක් හරි බිව්වොත් මැරෙනවා.
සුනිල්
අප්පා….
නිමල්
කොහොම කළත් උඹට නිකං වැටකොලුයි බතුයි කාලා අවුරුද්දක් දෙකක් තමයි ඉන්න පුළුවන් කියලා ඔන්න නංගි මට කිව්වා. අන්න ඒකි අඬනවා වැලහින්න වගේ…
සුනිල්
එතකොට මං දැං බොන්නේ නැති එක සුබ ආරංචියක් නෙවෙයිද?
නිමල්
ඕක සුබ ආරංචියක් වෙනවා මීට අවුරුදු පහකටවත් කලිං කළා නං……
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘සුබ ආරංචියක්’. සුබ ආරංචියක් ගැන කතාකරන්න තවත් යාළුවො දෙන්නෙක් මුණගැහුණා.
පෙරේරා
ආ… මිස්ටර් සිල්වා…
සිල්වා
ආ මිස්ටර් පෙරේරා…..
පෙරේරා
කොහොමද ජීවිතේ?
සිල්වා
හොඳයි ඉතිං. හිතුමතේ ජීවිතේ…
පෙරේරා
මට තියෙනවා ඔයාට කියන්න සුබ ආරංචියක්.
සිල්වා
කියන්නකො ඉතිං.
පෙරේරා
ඔයා දන්නවනෙ මගෙ පුතා තාරුක?
සිල්වා
ඔව් මං දන්නවා.
පෙරේරා
මිනිහට වීසා ලැබුණා. ඔස්ටේ්රලියා යන්න.
සිල්වා
හා හා හා…
පෙරේරා
ඔයාට කියන්න මූ අර ගෑනියෙක් එක්ක පැටලිලා, මමයි අපේ නෝනයි ගියෙ නැති දේවාලයක් නෑ. හැම තැනම ගිහින් පොල් ගැහුවා. අපෝ මූට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල්. ඒ මදිවට කසාදෙ ඇරපු ගෑනියෙක්නෙ ළමයිනුත් ඉන්නවා. මූට ගැළපෙනවද බලන්නකො. ලස්සන මලක් වගේ කොල්ලා මේ ගෑනියෙක් එක්ක යාළු වෙලා. කොච්චර දුක් වින්දද අපි හිතින්. දැන් දෙයියනේ කියලා අපිට හිත හදාගන්න පුළුවන් මේ සුබ ආරංචියට පිං සිද්ධ වෙන්න.
සිල්වා
ඒකට මමත් දෙයක් එකතු කරන්නද?
පෙරේරා
මොකක්ද? තවත් සුබ ආරංචියක්ද?
සිල්වා
ඒකත් සුබ ආරංචියක් තමයි. ඒ ගෑනිත් ඔස්ටේ්‍රලියාවටම වීසා හදාගෙන.
පෙරේරා
හෑ….
සිල්වා
දෙන්නා එකට යන්නේ.
පෙරේරා
මොනවා…..?
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘සුබ ආරංචියක්’. දැන් තවත් සුබ ආරංචියක් කියන්නයි මේ හදන්නේ. ඔන්න යාළුවො දෙන්නෙක් මුණගැහිලා කතා කරනවා පවුලේ විස්තර ගැන.
චමින්ද
හලෝ බ්‍රදර්…. කොහෙද යන්නේ?
ජගත්
කොහොද යන්නේ මල්ලේ පොල්.
චමින්ද
පිස්සු නැතුව එන්න අනේ. මොනවා හරි කාලා එමු මගේ ගානේ.
ජගත්
කමු හැබැයි බොන්න නං බෑ.
චමින්ද
මොකද දන්නවද? මට තියෙනවා සුබ ආරංචියක් කියන්න.
ජගත්
ආ… කියන්න කියන්න.
චමින්ද
අපේ ගෙදර කොල්ලගේ කචල්නෙ පහුගිය ටිකේම. ඌ හින්දා අපි වින්ද දුක් කන්දරාව දන්නවනේ. ඕකා කීයක් කියලා කළාද? කාර් සේල් කළා, රෙස්ටුරන්ට් කළා, හෝටලයක් කරනවා කියලා කළා, වට්ටක්කා වැව්වා. තිබ්බ සේරම නැත්තට නැති කළානේ. දැන් ලෝන් එකක් ඇප්ලයි කරලා තිබ්බනේ, මූ අලුත් බිස්නස් එකක් කරන්න කියලා. අපි ඕකට උදව් කරන්නේ නෑ කියලා කනක් ඇහිලා ඉන්න නැතුව හිටියේ අපිට. මං හිතුවේ ඒක ලැබෙන එකක් නෑ කියලා. ඔන්න සුබ ආරංචියක් ආවා. ඒක ලැබෙනවලු.
ජගත්
ලක්ෂ කීයක්ද?
චමින්ද
ලක්ෂ 75ක්ද කොහෙද. අවුරුදු දෙකක් විතර දැං අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන්. ඔය ලක්ෂ 75න් බිස්නස් කරකව කරකවා ඉඳලා මොනවා කරගනීද දන්නේ නෑ. ඕකව මට ෂුවර් නෑ. ඒ වුණාට මට කනක් ඇහිලා ඉන්න පුළුවන්නෙ අවුරුදු දෙකක් විතර.
ජගත්
අවුරුදු දෙකක් විතර කනක් ඇහිලා ඉන්න පුළුවං. ඊට පස්සේ හැබැයි පාරේ තමයි ඉන්න වෙන්නේ.
චමින්ද
පාරේ… ඒ මොකටද පාරට යන්නේ?
ජගත්
ඌ ගේයි ඉඩමයි උකස් තියලා ඔය ලෝන් එක අරගෙන තියෙන්නේ. සීයට 25ක්ලු පොලිය.
චමින්ද
මොකා…?
ජගත්
ඕකට ඕක ගෙවාගන්න බැරි වුණාම තමුසෙලාට පාරට බැහැලා තමයි බලාගෙන ඉන්න වෙන්නේ. ඔන්න තමුසෙලාගෙ සුබ ආරංචිය…