බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අතර විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව පැවැති මෙම සුවිශේෂී හමුවේදී මෙරට සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් අදහස් හුවමාරු කර ගන්නා ලදී. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වත්මන් රජය පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් මැතිවරණ නියමිත වේලාවට නොපැවැත්වීම සහ මැතිවරණ දිගින් දිගටම කල් දැමීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස්වරයාව දැනුවත් කරන ලදී.
මේ අවස්ථාවට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ඩැනියෙල් ෂෙරී ද එක් විය.













