• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ නගරාධිපති අපේක්ෂකයාට එරෙහිව අල්ලස් කොමිසමට දාපු පැමිණිල්ල ආපහු පැමිණිලිකරුටම කැරකෙන ලකුණු! ඒකෙ ලිපිනයක් නෑ! කිසිම අනන්‍යතාවක් නෑ! විගණන වාර්තාවේ කිසිම චෝදනාවක් නෑ! නඩුවකින් ලක්ෂ 500ක් ගෙවන්න වෙච්ච කෙනෙක්! මුජිබර් නඩු තීන්දුවත් අතේ තියාගෙන පැටිකිරියම දිගහරී! VIDEO I Sri Lanka Latest News

June 4, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
සජබ නගරාධිපති අපේක්ෂකයාට එරෙහිව අල්ලස් කොමිසමට දාපු පැමිණිල්ල ආපහු පැමිණිලිකරුටම කැරකෙන ලකුණු! ඒකෙ ලිපිනයක් නෑ! කිසිම අනන්‍යතාවක් නෑ! විගණන වාර්තාවේ කිසිම චෝදනාවක් නෑ! නඩුවකින් ලක්ෂ 500ක් ගෙවන්න වෙච්ච කෙනෙක්! මුජිබර් නඩු තීන්දුවත් අතේ තියාගෙන පැටිකිරියම දිගහරී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (04) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් ඒ් මහතා මෙසේද පැවැසීය,

”බහුතරය බලයක් ලබා නොගත් බස්නාහිර පළාත තුළ තිබෙන නගර සභා සහ ප්‍රාදේශීය සභා කිහිපයක සභිකයන් හරහා එම නගර සභා සහ ප්‍රාදේශීය සඳහා නගරාධිපතිවරයෙක් , නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් , සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක් පත් කර ගැනිම සඳහා දිනයන් සහ වේලාවන් ලබාදි පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ගැසට් නිවේදයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ නගර සභාව සඳහා තේරී පත්වුණ සියලුම සභිකන්ට ලබන 16 වැනිදා ආරාධනා කර තිබෙනවා. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා , නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා ගැනිම සඳහා අවශ්‍ය ඡන්දය පවත්වන්න කටයුතු කරනු ලබනවා.

ඒ් වගේම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ප්‍රකාශ කළා සියලුම පළාත් පාලන ආයතන ඔවුන් සතු කරගන්නවා කියලා. ඒ් වගේම ආණ්ඩුවට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට නොහැකි වුණොත් ව්‍යවස්ථාව වෙනස් කර හෝ බලය ලබාගැනිමට අවශ්‍ය නීති සකස් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ් වගේම ආණ්ඩුවට පළාත් පාලන ආයතනවල බලය නොලැබුණොත් මාස කිහිපයක් තුළ පළාත් පාලන ආයතන විසුරුවාහරින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ් වගේම ආණ්ඩුව සමඟ වැඩකරන්න කැමැති ස්වාධීන කණ්ඩායම් සහ අනෙකුත් දේශපාලන පක්ෂවලට ප්‍රතිපාදන ලබාදෙන බවත් ආණ්ඩුවේ පිරිසක් සඳහන් කර තිබුණා.

ඒ් වගේම ආණ්ඩුවේ පිරිස හැර අනෙක් සියලුම දෙනා හොරුන් ලෙස තමයි ආණ්ඩුවේ පිරිස හැදින්වුවේ. පිරිසිදු නියෝජිතයන් සිටින්නේ ජාතික ජන බලවේගයේ පමණක් බව ඔවුන් ප්‍රකාශ කළා. ඒ් වගේම ස්වාධීන කණ්ඩායම් සමඟ සාකච්ඡා කර ඉදිරියට ගමන් කරන බව පලාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව ප්‍රකාශ කළා. කෙසේ නමුත් යම් පළාත් පාලන ආයතනයක සියයට 50 ට වැඩි ප්‍රතිශතයක් යම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් ලබා ගත්තේ නැතිනම් අනිවාර්යෙන්ම ඒ සභාවේ නගරාධිපතිවරයා හෝ සභාපති තෝරන්න ඡන්ද විමසිමකට යාමට සිදුවන බව සමගි ජන බලවේගය දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ් අනුව සමගි ජනබලවේගය කියපු කතාව අද සනාථ වෙලා තිබෙනවා. නමුත් ආණ්ඩුව ඡන්ද විමසිමක් නැතිව පළාත් පාලන ආයතනවල බලය අල්ලන්න තමයි උත්සහ කළේ. බහුතර බලයක් නැති පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරයෙක් , නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් , සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක් පත් කර ගන්නා ක්‍රමවේදය ගැනවත් ආණ්ඩුවට අවබෝධයක් නෑ. ඒසේ නැතිනම් ආණ්ඩුව මේ බව දැනගෙන ජනතාව නොමග යවන්න බොරු කිව්වා. ඒ් වගේ පත්වෙලා සිටින සභිකයන් යටපත් කරන්න ආණ්ඩුව බොරු ප්‍රචාරය සමාජගත කළා. කෙසේ නමුත් කොළඹ නගර සභාවේ බලය පිහිටුවන්න සමගි ජනබලවේගයේ නායකත්වය ඇතිව කටයුතු කරනවා. ඒ් සම්බන්ධයෙන් පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡා වල යම් ප්‍රගතියක් තිබෙනවා. ඒ් අනුව කොළඹ නගර සභාවේ පුරපති ලෙස සමගි ජනබලවේගයේ අපෙක්ෂකයා පත් කරන්න හැකියාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. කෙසේ නමුත් ආණ්ඩුව යම් යම් කුමන්ත්‍රණ මගින් එය වළක්වන්න උත්සහ කරනවා. ඒ් වගේම සභිකයන් කැඳවා ඡන්ද විමසිමකින් නගරාධිපතිවරයෙක් , නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් , සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක් පත් කර ගැනිමේ ක්‍රමවේදය ප්‍රමාද වීම පිළිබඳවත් යම් ගැටලුවක් තිබෙනවා. මේ කාරණය තුළ යම් දේශපාලන අවශ්‍යතාවයක් නියෝජනය වෙනවාද කියන සැකයක් මතුවෙනවා. කෙසේ නමුත් කොළඹ සහ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට ලබාගෙන අනෙකුත් සියලුම දෙනාගේ සහාය ලබාගෙන කොළඹ නගරවාසින්ට අවශ්‍ය උවමනාවන් ඉටු කරගැනිමට හැකි නගර සභාවක් බවට පත් කිරිමට අපිට විශ්වාසයක් තිබෙනවා.

ඒ් වගේම කොළඹ මහ නගර සභාවේ පුරපති ලෙස රීසා සරූක් මහතාගේ නම සමගි ජනබලවේගය විසින් යෝජනා කර තිබෙනවා. ඒ් වගේම උප නගරාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කරයි. ඒ් වගේම කොළඹ මහ නගර සභාව සඳහා පුරපති තෝරාගනු ලබන්නේ කොළඹ මහ නගර සභාවට පත්වෙලා සිටින සභිකයන්ගෙන්. පුරපති තේරිම මාධ්‍ය හරහා ප්‍රචාරයන් යවලා සිදුකරන ක්‍රියාවලියක් නෙවෙයි. දේශපාලන පකෂ සහ ස්වාධින කණ්ඩායම්වල එකඟතාවය මත තමයි පුරපති තෝරාපත් කර ගන්නේ.

ඒ් වගේම සමගි ජනබලවේගය විසින් නම් කළ පුරපති අපෙක්ෂකයාට කිසියම් පුද්ගලයෙක් අල්ලස් කොමිසට පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ් වගේම අල්ලස් කොමිසට පැමිනිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයාගේ ලිපිනයක් එම පැමිණිල්ලේ සඳහන් වෙන්නේ නෑ. ඒ් අනුව මෙම පැමිණිල්ලේ නිවැරදි භාවය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ් වගේම පැමිණිලිකරුගේ කිසිදු අනන්‍යතාවයක් මෙම පැමිණිල්ලේ සඳහන් වෙන්නේ නෑ. ඒ් වගේම පැමිණිලිකරු ඉදිරිපත් කර තිබෙන විගණකාධිපති වාර්තාවේ සමගි ජනබලවේගය ඉදිරිපත් කර තිබෙන සභිකයා පිළිබඳව සඳහන් වෙන්නේ නෑ. ඒ් අනුව මෙය සැලසුම් සහගතව , කුමන්ත්‍රණකාරි ලෙස සමගි ජනබලවේගයට ප්‍රහාරයක් එල්ල කරන්න මෙම පැමිණිලිකරුව කවුරුන් හෝ භාවිතා කර තිබෙනවා. ඒසේත් නැතිනම් මෙම පැමිණිලිකරු ඔහුගේ පෞද්ගලික උවමනාවක් වෙනුවෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම අල්ලස් පනත අනුව කාට හෝ බෝරු චෝදනාවක් ඉදිරිපත් කළානම් ඒ් චෝදනාව ඉදිරිපත් කළ පුද්ගලයාට විරුද්ධව අල්ලස් කොමිසමට ක්‍රියාමාර්ග ගත හැකියි. ඒ් වගේම පුද්ගයන්ගේ චරිත ඝාතනය කරන්න , අත්මගරුත්වය නැති කරන්න , කිර්තිමාවය කැලලක් වන ලෙස කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව වහාම නිතිය ක්‍රියාත්මක කළ යුතුයි.

ඒ වගේම මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයා සමගි ජනබලවේගයේ පුද්ගලයෙක්. ඒ් වගේම එම පුද්ගලයා පිළිබඳව කොළඹ ජනතාව හොදින්ම දන්නවා. ඒ් වගේම මෙම පුද්ගලයාට 2023 පැවැත්විම නියමිතව තිබුණ පලාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාදුන්නේ නෑ. ඔහුට නාම යෝජනා නොලැබෙන්න නොයෙකුත් කාරණා රැසක් බලපෑවා. ඒ් තරහා පිරිමහන්න තමයි ඔහු දිගින් දිගටම පක්ෂයට සහ අපේ මන්ත්‍රීවරුන්ට විවිධ චෝදනා එල්ල කරන්නේ. ඒ් වගේම පැමිණිලිකරුකරුට විරුද්ධව මම 2024 දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පවරනවා. එහිදි මට මිලියන 500 ක් ගෙවන ලෙස බොරු චෝදනා එල්ල කළ පැමිණිලිකරුට නියෝගයක් ලබාදී තිබෙනවා. මේ තින්දුව ලබාදි තිබියදීත් ඔහු උසාවියට අපහාස කිරිම නිසා ඔහුට විරුද්ධව මම නඩුවක් ගොනු කරන්න කටයුතු කරනවා.

ඒ් වගේම රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් සමගි ජනබලවේගය සෑම අවස්ථාවකම පෙනී සිටිනවා. ඒ් නිසා මාධ්‍ය සදාචාරයට ගරු කරන්න මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය හසුරුවන්නන් කටයුතු කළ යුතුයි. ලිපිනයක්වත් නැති පුද්ගලයෙක් අසත්‍ය චෝදනා එල්ල කරන අවස්ථාවක ඒ්වා මාධ්‍ය තුළ පළකිරිම පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ඒ් වගේම ඇතැම් සමාජ මාධ්‍ය හසුරුවන්නන් මාධ්‍ය සදාචාරයට අනුව කටයුතු කරන්නේ නැතිනම් අපිටත් ඔවුන් සම්බන්ධයෙන් නිතිමය ක්‍රියාමාර්ග ගැනිටම සිදුවෙනවා. ඒ් වගේම සොයා බලන්නේ නැතිව , කියන දේවල් සත්‍යයද කියන දේවල් සොයන්නේ නැතිව සමාජ මාධ්‍යවල පල නොකරන ලෙස මම සමාජ මාධ්‍ය හසුරුවන පිරිසගෙන් ඉල්ලා සිටිනවා.

ඒ් වගේම කොළඹ මහ නගර සභාවේ සිටින විපක්ෂයේ සභිකයන්ගෙන් අද්දැකිම් තිබෙන , නගර සභාවේ කමිටු වල සිටි , නගර සභාවේ දීර්ඝ කාලයක් කටයුතු කළ , කොළඹ නගර ගැන හොද අවබෝධයක් තිබෙන , දේශපාලන අවබෝධයක් තිබෙන සුදුසුම පුද්ගලයා වන්නේ රීසා සරූක් මහතා. ඒ් නිසා ඔහු කොළඹ පුරපති තනතුරට යෝජනා කර තිබෙනවා. ඔහුව පත් කරගැනිමේ වගකිම තිබෙන්නේ සභාවට තේරී පත්වී සිටින සභිකයන්ට. සභිකයන්ගේ බහුතර කැමැත්තෙන් තමයි නගරාධිපතිවරයා පත් වෙන්නේ. ඒ් අනුව බහුතර කැමැත්ත සමගි ජනබලවේගයට ආවෝත් අපි ඉදිරිපත් කර තිබෙන සභිකයා පත් වෙනවා. එහෙම නැති වුණොත් ආණ්ඩුව ඉදිරිපත් කරන සභිකයා පුරපති ලෙස පත්වෙනවා. ඒ් වගේම කිසිම සභාවක ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා දෙයක් නෑ.

ඒ වගේම ආණ්ඩුව ශ්‍රීලංකන් ගුවන්සේවයට එයාර්බස් ගුවන්යානය අද ශ්‍රී ලංකා ගුවන් යානය අරගෙන තිබෙන්නේ ලිසිං ක්‍රමයකට. ශ්‍රීලංකන් ගුවන්සේවය පාඩු ලබන ආයතනයක් බන ආණ්ඩුවේ පිරිස් විපක්ෂයේ සිටින කාලයේ ප්‍රකාශ කළා. කෙසේ නමුත් රජයේ සහ පෞද්ගික අංශය එකතු වෙලා ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉදිරියට පවත්වාගෙන යා යුතු බව අපි යෝජනා කළා. වර්තමාන ආණ්ඩුවත් ඒය පිළිගත්තා. පසුව ආණ්ඩුව තින්දු කළා ශ්‍රීලංකන් ගුවන් සමාගම පෞද්ගලිකරණය කරන්නේ නෑ කියලා. ඒ් හරහා රටේ ජනතාවගේ විශාල බදුමුදල් ශ්‍රීලංකන් ගුවන් සමාගම නඩත්තුව සඳහා යෙදවිමට සිදුවී තිබෙනවා. රටේ අත්‍යාවශ්‍ය ආහාර සඳහා , ඖෂධ සඳහා , විදුලිබිල සඳහා , ඉන්ධන සඳහා විශාල බද්දක් අය කරලා ආණ්ඩුව බංකොලොත් වුණ
සමාගමක් නඩත්තු කරන්න ආණ්ඩුව බදු මුදල් වැය කරනවා. ඒ් මුදල් වලින් ගුවන් යානයකතුත් ආණ්ඩුව ලිසිං ක්‍රමයට අරගෙන තිබෙනවා. ඒ් ගුවන් යානය අද ජනතාවට ප්‍රදර්ශනය කරන්න ආණ්ඩුව කටයුතු කරලා තිබුණා. ලංකාවේ මිනිස්සු ගුවන් යානයක් දැකලා නැති තත්ත්වයකට අද ජනතාව පත් කරන්න ආණ්ඩුව උත්සහ ගනිමින් සිටිනවා. ආණ්ඩුවේ මෙවැනි කටයුතු වලින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බෑ. ඒ් වගේම රට ඉදිරියට ගෙන යන්න බෑ. ගුවන් යානා පෙන්වලා රටේ සෑබැ ප්‍රශ්න යටපත් කරන්න ආණ්ඩුවට හැකියාවක් නෑ. ඒ් වගේම කිසිම දවසක ගුවන් යානයක ගිහින් නැති අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් තමයි ආණ්ඩූවේ මෙවැනි වැඩ කරන්නේ.

SendShareShare
Previous Post

ඇතුළට යන කට්ටිය දන්නේ අධිකරණ ඇමැති! ඒක එයාගෙන් අහන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

Load More
Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

සලේ නිසා සැලෙන්නෝ බරපතළ ආර්ථික, සමාජ ප්‍රශ්න රැසක් මධ්‍යයේ වුවද පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ ප්‍රධානම මාතෘකාව වූයේ පාස්කු...

Read more
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.