• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පියුමි හංසමාලිගේ පුතා ඇතුළු සවල් චණ්ඩින්ගෙන් රාජගිරියේදී ගුටි කෑ කොල්ලාගේ මව එළියට එයි! මගේ දරුවා ඒ වෙලාවේ මැරුණා නම් පියුමි හංසමාලි ඔහොම දුක්ගැනවිලි ෆේස්බුක් එකේ දායිද? ගුටි කාපු විදිහ ඒ වෙලාවෙ දැක්කා නම් මගේ පපුව පැළිලා මැරෙනවා! VIDEO I Sri Lanka Latest News

February 13, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
පියුමි හංසමාලිගේ පුතා ඇතුළු සවල් චණ්ඩින්ගෙන් රාජගිරියේදී ගුටි කෑ කොල්ලාගේ මව එළියට එයි! මගේ දරුවා ඒ වෙලාවේ මැරුණා නම් පියුමි හංසමාලි ඔහොම දුක්ගැනවිලි ෆේස්බුක් එකේ දායිද? ගුටි කාපු විදිහ ඒ වෙලාවෙ දැක්කා නම් මගේ පපුව පැළිලා මැරෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තරුණයෙකුට තවත් තරුණයින් පිරිසක් විසින් සවලකින් පහර දෙනු ලබන වීඩියෝවක් ඉකුත් දා සමාජ මාධ්‍ය පුරා සංසරණය වීමෙන් පසුව ලද පැමිණිල්ලකට අනුව එම පහර දීමට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.Sri Lanka Latest News

මෙම පහර දීමට අදාළව ප්‍රසිද්ධ නිරූපණ හා රංගන ශිල්පිනියකගේ පුත්‍රයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවේ.

ඒ හේතුවෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩි පිරිසකගේ අවධානය යොමුව ඇති අතර, එහි පසුබිම පිළිබඳව සොයා බැලීමට බීබීසී සිංහල පහර කෑමට ලක්වූ තරුණයාගේ මව සම්බන්ධ කර ගත්තේ ය.

පහර කෑ තරුණයාගේ මව පවසන්නේ කුමක් ද?

මෙම සිදුවීම මීට මාස දෙකකට පමණ ඉහතදී සිදුවූවක් බව තරුණයාගේ මව ආර්.වී.එම්. රාජමන්ත්‍රී බීබීසී සිංහල වෙත කියා සිටියා ය.

“යාළුවෙක් එක්ක බයික් එකට කෑල්ලක් ගේන්න ගියේ. වැස්ස නිසා තමයි රාජගිරියේ, අඹගහ හන්දියේ ගැරජ් එකක් ගාව නතර වෙලා තියෙන්නේ. නතර වෙලා ඉද්දි තමයි ගැරජ් එක ඇතුළට ඇදගෙන ගිහිල්ලා ගහලා තියෙන්නේ.”

මෙසේ පහර දීමට හේතු වී ඇත්තේ පහර කෑ තරුණයාගේ මිතුරන් පිරිසක් මීට ඉහතදී පහර දුන් තරුණයාගේ යතුරු පැදියකට කකුලකින් පහර දීමේ සිදුවීමක් බව ඇය පැවසුවා ය.

‘මම ගිහිල්ලා සාමදාන කළා’

මෙම සිදුවීමෙන් අනතුරුව, පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මව සමාජ මාධ්‍ය ඔස්සේ දැක ඇති අතර පසුව ඒ පිළිබඳව තම පුත්‍රයාගෙන් විමසා දෙපාර්ශවය සාමදාන කළ බව ආර්.වී.එම්. රාජමන්ත්‍රී සඳහන් කළා ය.

කෙසේ වෙතත්, තමන් සමාජ මාධ්‍යවල දුටු වීඩියෝව තම පුත්‍රයාට “අමානුෂික ලෙස පහර දෙන” කොටස් නොතිබූ බව ඇය පැවසුවා ය.

“මාස දෙකකට කලින් වෙච්ච සිද්ධියක් නේ මේක. එතකොට මම ගිහිල්ලා සාමදාන කළා. එහෙම වෙන්න මම සිද්ධිය දැනගත්තේ ඒ ටික්ටොක් වීඩියෝ කෑල්ලෙන්. ඒක එදා ම අයින් කළා. මම ඒ ළමයි හොයලා ඒ අයට කතා කරලා ඒක අයින් කළා.”

‘නිරූපණ ශිල්පිණියගේ පුතා ෆේස්බුක්හි පළ කළ වීඩියෝව’

එම සිදුවීම එසේ අවසන් වී තිබිණි. එවැනි පසුබිමක තම පුත්‍රයාට “ආමනුෂික ලෙස” පහර දෙන වීඩියෝව සාමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත්තේ, ප්‍රශ්නගත නිරූපණ ශිල්පිනියගේ පුත්‍රයා යැයි පහර කෑමට ලක්වූ තරුණයාගේ මව බීබීසී සිංහල වෙත පැවසුවා ය.

“එයා මගේ ළමයාට කතා කරලා කිව්වා ලු උඹ දේවාල පාරේ නේද, උඹට හොඳ වැඩක් කරන්නම් කියලා. එහෙම කිව්වා ම අපේ ළමයා කිව්වා ලු උඹ කරලා බලපන් කියලා. ඊට පැය දෙකකට විතර පස්සේ තමයි ඔය වීඩියෝ එක දාලා තියෙන්නේ.”

පහර දෙන අවස්ථාව රූගත කර ඇත්තේ ද පහර දුන් තරුණයාගේ පාර්ශවයෙන් බව ද ආර්.වී.එම්. රාජමන්ත්‍රී පැවසුවා ය.

‘බලන්න බෑ මගේ දරුවාට ගහන ගැහිල්ල’

එම වීඩියෝව පහර කෑ තරුණයාගේ මවගේ මිතුරියක විසින් පෙන්වනු ලැබීමෙන් අනතුරුව ඇය ඒ පිළිබඳව නීත්‍යනුකූල පියවර ගෙන තිබේ.

“කොල්ලෝ කොලු කාලේ ගහගන්නවා, රණ්ඩු වෙනවා. මම එහෙම හිතුවේ. මේච්චර දෙයක් කියලා දන්නේ නැහැ. එහෙම දන්නවා නම් පපුව පැලිලා මැරෙනවා මුලින් ම දැනගත්ත වෙලාවේ.”

“මම තමා වීඩියෝ එක දැක්කේ නෑ හරියට ගහන. මට තාම බලන්න බැහැ. බලන්න බෑ මගේ දරුවාට ගහන ගැහිල්ල. එච්චර හයියක් මගේ දරුවාට ගහන්න. ඒ ගුටි කාගෙන හිටපු එක, ජීවතුන් අතර ඉන්න එක.

“ඒ ගහන එක වීඩියෝ කරලා. ඒක හංගගෙන ඉඳලා, ඒක දාලා. ඇයි මෙහෙම කරන්නේ මේ දරුවෝ. මගේ දරුවාට පාරේ බැහැලා යන්න විදිහක් නැති කළා. මට රස්සාව කර ගන්න නැති කළා. ඇත්තට ම මට හරි ම දුකයි, මම කාටවත් කිව්වේ නැති වුණාට,” ඇය සංවේදී වෙමින් බීබීසීය වෙත පැවසුවා ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිරූපණ ශිලිපිනියක වන පියුමි හංසමාලි ෆේස්බුක්හි තබා තිබූ සටහනක්
ඡායාරූප ශීර්ෂ වැකිය,මෙම සිදුවීම සම්බන්ධයෙන් නිරූපණ ශිලිපිනියක වන පියුමි හංසමාලි ෆේස්බුක්හි තබා තිබූ සටහනක්

‘මගේ දරුවා මළා නම් පියුමි හංසමාලි ඔය දුක්ගැනවිලි දායි ද ෆේස්බුක් එකේ?’

“මම දන්නේ නැහැ මගේ දරුවා කොහොම දරාගෙන හිටියා ද කියලා ඔය ගුටි ටික. එක පාරක් ද දෙකක් ද, අර ත්‍රීවිල් එක වටේ දුවනවා, ‘නෑ මම නෙමෙයි අයියේ මම නෙමෙයි’ කියලා, ඒ කියද්දි අර සවලෙන් ගහන්නේ.

“අද මගේ දරුවා මළා නම් පියුමි හංසමාලි ඔය දුක්ගැනවිලි දායි ද ෆේස්බුක් එකේ. මම කාගෙත් එක්ක ද ෆයිට් කරන්නේ දෙයියනේ එහෙම වුණොත්. මගේ ළමයා ඔය ෂොට් එක පියුමි හංසමාලිගේ ළමයාට ගැහුවා නම් මගේ ළමයා ජීවතුන් අතර ඉඳී ද. මට කෝටියක් දුන්නත් වටිනවා ද දරුවා තරම්. මම දහදුක් විඳලා හදාගත්ත දරුවෝ මේ,” යැයි ඇය තවදුරටත් පැවසුවා ය.

සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ, පුද්ගලයෙකුට සවලකින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි 9 වන දා වැලිකඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙබරවාරි 11 වන දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

බොරැල්ල, වත්තල හා කොලොන්නාව ප්‍රදේශවලින් පුද්ගලයන් 5 දෙනෙකු සහ අනතුරුව වැලිකඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එම නිවේදනයේ සඳහන් විය.

සැකකරුවන් අවුරුදු 15ත් 24ත් අතර පසුවන රාජගිරිය, බොරැල්ල, කොලොන්නාව හා වත්තල පදිංචිකරුවන් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

අදාළ සැකකරුවන් පෙබරවාරි 11 වන දා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 16 වන දා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමටත්, සැකකරුවන් දෙදෙනෙකු මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට සහ ඉතිරි සැකකරුවන් රක්ෂිත බන්ධනාගරගත කිරීමටත් මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය නියෝග කළේ ය.

BBC සිංහල

SendShareShare
Previous Post

දේශබන්දුව පොලිස්පති කරන්න ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය දෝෂ සහිතයි! ජනාධිපති අනුර දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි! පෙත්සම් විභාගය අවසන් කරන්න අධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

පාවිච්චි කරන සිම් එක තමන්ගේ නමට රෙජිස්ටර් කරලා නැති මිලියනයක ගොඩේ ඔබත් ඉන්නවාද? මෙන්න ඒ සිම්වලට කරන්න යන දේ! මියගිය අයගේ සිම්වලටත් අලුත් වැඩක් කරන්නයි යන්නේ! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.