• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

‘ඊළාම්’ නම ගෙනා සුද්දගෙ නිදහසට කලින් තිබ්බ ‘ඊල ඌර්’! බලාපොරොත්තු නොවූ අමුතුම ඇඩ්වෙන්චර් එක!

December 26, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
‘ඊළාම්’ නම ගෙනා සුද්දගෙ නිදහසට කලින් තිබ්බ ‘ඊල ඌර්’! බලාපොරොත්තු නොවූ අමුතුම ඇඩ්වෙන්චර් එක!
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාවේ පාරිසරික දත්ත පිළිබඳ මනා අවබෝධයක් ඇති කෙනෙක් නම් දන්නවා ඔන්න වනාන්තර සිතියමේ වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඉන්නේ උතුරු පළාත හා ඒ අවට ප්‍රදේශය බව. ඒ අතරින් යාපනේ සිට මන්නාරම දෙසට සංගුපිට්ටි පාලම පසුකර පූනගරී වෙත ධාවනය කරන කල මාර්ගයේ දෙපස ඇති අපූරු වන ඝනත්වය දැකබලාගත යුතුමය. මන්නාරම – පූනගරී ප්‍රධාන මාර්ගයේ පැල්ලවරායන්කට්ටු සන්ධියට නුදුරු කිලෝමීටර් හතක් අටක් පමණ ඇතුළින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි වේරවිල් නම් සුන්දර ග්‍රාමයකි. පෙරදා නම් මේ ඉසව්ව ගොවි බිම්වලින් සශ්‍රීක වූ ප්‍රදේශයක් මෙන්ම පසෙකින් වූ ඉන්දියන් සාගරය නිසා සමුද්‍ර සම්පත්වලින්ද ස්වයංපෝෂිත විය. නමුත් ‘කොළඹට කිරි අපිට කැකිරි’ යන අපූරු කියමන පසක් කරමින් පවුල් සියයකට වැඩියෙන් ජීවත්වන මේ ග්‍රාමයට ඇත්තේ දශක තුනක යුද්ධයටත් එහා කාලසීමාවක සිට හිමිවූ රතු පස් සහිත මාර්ගයකි.’

ඔන්න මේ කතාව පටන්ගන්නේ වේරවිල් ඉඳන්. උඳුවප් මහේ එන නත්තල් සුළඟට වේරවිල් යන පාරේ රතු පස්වලින් මගේ පෙට්‍රල් දඬුමොනරෙ හොඳටම නෑවිලා. කිසි අතුරු අන්තරාවක් නැතිව මේ ගමන යන්න අපිට පිහිට දුන්නේ මේ අඩවියට දිවැස් හෙලන වයිරවර් දෙයියන්. ඒ ඇරෙන්න අපේ දියවන්නා ඔය මැද පාර්ලිමේන්තුවේ ඉඳන් පිස්සු කෙළින නාකි අයියලා සෙට් එක නෙවේ. මොකද මේ පළාත්වල උදවිය 1948 නිදහසෙන් පස්සේ සංවර්ධනය කියන දේ දැකලම නෑ.
ඉර මුදුන්වෙලා හෝරා දෙකක් පහුවෙලා. ගමනාන්තය කලින් කිව්ව පරිදි වේරවිල් නැත්නම් ඊළාම් කියන අපූරු නම හැදුණු ඊල ඌර්. මේ අවට ගම්මාන තමා පාලාවි, පොන්නාවලී, වලෙයිපාඩ්ඩු, කිරාන්චි. නමුත් සුද්දගේ නිදහසට කලින් ඒ කියන්නේ 1930 වගේ මේ පළාතට කියල තියෙන්නේ ‘ඊල ඌර්’ කියලා. ඒකට හේතුව තමා දෙමළ සාහිත්‍ය ඉතිහාසයේ තිබූ සංඝ කාලේ මහා කිවි ‘ඊලත්ත පූදන් දේවනාර්’ ජීවත්වූ භූමිය මෙයයි. ඒ වගේම ලංකාවට කලින් කියලා තියෙන්නේත් ‘ඊළම්’ කියලා. තවත් අපූරූ කතාවක් තමා ඔන්න යාපනේ රාජධානිය සමයේ මේ පළාත හඳුන්වලා තියෙන්නේ ‘වෙලිනාඩු’ කියලා. ‘වෙලි’ කියන්නේ පිට (දෙරුසටබ) කියන එකයි. ‘නාඩු’ කියන්නේ රටක් කියන එකයි. ඒ කියන්නේ කලින් වේරවිල් කියන්නේ පිටරටක් බවයි. යාපනේ පිහිටි ඩෙල්ෆ්ට් පුන්කුඩතිව් දූපත්වල සිටි උදවිය පවා විවිධ කාලසීමාවලදී මෙහි සේවයට බොහෝ උදවිය ගොස් ඇත. ඒ කියන්නේ යාපන අර්ධද්වීපය අවට වූ සියලු දූපත්වලට බෝට්ටු හරහා පිවිසිය හැකි පහසු මාර්ගයකි. වාර්ෂිකව කච්චතිව් දූපතේ ඇති දේව මෙහෙයට මේ ප්‍රදේශවල වූ කතෝලික බැතිමතුන්ද සහභාගි වන බව තමා දැනගන්න ලැබුණේ.

මේ ඊල ඌර්වල තිබ්බ ස්වයංපෝෂිත ආර්ථික ‍රටාව නිසාම ඒ කාලේ ඉන්දියාව සමග මෙන්ම යාපන අර්ධද්වීපය සමග යහමින් සහල් එළකිරි ආදී වූ භවභෝගයෙන් ගනුදෙනු සිද්ධ කර තිබෙනවා. ඒ කාලේ ලංකාව යටත් කරගන්න ආව පෘතුගීසිකාරයා පවා තම ආගමික ප්‍රචාරය උදෙසා සන්ධිස්ථානයක් බවට පත්කරන් තියෙන්නේ මේ ඊල ඌර්. මොකද මේ ප්‍රදේශයේ ජන ඝනත්වය අධික වූ නිසාවෙන්ලු. තවත් දෙයක් අපි කවුරුත් දන්න ආර්මුග නාවලර්තුමා පවා පොන්නාවලී වේරවිල් කියන ග්‍රාමීය ප්‍රදේශ සමග බොහෝ සමීපව කටයුතු කරලා තියෙනවා. නාග කාලයේ සිට පුරාවිද්‍යා උරුම රැසක් තවමත් පාංශු ස්ථර තුළ නිදා සිටින භූමියක් තමා මේ ඊල ඌර්.

යාපනේ තිබූ විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන කන්කසන්තුරේ සිමෙන්ති කම්හල වැසීගිය කලක මුහුදට බොහෝ ආසන්න 1964 සිදුවූ සුළි සුළං ආපදාව නිසා මිනිස් ඝනත්වය බොහොමයක් අඩු හුනුගල් පාෂාණ ඇති පොන්නාවලීහි නැවත සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මුල්ගල් තැබූවද එයින් ඇතිවන පරිසර හානිය නිසා එය ක්‍රියාත්මක නොවූයේ යහපත් පරිද්දෙනි.
දැන් තුනේ හෝරාවත් පහුවෙලා. ආයෙත් රතු පස් පාරේ වළවල්වල වැටි වැටී යන්න කාරි නෑ. ළඟම පාර මහා ඝන වනාන්තරයක් නැත්නම් ‍රක්ෂිතයක් මැදින් මන්නාරම ් 32 පාරට යන කැලෑ පාර.

මේ පාරේ නම් වළවල් නැති එකයි අඩුව. ඒත් තැනින් තැන වතුර පිරුණු දියකඩිති. දෙපැත්තෙන්ම මහ කැලේ. පොත්ත ඝන, පත්‍ර වැඩි කොළ පාටට හුරු ස්වභාවයකින් වූ ශුෂ්ක කලාපීය වීර, පළු ගස් නම් ඕසේට. ඔබමොබ හැසිරෙන මුවෝ, ගෝන්නු, වල් ඌරෝ යහමින් ඇති. ඒත් දැක්කේ තැනින් තැන පෙරදාක අලියන් දමා ගිය අපූරු මං සලකුණු අලි බෙටිය.
මගේ වචනයෙන් කිවහොත් කැමරා බඩු උස්සාගත් මගේ සගයා හා මා හැරුණු කොට මිනිස් පුළුටක් හෝ බලු බල්ලෙක් නැත. ඇත්තේ පෙනෙන නොපෙනෙන මානයේ ගල් බොරළු පිරි පාරක් සමග නොනවත්වා දිවෙන කැළේ පමණි. අලියෙක්ගෙන් පණ කෙන්ද රැකගෙන දඬුමොනරේ රෝදත් රැකගෙන එහෙනම් කඩා බිඳගෙන වන මැදින් එළියට යා යුතුය.
මොන වයිල්ඩ් ලයිෆ් ෆොටෝගැෆ්‍රිද?
අහෝ වයිරවර්……

ඔය ආසන්නයේ වූ කච්චතිව් දූපතේ භාරකාරීත්වය පිළිබඳවත් මේ නුදුරේදී බොහෝ ගැටලු ඇති වුණා. දිනෙන් දින බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය ගොඩ ඒමට උතුරුකරයේ ධීවරයන්ට අයත් කච්චතිව් දුපත බිලි දීමේ වෑයමක් පවතින බවට උතුරුකරේ ධීවර සංගම් බොහෝසෙයින් බිය පළකළේ එවන් පසුබිමකය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටීම නිසා පීඩා විඳින ජනතාවට සහන සැලසීමට ප්‍රතිඋපකාරයක් වශයෙන් කච්චතිව් දූපත ආපසු ලබාගැනීමට ඉන්දීය ආණ්ඩුව කටයුතු කරනු ඇති බවට එරට ධීවරයන් විශ්වාසය කරන උතුරෝ ධීවරයෝ කීප වතාමක්ම මාධ්‍ය හමු පැවැත්වූයේ ඒ නිසා විය හැකී.
මේ කච්චතිව් දූපත බි්‍රතාන්‍ය ජාතිකයන් 1815 දී අප රට සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමෙන් පසුව වසර 133ක පාලන කාලය තුළ බි්‍රතාන්‍යයන් සකස් කළ සිතියම් කිහිපයකට කච්චතිව් දූපත ඇතුළත් කර තිබුණා. ඒ අතුරින් එක් සිතියමක් ජෝන් ඇරෝස්මිත් 1857 දී නිර්මාණය කර තිබුණා. එම සිතියමේ කච්චතිව් යාපන අර්ධද්වීපයට අයත් දූපතක් බව දක්වා තිබුණා. බි්‍රතාන්‍ය ජාතික සිවිල් නිලධාරියෙක් වුණු සර් ජේම්ස් එමර්සන් ටෙනස්ට්ගේ 1860 දී ප්‍රකාශයට පත්කළ ‘සිලෝන්’ ග්‍රන්ථයේ අඩංගු වුණු සිතියමක දක්වා තිබුණේ කච්චතිව් දූපත ලංකාවේ උතුරු ප්‍රදේශයට අයත් වුණු බවයි.

තෙත් කලාපීය භූ විෂමතාවන්හි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ සොබාදහම් මාතාවගේ අපූරු අංගයන් වූ සේද සළු මෙන් කඩා හැලෙන දියඇලි, රුහිරු මෙන් ගලාබසින ඇළ දොළ ගංගා, පෙර මුතුන් මිත්තන්ගේ හඬ නැවත නැවත අවදි කරමින් කවි ගී ගයන සියොතුන්ද හරිත කඳුවැටි පසුකර නිම්නයේ සිට ශුෂ්ක කලාපීය කඨෝර ග්‍රීෂ්ම වනපෙත් මැදින් සංචාරයේ පියසටහන් තැබීමට මගේ ගමන ආරම්භ කර සිවු වසක් අහවර වී ඇත. ඒ සංචාරයන් නැවත ආවර්ජනය කරන කල්හි මා මතකයට එන්නේ අලිමංකඩ පසුකර ඇදෙන යාල්දේවී, යාපනේ නිහඬ නගරය වූ කරෙයිනගර්, පන්නායී කෝස්වේට නුදුරු මන්ඩතිව්, යටත්විජිත මංසලකුණු ශේෂ වූ කයිට්ස්, කැලෑ අශ්වයන්ගේ භූමිය වූ නෙඩන්තීව් හා ලංකාදීපයේ කෙළවර කන්කසන්තුරේ හරහා පේදුරුතුඩුව ආදියයි. නමුත් මා මෙවන් ස්ථාන දැක ඇතත් මගේ පන්හිඳ එතරම් ශක්තිමත් වූයේ නැත.

හරිත නිම්නයේ වූ කඳු වැටි අතරින් හමා එන සිසිල් මඳ පවන අදටත් ඔබලාට නම් උරුමය. නමුත් විඩාබර මා ගත සොම්නසින් වැලඳගන්නේ ගව් ගානක් ඈත මහා සාගරයේ සිට හමා එන ලවන මුසුවූ කඨෝර සුළඟක්ය. නමුත් දැන් නම් එය මට බොහෝ හුරු පුරුදුය. වර්ෂ ගණනකට මත්තෙන් ඔබ මෙහි පැමිණියේද?
මෙහි පැමිණි කල ඔබගේ නෙත ගැටුණු හිස සුන් මෙන්ම, කය විච්ඡේදනය වූ තල් රුක් වෙනුවට අද දස අත ඇත්තේ මනු දරුවන් තම ශරීර ධාතුව භූමිදානය කලා වූ සාරවත් පසේ පීදී දලුලන්නා වූ ළපටි තල් රුක්ෂයෝය. ගව් ගානකට විහිදෙන කිරිවැදුණු කුඹුරු ඉඩම්ය. මන්ද ඔවුන් මේ භූමියට ප්‍රේමයෙන් මිහිදන් වූ උදාරතර පුත්‍රයෝ මෙන්ම දියණිවරු වූහ.

එසේ නම් සංවර්ධනයේ කලඑළිය මේ පළාත්වලටත් ලැබිය යුතුමය. මන්ද මොවුන්ද රටේම එක් මිනිසුන් කොටසකි. මේ ගම්මානවලින් ගුරුවරුන්, රාජ්‍ය සේවකයන්, මාධ්‍යවේදීන්, හෙද සේවක සේවිකාවන් ආදී විවිධ ක්ෂේත්‍රයන්හී කටයුතු කරන උදවිය බිහිවි ඇත.
එසේ නම් මේ මා දුටු හෙළිකළ යුතු තවත් එක් අනාවරණයකි.

විදුනි බස්නායක / ශර්මිලා විනෝදිනී

SendShareShare
Previous Post

නත්තල් වේදිකාවේ සිංදු කියමින් සිටි ජනප්‍රිය ගායක ඉඳුනිල් අන්දරමානට ගල් ගහයි! ‘මට වැදුනු පළවෙනි ගල මේක! බොහොම ස්තූතියි! සුබ නත්තලක්! ලේ පෙරෙන ගමන් හැමෝටම සුබ පතමින් ඉඳුනිල් වේදිකාවෙන් බහී! (VIDEO)

Next Post

මෙහේ හාමුදුරුවරු V8-බෙන්ස් පදින ඒවයෙ ෆොටෝ දානවා! තිත්තගල්ලේ හාමුදුරුවො ඊජිප්තු ගිහින් එහේ ක්‍රමයට කේක් කපලා උපන්දිනේ සමරපු හැටි ෆොටෝ දාලා තිබ්බෙ මෙහෙමයි! (VIDEO)

MORE NEWS

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News
Exclusive

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

Load More
බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News
Exclusive

බස් ඩ්‍රයිවර්ලා ‘අයිස්’ ගහලා බස් එළවනවා! ටියුෂන් ගුරුවරුත් ‘අයිස්’ ගහලා ළමයින්ට උගන්වනවා! රටකට යන කලක්! I Sri Lanka Latest News

හොරණ නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන⁣ ස්ථානයක හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 250ක් සමගින් හොරණ මූලස්ථාන පොලිසිය මගින්...

Read more
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.