ඉන්දියාවේ එක්තරා දේවාලයක වෙසෙන සුවිශේෂ වඳුරෙකු වන්දනාමාන කිරීමට වර්තමානය වනවිට අතිවිශාල බැතිමතුන් පිරිසක් පුරුදුව සිටිති. මෙම සත්වයා හුදෙක් සතෙකු නොව දේව ආත්මයක් සහිත බලගතු බලවේගයක් බව විශ්වාස කරන බැතිමතුන් පවසන්නේ, මෙම වඳුරාගෙන් ලැබුණු ආශීර්වාදය හේතුවෙන් වසර ගණනාවක් දරු සම්පත් අහිමිව සිටි බොහෝ පිරිසකට දරුපල හිමි වූ බවත්, අඩපණව තිබූ ව්‍යාපාර කටයුතු දියුණු වී සාර්ථක වූ බවත්ය. තරමක තේජාන්විත මෙන්ම ආඩම්බරකාරී ස්වරූපයකින් පසුවන මෙම වඳුරා තමන් අසලට පැමිණෙන පිරිස් වෙත ආශීර්වාද කරන අයුරු දැකගත හැකි අතර, මොහුගේ හාස්කම් පිළිබඳ පුවත පැතිර යාමත් සමග දිනපතා දහස් සංඛ්‍යාත පිරිසක් දේවාලය වෙත ඇදී එති.










