ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් අමතරව රුපියල් කෝටි 875 ක පරිපූරක මුදලක් ගෙවිය යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.Sri Lanka Latest News
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමැතියට ලබන 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනෙකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය ගන්නා ඕනෑම ණය මුදලකින් හෝ මෙම මුදල ගෙවිය යුතු බවටද එම යෝජනාවේ සඳහන්වේ.
මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇතැයිද සඳහන්වේ.
යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. -ලංකාදීප










