• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල පිල රාජපක්ෂවරුන්ගේ බළකොටුවෙන් වැඩ පටන් ගනී! පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලපු මන්ත්‍රීවරු 21ක් වේදිකාවට නගී! අපි ආණ්ඩුවක් හදනවා! VIDEO I Sri Lanka Latest News

June 10, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ පළමු මහජන රැළිය පසුගියදා අම්බලන්තොට නගරයේ දී පැවැත්විනි.Sri Lanka Latest News

දිනූම රටට – එක්ව පෙරට ‌තේමාව යට‌තේ පැවැති මෙම මහජන රැළියේ විශේෂත්වය වුයේ විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 21 දෙනෙක් සහභාගි වී සිටීමයි. එමෙන්ම දැනට විදේශගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 05 දෙනෙක් මෙම සන්ධානය සමග ඉදිරියේ දී එක්වන බවට දැනුම් දී තිබිනි.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමට අන් කිසිදු දිස්ත්‍රික්කයකින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සහභාගි නොකළ අතර මීට සහභාගි වූ සියලුම ජනතාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වූහ.

අනෙකුත් දිස්ත්‍රික්කවලින් ජනතාව සහභාගි කරවීමට අවස්ථාව දෙන ලෙස සෙසු මන්ත්‍රීවරු ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප කළ මහින්ද අමරවීර මහතා මෙම රැස්වීමේ සියලු බර දරන ලද්දේය.

මෙම රැස්වීමට සහභාගි වූ සියලුම කථිකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හඳුන්වනු ලැබීය.

මෙම රැස්වීම පස්වරු 2.30ට පමණ ආරම්භ වූ අතර පස්වරු 05 දක්වා පැවැත්විනි.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, ලසන්ත අලගියවන්න, මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී ඒ. එච්. මුෂාරෆ්, අලි සබ්‍රි, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක, ජෝන් සෙනවිරත්න, උදයකාන්ත ගුණතිලක, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මන්ත්‍රීවරු 21ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් ඇතුළු සංවිධායකවරු 100ක් මෙම රැස්වීමට සහභාගි වූහ.

මෙහිදී අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.

නව සන්ධානයේ පළමු රැලිය ඉතාමත්ම සාර්ථකයි. අද විශාල ජනකායක් මෙම රැස්වීමට සහභාගි වී සිටිනවා . මෙම රැලිය සංවිධානය කිරීම ගැන මම මහින්ද අමරවීර මහතාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හිටලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා මෙම කණ්ඩායම පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම වැරදි තීරණයක්. ඒ අය ඉවත් කළේ පොහොට්ටුවෙන් මගේ අත්සනින් පත් කරපු සමහර මන්ත්‍රීවරුන්ගේ උපදෙස් නිසා. ඒ නිසා ඉදිරියේ දී හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්. ඒ සම්බන්ධව මම තීරණයක් ගන්නවා. දැන් ඒ පුද්ගලයෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියළා අභියෝග කරනවා. ඉදිරිපත් වෙලා බලන්න කියළා මම ඒ අයට අභියෝග කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මෙතැන රැස් වෙලා ඉන්න අපි සියලු දෙනාගේ මහ ගෙදරයි. අපි ඔක්කොම ශ්‍රී ලංකා කාරයෝ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පසුගිය කාලයේ ගැටළුකාරී තත්ත්වයක් තිබුනා. දැන් ඒ සියල්ල අවසන්. පොහොට්ටු පක්ෂය තුළ ඉන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය. ඒ නිසා අපි කිසිම කෙනෙකුට අපේ මහගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක අමතක කරන්න බෑ.

ඒ වගේම පසුගිය සියලු ජනාධිපතිවරණවල දී තීරණාත්මක බලවේගය වුනේ අපේ පක්ෂයයි. අපි ඉදිරිපත් කරපු ජනාධිපති අපේක්ෂකයා තමයි ජයග්‍රහණය කළේ. ඒ නිසා ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී අපි සහාය දක්වන ජනාධිපති අපේක්ෂකයා තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ වගේම ඉන්පසුව පැවැත්වෙන මහමැතිවරණයේ දීත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට වැඩි ආසන ප්‍රමාණයක් දිනා ගන්නවා. එහි පළමු සටන තමයි අද ඇරඹෙන්නේ.

වරාය හා ගුවන් සේවා අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා.

අද ‌ෙඑතිහාසික දිනයක්. ඒ වගේම අද ආරම්භ කළ මේ නව සන්ධානය ‌ෙඑතිහාසිකයි. විශේෂයෙන් රටේ වෙනසක් අපේක්ෂාවෙන් එක්වන පිරිසකගේ සන්ධානයක්.

මෙම සන්ධානය හදන්න තීරණය කළේ මීට බොහෝ කළකට පෙර. නමුත් අපේ පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සන්ධානය හැදීම දවසින් දවස කළ දැම්මා. ඒ විතරක් නෙවෙයි. පොහොට්ටුව ඇතුළු පක්ෂවල සියලු සාමාජිකයින් කිව්වේ මෛත්‍රිපාල සිරිසේන විශ්වාස කරන්න බෑ කියළා. ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන වැනි විශ්වාස කළ නොහැකි පුද්ගලයෙක් පක්ෂයේ නායකත්වයේ තියාගෙන කවදාවත් මේ සන්ධානය හදන්න බෑ කියළත් කිව්වා.

නමුත් අද සියල්ල අවසන්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ අපේ අතේ. ඒ නිසා දැන් සියලු දෙනා කිසිදු බිය සැකයකින් තොරව මේ නව සන්ධානයට ඇවිත් තියෙනවා.

ඒ වගේම මේ රැලියට අනෙකුත් දිස්ත්‍රික්කවලිනුත් ජනතාව සහභාගි කරවන්න අවසර දෙන්න කියළා අපි මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලුවා. නමුත් එතුමා කිව්වා නෑ. හම්බන්තොට අපි පළමු රැලිය පවත්වන්නේ මගේ ශක්තිය පෙන්වන්න කියළා. එතුමා තමන්ගේ ශක්තිය පෙන්වලා තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව එතුමා කෙරෙහි කොපමණ විශ්වාසයක් තියෙනවාද කියළා අද මෙම මහජන රැළියෙන් පෙන්නුම් කරනවා.

ඒ වගේම අපි නව සන්ධානයේ මීලඟ රැස්වීම මොනරාගල හා ඉන්පසු බදුල්ල ආදි නශයෙන් හැම දිස්ත්‍රික්කයකම පවත්වනවා.

ඒ සියලු රැස්විම්වලට අපි එකින් එකට වැඩිවැඩියෙන් ජනතාව ගෙන්වන බව ද කියන්න කැමැතියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා.

අද මෙම මහජන රැලිය ගැන මම වචනයක් කියන්න වුවමනායි. දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නැති මහින්ද අමරවීර මහත්තයා අද දැවැන්ත වැඩක් අම්බලන්තොට මෙම රැස්වීමේ දී කර තිබෙනවා. ඇත්තටම දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නැති මහින්ද අමරවීර තමයි හම්බන්තොට වැඩ්ඩා කියළා මම ප්‍රකාශ කරනවා.

ඒ වගේම මෙම සන්ධානය අපි හදන්නේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුනින්. මෙතැන ජවිපෙත් සජබෙත් රැස්වීම් පැවැත්තුවා. හැබැයි මේ වගේ ජනකායක් නම් ඊට සහභාගි වුනේ නෑ. සජිත්ගෙයි අනුරගෙයි විවාදේ ගැන අපි බලාගෙන හිටියා. අන්තිමට අනුර ගිහින් ITN එකේ පාළු ගෙයි වළං බින්දා. සජිත් පැන්නා.

සජිත් අද ආර්ථිකේ ගැන කතා කරනවා. සජිත් දන්න ආර්ථිකයක් නෑ. යහපාලන කාලේ නිවාස සංවර්ධන ඇමැති විදියට මොනවද කළේ. ගෙවල් හදන්න කියළා සිමෙන්ති කොට්ට දෙක දෙක දුන්නා. සිමෙන්ති කොට්ට දෙකකින් ගෙවල් හදන්න පුළුවන් ද. අඩු තරමින් ගෙයක් හදන්න යන සිමෙන්ති කොට්ට ගණන ගැන නොදන්න මිනිහෙක්ට පුලුවන් ද රටේ ජනාධිපතිවෙලා රටේ ප්‍රශ්න විසඳන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා.

අද මෙම ජනහමුව පැවැත්වෙන්නේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය පෙන්වීම සඳහායි. මම කෙරෙහි හැමදාම විශ්වාසය තබා කටයුතු කරන හම්බන්තොට ජනතාවට පළමුව මම මගේ ප්‍රණාමය පිරිනමනවා.

මම ගත්ත කිසිදු දේශපාලනික තීන්දුවක් කිසි දිනෙක වැරදුනේ නැහැ. මම ඒ තීරණ ගත්තේ මගේ තනි කැමැත්තට නොවෙයි. තමුන්නාන්සේලා දන්නවා මම දේශපාලන තීන්දු හැම විටම ගත්තේ හම්බන්තොට ජනතාවගෙන් අහළා. තමුන්නාන්සේලා තමයි මම ගන්න තීරණය හරිද වැරදිද කියළා මට කියළා දෙන්නේ.

මීට අවුරුදු දෙක තුනකට පෙර රට තිබුනු තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා. ඉන්ධන පෝළිම්වල මිනිස්සු මැරුණා. ගෑස් පෝලීම්වල මිනිස්සු මැරුණා. රටේ දැවැන්ත ආහාර හිඟයක් තිබුනා.. සංචාරකයෝ නැති නිසා රටේ සියලු හෝටල් වැහුනා. අඩු තරමින් බෙහෙත් ටිකවත් ගන්න මුදලක් මහා භාණ්ඩාගාරේ තිබුනේ නැහැ. ඩොලර් මිලියන 50ක් හොයා ගන්න බැරිව වරායට ආපු තෙල් නැව් ආපහු හරෝලා ඇරියා.

පොහොර ටික නැතුව ගොවියෝ හිටියේ ගොවිබිම්වල නොවෙයි. මහපාරේ උද්ඝෝෂණවල.

පෙට්‍රල් ෂෙඩ් ළඟ සති ගණන් වාහන නවත්වාගෙන හිටියා. එහෙම වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බාර ගත්තේ. අපි එතුමාට සහයෝගය දුන්නා. අපි සජිත්ට, අනුරට කිව්වා අගමැතිකම බාර ගන්න කියළා. අපෝ බෑ කියළා පැනලා ගියා.

නමුත් අපි සහයෝගය ලබා දුන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා අද රටේ විශාල වෙනසක් කර තිබෙනවා. මේ යන ගමන වෙනස් කරන්න උත්සාහ කලොත් නැවතත් රට යළි ගොඩ නගන්න බැරි විදියට වැටෙනවා.

ඒ නිසා ඉදිරියේ දී ජනාධිපතිවරණය එනවා. ඊට පසු මහමැතිවරණය පැවැත්වෙනවා. රටේ පවතින ගැටළුවලට පිලිතුරු හොයන්න ඔය සමගි ජනබලවේගයට හෝ මාලිමාවට පුලුවන් කියළා අපි විශ්වාස කරන්නේ නැහැ.

මම මගේ වගකීම ඉටු කළාත 2022 රටේ මිනිස්සුන්ට කන්න දුන්නේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටක් පිටරටින් ගෙන්වලා. නමුත් 2023 හා 2024 වර්ෂාවල හාල් ඇටයක්වත් පිටරටින් ගෙන්වුයේ නැහැ. අද රටේ ජනතාව පරිභෝජනය කරන්නේ අපේ ම රටේ ගොවියෝ හදන සහල්. දැන් අපිට කෑමබීමවලින් හිඟයක් නෑ. රටට ඩොලර් එනවා. සංචාරකයෝ හෝටල්වල පිරිලා. වහපු හෝටල් සියල්ල ඇරළා.

ඉදිරියට ඒන්නේ රටේ සියලු දේවල්වල මිල අඩුවන යුගයක්. අමාරු කාලේ දැන් ඉවරයි.

අද මෙතැනට ආපු කිසිම කෙනෙක් බත් පැකට් එකට හෝ අරක්කු බෝතලේට ආපු අය නොවෙයි. තමන්‌ෙග් කැමැත්තෙන් ආපු අය. තමන්ගේ වියදමින් බස් ගාස්තු ගෙවාගෙන ආපු ජනතාව.

මෙම නව සන්ධානයට අද මන්ත්‍රීවරු 21 දෙනෙක් සහභාගි වුනා. ඒ වගේම විදේශගත ව සිටින තව මන්ත්‍රීවරු 05ක් ඒ අයගේ සහයෝගය පළ කර තිබෙනවා. ලබන සති කිහිපය තුළ මෙම නව සන්ධානයේ ශක්තිය ගැන ඒබට බලන්න පුළුවන්. තමුන්නාන්සේලා සිහිනෙන්වත් නොසිතන දේශපාලනඥයෝ පිරිසක් මේ නව සන්ධානයට එනවා. ඒ වගේම මෙම යුගයේ මෙතෙක් බිහි කළ දැවැන්තම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් අපි බිහි කරනවා

ඒ නිසා හැමදාම වගේ මා ගැන විශ්වාසය තබා කටයුතු කරන හම්බන්තොට ජනතාවට මගේ කෘතඥතාවය පළ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

මෙම රැලියේ දී අනුර ප්‍රියදර්ශන යාපා, ඒ. එච්. මුෂාරෆ් යන මහත්වරු ද අදහස් පළ කළේය.

SendShareShare
Previous Post

අයවැයෙන් වෙන් කරපු සල්ලි මදිවෙලා! ජනාධිපතිට තවත් රුපියල් කෝටි 875ක් වෙන්කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට! රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනෙකුත් ඕනෑම අරමුදලකින් හෝ රජය ගන්නා ඕනෑම ණය මුදලකින් ගෙවන්නලු! I Sri Lanka Latest News

Next Post

අමරවීරට හම්බන්තොටදී තරුණයෝ ‘හූ’ තියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.